Friday, September 23, 2016

කා(ර්)ල් බෙන්ස් - Karl Benz

වර්තමානයේ ලෝකය තුල ප්‍රවහන ක්‍රම විශාල ප්‍රමාණයක් පවතී.මිනිසා එදිනෙදා ජිවිතයේ තමාගේ නොයෙකුත් අවශ්‍යතා සදහා විවිධාකාර ප්‍රවහන ක්‍රම භාවිතා කලද තම පෞද්ගලික අවශ්‍යතා සදහා බහුලව භාවිතා කරන මෝටර්රථය අද ලෝකයේ කා අතරත් ජනප්‍රියමවාහනය වී හමාරය.වාෂ්ප බලයෙන් ක්‍රියත්මක වූ මොටර් රථයේ සිට විදුලිය බදු වේගයෙන් ගමන් කරන සුපිරි මොටර් රථ,පොසිල ඉන්ධන වෙනුවට විදුලි බලයෙන් ක්‍රියාත්මක මෝටර් රථ දක්වා අද වන විට මෙය විකාශනයවී හාමාරය.තමාටම කියා මෝටර් රියක් ලබා ගැනිම අප සැමගේ ආශාවක් වුවද මෙහි නිර්මාණකරු කවුරුන්දැයි සමහරුන් නොදන්නවා වෙන්නට ඇත.
කාර්ල් බෙන්ස් 1869 දී ලබාගත් ජායාරූපයකි
(වයස අවුරුදු 25 දී)
1844 නොවැම්බර් මස 25 වන දින ජර්මනියේ Mühlburg හීදි උපත ලද කාර්ල් බෙන්ස් ප්‍රථම මෝටර් රියේ නිර්මතෘවරයා වෙයි.ඔහු ඉපදෙන විටදි ඔහුගේ මව හා පියා නිත්‍යානුකුලව විවහා වී නොසිටිය බැවින් ඔහුට තම මව වන ජොසපින් ගේ පෙලපත් නාමය සමග කාර්ල් ෆෙඩ්‍රික් මයිකල් වයලන්ට් යන නාමය උපතේදි හිමි විය.පසුව ඔහුගේ මව වන ජොසපින් සහා පියා වන ජොහාන් ජොර්ජ් බෙන්ස් විවහා විය.ඔහුගේ පියා දුම්රිය එන්ජින් රියදුරෙකු වු අතර කාර්ල් ගේ උපතෙන් කෙටි කලකට පසු ඔහුගේ පියා නිව්මෝනියාව වැළදිම නිසා මිය යන ලදි.පසුව ඔහුගේ මව විසින් පියා සිහි වීම පිණිස කාර්ල්ගේ නම පියගේ පෙලපත් නාමය සමග කාර්ල් ෆෙඩ්‍රික් බෙන්ස් ලෙස වෙනස් කරන ලදි.කොතරම් ආර්ථික අපහසුතා මැද වුවත් කාර්ල්ගේ මව ඔහුට ඉහල අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන ලදි.ඔහු පලමුව තමා වාසය කල ප්‍රදේශයේ වු පාසලකට ඇතුලත් වු අතර පසුව ඔහු වයස අවුරුදු 9 පමණ වන විට විද්‍යාව සම්බන්දයෙන් දක්ශයකු විය.පසුව  Ferdinand Redtenbacher යටතේ  Karlsruhe Institute of Technology ආයතනයේ උසස් අධ්‍යාපනය හදාරා 1864 ජූලි 9 වන දින උපාධිය ලබා ගන්නා ලදි.එවිට ඔහුගේ වයස අවුරුදු 19 පමණක් වික්.පසුව ඔහු යාන්ත්‍රික ඉන්ජිනේරුවෙකු ලෙස වසර ගනනාවක් විවිධ ආයතන වල සේවය කල අතර පසුව මැන්හෙයිම් හී ආයතනයක සැලසුම්කරුවෙකු ලෙස සේවය කල අතර 1868 දි එයින් ඉවත් වී පාලම් සාදන ආයතනයක් වන Gebrüder Benckiser Eisenwerke und Maschinenfabriක් හී සේවය කරන ලදි.ආවසාන වශයෙන් ඔහු වියෙනා හි යකඩ කර්මාන්තශාලාවක සේවය කරන ලදි.දිනක් බෙන්ස් පාපැදියක් පදිමින් සිටින විට දැනුනු විඩාව නිසා ඔහුට කදිම සිතුවිල්ලක් පහල විය,ඒ අශ්වයින් හෝ මිනිසුන්ගේ ශක්තිය රහිතව පහසුවෙන් ගමන් බිමන් යා හැකි පරිදි වු වාහනයක් නිපදවිය හැකිනම් යන්නයි.එම සිතුවිල්ලම පසුකාලිනව මොටර්රථය නිපදවිමට මුල් විය
කාර්ල් බෙන්ස්ගේ අත්සන 

1871 දී එවකට වයස අවුරුදු 27 වු බෙන්ස් ඕගස්ට් රිටර් සමග එක්ව Mannheim හී යාන්ත්‍රික කර්මාන්තශාලාවක් ආරම්භ කල අතර එය පසුව Factory for Machines for Sheet-metal Working ලෙස නම වෙනස් කරන ලදි.මෙම කර්මන්තශාලාව ආරම්භ කර පලමු වසරේ එතරම් සාර්ථකත්වයක් නොපෙන්නවු අතර විශාල ගැටලු ප්‍රමාණයක් ඇති විය.එම නිසා කාර්ල්ගේ ව්‍යාපරික හවුල්කරු වු ඕගස්ට් කාර්ල් පිලිබදව තැබු විශ්වාසය පලුදු විය,එම කාලයේ කර්මාන්තශාලාව සතු ඇතැම් යන්ත්‍ර හා උපකරණ ඔවුන්ට අහිම් වුයේ ලබාගත් ණය ගෙවා දැමිමට නොහැකි වු බැවිනි.දිගින්දිගටම පාඩු ලැබිම නිසා ඕගස්ට් තමාට අයත් කර්මාන්තශාලාවේ කොටස් විකුනා දැමිමට තිරණය කල අතර කාර්ල් බෙන්ස් එවකට විවහා විමට සිටි බර්තා රින්ගර් මේ බව දැනගෙන ඇය විසින් ඕගස්ට් විකුනා දැමු කොටස් මිලට ගනු ලැබුනි.පසුව 1872 ජූලි මස 20 දින බර්තා රින්ගර් සමග කාර්ල් බෙන්ස් විවහා විය.ඔවුන්ට එම විවහායෙන් දරුවන් 5 දෙනකු ලැබුනු අතර වැඩිමහල් දරුවා වු ඉයුගන් බෙන්ස් 1873 දි මෙලොව එලිය දුටුවේය.පසුව 1874 රිචඩ් බෙන්ස් ද,1877 ක්ලේරා බෙන්ස් ද,1882 දි තිල්ඩේ බෙන්ස්ද,1890 දි එලන් බෙන්ස් ද උපත ලැබිය.මේ අතරතුර කාර්ල් බෙන්ස් තම ප්‍රථම පෙට්‍රල් එන්ජිම තැනිමේ කටයුතු සිදු කරමින් සිටියේය.එම එන්ජිව 2 Stroke වර්ගයේ එන්ජිමක් වු අතර පලමුව ඔහු එන්ජිම පමණක් නිර්මාණය කරන ලදි.ඔහු ඒ සදහා පේටන් බලපත්‍රය 1879 දි ලබාගත් අතර පසුව ඉන්ධන දහනය කිරිමත බැටරියක් මගින් ආරෝපිත පුලිගුවක්  (Spark Plug),එන්ජිම සිසිල්විමට ජලය මගින් සිසිල් වන සිසිලන පද්දතියක් හෙවත් රේඩියේටරයක් මෙන්ම වේගය පාලයන කිරීමට ගියර් පද්දතියක් සහා තිරිංග පද්දතියක් පසුව එක් කර එය තවදුරටත් දියුණු කරන ලදි.මේ අතරතුර බෙන්ස් සහා බර්තාගේ ආයතනයට මගින් බෙන්ස්ගේ නව එන්ජිම නිපදවිමේ කාර්‍ය සදහා විශාල මුදලක් වැයකර තිබිම නිසා යම් මුල්‍යමය ගැටලු කොහිපයකට මුහුනපා සිටි අතර ඒ සදහා බැංකුවක් මගින් මුදල් ලබා ගැනිම සදහා ඔවුන්ට හැකියවක් නොතිබුන හෙයිනක්ක් 1882 දි ජායාරූප ශිල්පියකු වු එමිල් බ්යුලර් සහා චීස් වෙළෙන්දෙකු වු ඔහුගේ සහෝදරයාගේ උපකාර ලබාගත්හ.ඒ අනුව 1882 දි බර්තා සහා බෙන්ස්ගේ පවුලේ ව්‍යාපාරය ඒකාබද්ද කොටස් සහිත හවුල් ව්‍යාපාරයක් විය.එය Gasmotoren Fabrik Mannheim ලෙස නම් කල අතර බෙන්ස් එහි අධ්‍යක්ෂවරයා විය.නමුත් කල් යාමෙදි නව හවුල්කරුවන් සමග ඇති වු අමනාපකම් සහා ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන කලකිරුණු බෙන්ස් සියලුම තනතුරු වලින් සහා වගකිම් වලින් ඉවත් වු අතර සමාගමේ තමා සතු වු 5% කොටස්ද විකුණා දමන ලදි.මෙම කාලයේ බෙන්ස් කොතරම් සිත්තැවුලෙන් සිටියේද කියතොත් ඔහුගේ නිර්මාණද අතරමග නවතා දමන ලදි.

පසුව ඔහු විසින් 1883 දි ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට අයත් පාපැදි අලුත්වැඩියා කරන ස්ථානයක මිතුරන් දෙදෙනා වු මැක්ස් රෝස් සහා ෆෙඩ්‍රික් විල්හෙම් හා එක්ව කාර්මික යන්ත්‍ර නිපදවන සමාගමක් ආරම්භ කරන ලදි.එය Benz & Company Rheinische Gasmotorenfabrik (Benz & Cie) නමින් ආරම්භ විය.එය කෙටි කාලයක් තුල සාර්ථක ව්‍යාපාරයක් බවට පත්වු අතර සේවකයන් 25 දෙනකු පමණ එහි සේවයේ නිරත විය.පසුව ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසා ඔවුන් ගෑස් එන්ජිමක් නිපදවිම ආරම්භ කරන ලදි.මෙම කර්‍යට යොමු විමත් සමගම එදා පාපැදියේ යන ව්විට බෙන්ස් දුටු මිනිස් බලය රහිත ස්වයංක්‍රිය වාහනයේ සිහිනය සැබැවක් විය.ඔහු පාපැදිවලට යොදා ගන්නා ආකාරයේ ස්පොක් කම්බි සහිත රොද රථයේ ඉදිරි හා පසුපස රෝද සදහා භාවිතා කල අතර four-stroke එන්ජිමක් මගින් පසුපස රෝද සදහා ජවය ලබා දෙන ලදි.පසුපස රෝද මගින් නිපදවු චාලක ශක්තිය දම්වැල් මගින් ඉදිරිපස රෝද වෙත ලබා දෙන ලදි.මෙහිදි බෙන්ස් යොදාගත් එන්ජිම ඔහගේ පලමු 2 stroke එන්ජිමට වඩා දියුනු එකක් විය.මෙහිදි රෙඩියෙටරය හා ඉන්ධන දහන පද්දතිය පලමු එන්ජිමට වඩා උසස් තත්වයේ පැවතිනි.එහි වැඩ 1885 නිම වු අතර එය ලොව ප්‍රථම මෝටර් රථය විය.මෙම මෝටර් රථය රෝද තුනකින් සමන්විත විය.බද කොටස වානේ වලින් සාදා තිබුන අතර ඉදිරිපස රෝදය හැසිරවිමට සුක්කානමක් සහිත විය.මෙහිදි ඉන්ධන ලෙස පෙට්‍රල් හෝ ගැසොලින් භාවිතා කල හැකි වු අතර ඉන්ධන දහනය සදහා බැටරියක් මගින් ආරෝපිත විද්යුත් පුලිගු ක්‍රමයක් භාවිතා විය.මෙහිදි පේටන්ට් බලපත්‍රය ලබා ගැනිම සදහා ඉදිරිපත් කල මොටර් රථයේ එන්ජිම  998cc අශ්වබල 0.8 ක එනම් වොට් 600 ජවයක් සහිත වු අතර උපරිම වේගය පැයට කිලෝමිටර් 16 විය.මෙම රථය සදහා පේටන්ට් බලපත්‍රය 1886 ජනවාරි 29 ලබාගත් අතර එහි ලියාපදිංචි අංකය DRP-37435 විය.1885 නිපදවු මාදිලිය තරමක් දුරට පාලනය අපහසු වු බැවින් ඔහු Motorwagen Model 2 මාදිලිය හදුන්වා දුන් අතර එය 1886 ග්‍රිෂ්ම කාලය ආරම්භයේ පලමු මාර්ග ධාවනය සිදු කරන ලදි.පසුව එය තවදුරටත් දියුනු කර Motorwagen Model 3 මාදිලියද නිපදවන ලදි,එය 1887 Paris Expo ප්‍රදර්ශනයේදිප්‍රදර්ශනය කරන ලදි.
කාර්ල් බෙන්ස් 1885 දි නිපදවු Motorwagen Model 1 ලොව පළමු මෝටර් රථය 

Friedrich von Fischer මහතා 

Motorwagen Model 3 හී සාර්ථකත්වය සමග කාර්ල් බෙන්ස් වානිජ වශයෙන් මෝටර් රථ නිපදවිමට පෙළබිනි ඒ අනුව 1888 දී Benz Patent Motorwagen නමින් නිපදවු මොටර් රථය වෙළදපොළ වෙත නිකුත් කරන ලදි.එය 1600cc අශ්වබල 0.75 ක ජවයකින් යුක්ත එන්ජිමක් සහිත වු අතර උපරිම වේගය පැයට කිලෝමිටර් 13 ක් (පැයට හැතැප්ම 8.1) විය.මෙම රථය ඉතා ජනප්‍රිය වු අතර කෙටි කලකින් ඉහල අලවියක් වාර්තා විය.බෙන්ස් මෝටර් රථය පිලිබද සොයා බැලිමේදි ඉතාම විශේෂ සන්ධිස්ථානයක් ලෙස බර්තා බෙන්ස් තම සැමියා නිපදවු මෝටර් රථය යොදාගෙන Mannheim සිට Pforzheim දක්වා තම මව බැලීමට ගිය ගමන වැදගත් වේ.එහිදි එතෙක් මොටර් රථයට පැවති අඩුපාඩු කිහිපයක් පිලිබදව සොයාගැනිමට හැකි විය.එම ගමනේදි බර්තා බෙන්ස්ට හමුවු මාර්ගාය කදු,බැවුම් සහිත මාර්ගයක් විය.එම ගමන සිදු වුයේ කර්ල් බෙන්ස්වත් නොදැන වන අතර 1888 අගෝස්තු 5 වන දින උදැසන ඉයුගන් හා රිචඩ් බෙන්ස් සමග ඇය කිලෝමිටර 106 ක (සැතපුම් 66) ගමන ආරම්භ කරන ලදි.එහිදි කදු නැගිමේදි යම් අපහසුතාවක් ඇති වු අතර තවත් ගියරයක් අවශ්‍ය බව බර්තාට එමගින් වැටහිනි.එසේම අතරමග වූ බෑවුමක ගමන් කරන විට සිදුවු ලිස්සා යාමක් නිසා තිරිංග හා රෝදය අතරට තිරිංග පලු යෙදිම මගින් එය වලක්වා ගත හැකි බව බර්තාට අවබෝධ වු අතර එහිදි ඇය අතරමැද විදියක සිටි සපත්තු සාදන්නෙකුගෙන් ලබාගත් රලු ලෙදර් පලු තිරිංග හා රෝද අතරට යොදා එය නිවැරදි කරගන්නා ලදි.මෙම ගමන අවසානයේ බර්තා තාමා සොයාගත් අඩුපාඩු සියල්ල තම සැමියාට විදුලි පණිවිඩයක් මගින් ලබා දුන් අතර එමගින් බෙන්ස්ගේ මොටර් රථවල තත්වයද ඉහල ගිය අතර බර්තාගේ ගමනේ පුවත නිසා මොටර් රථයේ  ජනප්‍රියතාව ඉහල යන ලදි.එම නිසා 1889-1893 කාලය තුල මෝටර් රථ විශාල ප්‍රමානයක් අලවි විය.1889 වන විට සේවකයන් 50 පමන සිටි බෙන්ස්ගේ Benz & Cie ආයතනයේ 1893 වන විට සේවකයින් 430 සේවයේ නිරත විය.මොවුන් 1886 සිට 1899 දක්වා මෝටර් රථ 572 අලවි කර තිබුනි.සමාගම විශාල විමත් සමගම එය කොටස් සහිත හවුල් සමාගමක් බවට පත් වු අතර එහි කොටස්කරුවන් විමට විදේශයක සිටි Friedrich von Fischer සහා Julius Ganb පැමිණි අතර Friedrich von Fischer මුදල් අංශයේ ප්‍රධානියා ලෙසද,Julius Ganb අලවි ප්‍රවර්ධන අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන ලදි.බෙන්ස්ගේ තනි පුද්ගල රිය ජනප්‍රිය වීම නිසා Benz & Cie සමාගම බෙන්ස් වෙත යෝජනා කලේ අඩු මුදලකින් වැඩි ඉඩක් සහිත රියක් නිර්මාණය කරන ලෙසයි.ඒ අනුව අශ්වබල 3 ක ජවයක් සහිත එන්ජිමක් ඇතිව පැයට කිලෝමිටර් 18 ක වේගයක් සහිත වික්ටෝරියා රථය නිපදවන ලදි.එය දෙදෙනකුට ගමන් කලහැකි රියක් විය.එය සාර්ථක නිර්මානයක් වු අතර 1893 පමණක් රථ 85 අලවි විය.
Blitzen Benz රේසින් මෝටර් රිය
කර්ල් සහා බර්තා බෙන්ස් 1893 නිපදවු Victoria රථයක නැගි ගමන් කරන ආකාරය

කර්ල් බෙන්ස් නිපදවු Benz Velo රථය යොදාගෙන ලොව පලමු මොටර් රථ ධාවන තරගය 1894 දි පැවැත්වු අතර එමිල් රොජර් එහි ජයග්‍රහකයා විය.ඔහු කිලෝමිටර් 126 පැය 10 මිනිත්තු 1 කින් සමාන්‍ය වේගය පැයට කිලෝමිටර් 12.7 සහිතව නිම කරන ලදි.එසේම බෙන්ස් සොයාගත් බස් එන්ජිම නිසා ලොකයේ මගි ප්‍රවහනයට බස් රථ නිපදවිම ආරම්භ විය.
ලොව ප්‍රථම මෝටර් රථ තරගාවලියට යොදාගත් Benz Velo රථය


බෙන්ස් සමාගම 1909 වකවානුවේ තම
වාහන සදහා භාවිතා කල ලාංඡනය
බෙන්ස්ගේ velo රථය ලන්ඩන් හී ප්‍රදර්ශනය කල අවස්තාවක්
1896 දී කාර්ල් බෙන්ස් විසින් ලොව ප්‍රථම පැතලි එන්ජිම නිර්මාණය කර ඒ සදහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදි.මෙම එන්ජිමේ වැඩි දියුණුකල එන්ජින් වර්තමානයේ අධිවේගි සුපිරි මොටර් රථ වල මෙන්ම අධ්වේගි මෝටර් බයිසිකල් වලද  භාවිතා වේ.1900 පමණ වන විට Daimler Motoren Gesellschaft (DMG) ආයතනයෙන් Benz & Cie සමාගමට ප්‍රබල අභියෝගයක් එල්ල වු අතර ඔවුන්ගේ Mercedes-35hp එන්ජිම වඩා ප්‍රබල එන්ජිමක් විය.1903 දි කාර්ල් බෙන්ස් උපරිම වේගය පැයට කිලෝමිටර් 60 ක උපරිම වේගයක් සහිත මෝටර් රථයක් නිපදවිය.1903 ජනවාරි 24 දින කාර්ල් බෙන්ස් Benz & Cie සමාගමේ මොටර් රථ සැලසුම් අංශයෙන් ඉවත් විය.පසුව ඔහුගේ දරුවන් වු ඉයුගන් සහ රිචඩ් ද සමාගමේ වාගකිම් වලින් ඉවත් විය.නමුත් පසුව රිචඩ් බෙන්ස් සමාගමේ මගි වාහන සැලසුම්කරු ලෙස 1904 දි නැවත සේවයට පැමිණුනි.එම වසරේ (1904) දි Benz & Cie සමාගම වාහන 3480 නිපදවා අලවිකර තිබුනි.කර්ල් බෙන්ස් සහා ඉයුගන් බෙන්ස් Benz & Cie සමාගමෙන් ඉවත් වු පසු පෞද්ගලිකව ආරම්භ කල Benz Söhn සමාගම සමග බෙන්ස් පසුව තම නිෂ්පාදන කටයුතු සිදු කරන ලදි.පසුව බෙන්ස් දිගින් දිගටම නිපැයුම් කල අතර සමාගම් වල ඇති වු විවිධ මූල්‍යමය ගැටලු හා තාක්ෂණික දැනුම සම්බන්ධ ගැටලු නිසා DMG සමාගම සහා බෙන්ස්ගේ සමාගම හා එක්ව 1926 ජුනි මස 28 දින ලොව වර්තමානය වනවිට මෝටර් රථ නිපදවීමේ ප්‍රමුඛයකු වන Mercedes Benz සමාගම ආරම්භ කරන ලදි.1929 අප්‍රේල් 4 දින කාර්ල් බෙන්ස් Ladenburg හි ඔහුගේ නිවසේදි මරණයට පත්වු අතර 1944 මැයි 5 දින බර්තා බෙන්ස් මරණයට පත් විය.පසුව බෙන්ස්ගේ Ladenburg නිවසේ ඔහුගේ පවුලේ සාමාජිකයන් වසර 30 පමණ ජිවත් වු අතර පසුව එම නිවස Gottlieb Daimler and Karl Benz Foundatioක් වෙත ලබා දුනි.මෙලෙස ලොවට සේවයක් කල පුද්ගලයා වෙනුවෙන් ජර්මනියේ ස්මාරකයක් තනා ඇති අතර කාර්ල් බෙන්ස් නොවන්නට අපට මෝටර් රථය තවමත් සිහිනයක් වෙන්නට තිබුනි.

බෙන්ස් වෙනුවෙන් ජර්මනියේ තැනු ස්මාරකය 

බෙන්ස්ගේ නිවස 

Tuesday, December 9, 2014

වර්ණ අන්ධතාව (Color Blindness)

ඇතැම් වර්ණ හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා අප සමාජයේ බොහෝ පිරිසක් වර්ණ අන්ධතාවයෙන් පෙලෙති.කාන්තාවන්ට වඩා පිරිමි පක්ෂය මෙමගින් වැඩිපුර පෙලෙන අතර මේනිසා විවිධ වෘත්තීමය හා සමාජයීය ගැටලු රාශියකට ඔවුන් මුහුණ දෙති.මිනිස් දෘෂ්ඨි විතානයේ ආලෝකයට හා වර්ණයට සංවේදී විවිධ සෛල ඇති අතර කේතු රූපී (Cone) සෛල ඉන් එක් වර්ගයකි.ඒවාමත රතු ,කොල හා නිල් වැනි විවිධ වර්ණයන් හඳුනා ගැනීමට වැදගත් වන ප්‍රතිග්‍රාහක (receptor) පවතී.නමුත් , ඇස් දෘෂ්ඨි ස්නායුවෙන් හෝ ඇතැම් විට මොළයේ පවතින ආබාධයක් හේතුකොටගෙන මෙලෙස වර්ණයන් හඳුනා ගැනීමේ හැකියාව ඇතමුන්ට අහිමිවේ.වර්ණ අන්ධතාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනු ලැබෙයි.

1. සම්පූර්ණ වර්ණ අන්ධතාවය

මෙහිදී කිසිඳු වර්ණයක් පුද්ගලයාට හඳුනා ගැනීමට නොහැකි වන අතර මෙම තත්ත්වය අප සමාජයේ ඉතා දුලබ වෙයි.

2. අර්ධ වර්ණ අන්ධතාවය

මෙහිදී ඇතැම් වර්ණ පමණක් හොඳින් වෙන්කර හඳුනා ගැනීමට රෝගියාට නොහැකි වෙයි.සම්පූර්ණ වර්ණ අන්ධතාව ඇති රෝගීන්ට වඩා මෙවැනි රෝගීන් සුලභ වන අතර ඔවුන් මුහුණ දෙන බාධක හා ගැටලුද අවම වෙයි.මේ සඳහා උදාහරණනම්
a)     රතු-කොළ වර්ණ අන්ධතාව (රෝගියාට රතු කොළ පැහැ වෙන්කර හඳුනා ගැනීමට නොහැකිය)
b)    නිල් -කහ වර්ණ අන්ධතාව (නිල් හා කහ පැහැයන් වෙන්කර හඳුනාගත නොහැක.)
මෙවැනි බොහෝ රෝගී තත්ත්වයන් ජානමය මගින් උරුම වීමද විශේෂත්වයකි.

වර්ණ අන්ධතාව ඇතිවීමට බලපාන හේතු

වර්ණ අන්ධතාවය තිබෙන පුද්ගලයකු ට මාර්ග සංඥා පෙනෙන ආකාරය 
 මේ සදහා බලපාන හේතු රාශියක් තිබුනද, බොහෝ  පුද්ගලයන්ට මෙම රෝගය උරුම වනුයේ  වර්ණ දේහ ආශ්‍රිත සහලක්ෂණ හා අනෙතුත් රෝග ප්‍රවේණිකව උරුම වීමෙනි.  බොහෝවිට X ලිංගික වර්ණ දේහය ආශ්‍රිතව මෙම රෝගී තත්ව පරම්පරාවෙන්  ඉදිරියට ගමන් කරන අතර මේ නිසාම මෙවැනි  රෝග පරිමින් අතර වඩාත් සුලබය. මෙලෙස  උරුම වන රෝග කිහිපයකි.

1)  x ලිංගික  වර්ණදේහයන් නිලීනව පැතිරෙන රතු - කොළ වර්ණ අන්ධතාව
2)  7 වන වර්ණදේහය මගින් පැතිරෙන නිල් - කහ වර්ණ  අන්ධතාව
3) දෘෂ්ටි විතානයේ කේතු ආකාර සෛල විනාශ කරවන Cone dystrophy තත්වය.
4) වයසට යත්ම කහ බින්දුව ප්‍රදේශයේ ඇති ස්නායු සෛල මිය යාමට හේතුවන රෝගී තත්වය.
5) දෘෂ්ටි විතානයේ ඇති වන Retinoblastoma වැනි පිළිකා තතව
6) දියවැඩියා
මෙලෙස උරුම වන වර්ණ අන්ධතාව ඇතැතමුන් උපතේදීම පවතින අතර  ඇතැමුන්ට ටික කලක් යන විට ක්‍රමානුකූලව මතුවෙයි.  මීට අමරතව  ප්‍රවේණිකව උරුම නොවන වර්ණ අන්ධතාව ඇති කිරීමට බලපවත්නා වෙනත් හේතු ද පවති.
1) දරුවන් භෞතිකව අපයෝජනයට ලක්කිරීම නිසා (උද- ගැසීම) දෘෂ්ටි  විතානයට හෝ මොළයට හානි සිදුවීම.
2) අනතුරු නිසා  (උදා- රිය අනතුරු ) මොළයේ පිටුපස ප්‍රදේශය ඉදිමීම
3) නිසි ආවරන නොමැතිව දිකු වේලාවක් අව්වේ සිටම ආදිය නිසා පාරජම්බුල කිරණ වැඩිපුර ඇසට ඇතුල්වී ඇසේ දෘෂ්ටි විතානයට  හානි සිදු වීම

වර්ණ අන්ධතාව සදහා කරනු ලබන ප්‍රතිකාර හා එය වලක්වා ගැනීම
 වර්ණ අන්ධතාව විනිශ්චය කිරීමට මිල අධික  විද්‍යාගර පරීක්ෂණ  කල යුතු නැති අතර සරල වර්ණ සටහන් යෙදූ කාඩ්පත් (Ishihara chart) යොදවා ඉතා නිවැරදිව මෙම රෝගය විනිශ්චය කල හැක.මෙම රෝගය වැලඳුන පසු එය නැවත  නිවැරදි  කරවීමට  තවමත්  කිසිදු  ප්‍රතිකාර ක්‍රමයෙන්  සොයා ගෙන නැත. නමුත්  රෝගියාට සිය දෛනික වැඩ කටයුතු  පහසුවෙන් යෙදිම විවිධ පියවර ගත හැක.
1)  ඇතම් වර්ණ හදුනාගැනීම තරමක්  පහසු කරවන අක්ෂි කාච වර්ග යොදනු ලබයි.
2) මාර්ග යාඥා , හදිසි  තත්ව  දන්වන පුවරු  ආදියේ විවිධ වර්ණ නොයොදා මෙම රෝගන්ටද එම සංඥා තෙර්ම් ගත හැකිවන පරිදි සලකුණු  යෙදීම ලබයි.
3) නවීන  රූපවාහිනී , අන්තර්ජාලයේ  වෙඩ් අඩවිපරිගණක ආදියේ  මෙවැනි රෝගින්ට විවිධ  වර්ණ  හදුනාගැනීමට උපකාර  කරවන  මෘදුකාංග අඩංගු  කර ඇත .
මේ නිසා මෙම රෝගය  ඇති වීමට නොදී  වලක්වා  ගැනීම ඉතා වැදගත්ය. මේ ගැන ගත හැකි පියවර නම්;
 1)  ප්‍රවේණිකව මෙම රොගය පැතිරීම වැලැක්වීමට විවාහ වීමට පෙර තමන් හෝ තම සහකරු මෙවැනි  රෝග වාහකයන් නොවන බවට තහවුරු  කර ගැනීමට වර්ණ දේහ (DNA) පරික්ෂා කරවා ගත යුතුය.  විශේෂයෙන් පවුල සාමාජිකයකු මෙම රෝගයෙන් පෙලේ නම් එය ඉතා වැදගත්ය.
2) කුඩාකල සිට හදිසි අනතුරු නිසා හිසට විය හැකි අනතුරු අවම වවන ලෙස සෑම විටම ආරක්ෂාකාරී හිස් වැසුම් පැලැදීම ආදිය කල යුතුය.
3) අව්වේ දිගු වේලාවක් සිටී නම් UV (අධෝරක්ත කිරණ) කිරණ ඇසට වැටීම වැලැක්විමට සුදුසු අව්කණ්නාඩි භාවිතා කල යුතුය.

වර්ණ අන්ධතාවයෙන් පෙලෙන රෝගින් මුහුන දෙන ගැටලු

 වර්ණ අන්ධතාවය ඇතැමුන්ට ඉතා සුථ වශයෙන්  පැවැතුනද ඇතැමුන්ට එය ඉතා සංකීර්ණ ලෙස පවතී.  එම් නිසා එවැනි පුද්ගලයන් තම රෝගී තත්වය නිසා විවිධ ගැටලු වලට මුහුනු පාති.කුඩා ළමුන් වර්ණ අන්ධතාවයන් පෙලේ නම්  එමගින්  ඔහුගේ මානසික හා සමාජයීය  වර්ධනය අඩාල විමටද පුලුවන. මෙය ළමයාගේ  අධ්‍යාපන කටයුතු  මෙන්ම ඇතැම් විට ක්‍රීඩා වල නිරායාසයන් යෙදීමට  දරුවාට බාධාවක් වෙයි.  මේ නිසා ළමයාට අනික්  සම වයස්   ළමුන් අතර  කොන්වීමේ  ඉඩක් පවතින අතර එමනිසා  දරුවා මානසික ආතතියෙන් පෙලීමට වුවද පුළුවන.වැඩිහිටි ‍රෝගින් මුහුන දෙන විශේෂ ගැටලුවකි රිය  පැදවීමේදී මතුවන  අපහසුතා. මාර්ග සංඥා එකවර හදුනාගැනීමට නොහැකි විම නිසා විවිද අනතුරු වලට ගොදුරු වී දැඩි පීඩා විදීමට ඔවුන්ට සිදුවෙයි.  එබැවින් ඇතැම් රටවල මෙවැනි රෝගින්ට රිය පැදවීම තහනම් කොට ඇත.මොවුන් මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලුවකි සුදුසු රැකියාවක් සොයා ගැනීමේදී ඇතිවන ගැටලු රියදුරු  වෘත්තීන් , ගුවන් නියාමක වරු, වෛද්‍යවරු හා චිත්‍ර ශිල්පීන්, ගෘහ අලංකරණය කරනවුන්  ලෙස ඔවුන්ට සේවය කිරිම ඉතා අපහසු වන අතර එය ඉතා අවදානම් ද වෙයි.  නියමිත රැකියා  නොමැති වීමෙන් ඔවුන් විවිධ ආර්ථික ගැටලු වලින් පෙලෙති.එමෙන්ම රූපවාහිනී , පුවත් පත්, අන්තර්ජලය හෝ චිත්‍ර පටියක් බැලීම ආදීයේදීද  ඔවුන්  වර්ණ හදුනාගත නොහැකිව සමාජයීය ගැටලු රාශියකට මුහුන දෙති.

රූමැටිසියා ප්‍රදාහය

අප වෙසෙන පරිසරයේ නොයෙකුත් විෂබීජ වෙසෙති.එමගින් විවිධ ලෙඩ රෝග මිනිසාට සම්ප්‍රේශණය විය හැක.‍ස්ට්‍රෙප්ටොකොකස් යන නමින් හැඳින්වෙන්නේ එයින් එක් විෂබීජයෙකි.මෙම ස්ට්‍රෙප්ටොකොකස් විෂබීජය උගුරේ ආසාදන ඇති කිරීමට සමත් වෙයි. එවිට කෙළ ගිලීම අපහසු වීම,උගුර වේදනාකාරී වීම,සෙම්ගෙඩි සැදුන විට ඒවා  විශාල වීම,උගුර රතු වී පෙනීම,සෙම්ගෙඩි මතුපිට සුදු- කහ ලප පෙනීම වැනි ලක්ෂණ පෙන්වනු ලබයි .බෙහෙත් ගත්තත් නොගත්තත් මෙම රෝගය සුව වෙයි. උගු‍රේ ආසාදනය සුව වෙන්නේ රෝගියාගේ ශරීරය, එම ස්ට්‍රෙප්ටොකොකස් විෂබීජයට එරෙහි ව ප්‍රතිදේහ නිපදවන බැවිනි.මෙම ප්‍රතිදේහ රුධිරය මගින් ශරීරය පුරා ගමන් කරයි. ප්‍රතිදේහ වල ක්‍රියාව නම් ශරීරයේ ඇති ස්ට්‍රෙප්ටොකොකස් විෂබීජ විනාශ කර දැමීමයි.බොහෝ අය සම්බන්ධයෙන් නම්, ස්ට්‍රෙප්ටොකොකස් ආසාදන පිළිබද කතා පුවත මෙයින් කෙළවර වෙයි.එහෙත් ස්වල්ප දෙනකුගේ රෝග තත්ත්වය දිග් ගැස්සෙයි.එම පිරිස ගේ ශරීරය තුළ ඇති ස්ට්‍රෙප්ටොකොකස් ප්‍රතිදේහ, එම විෂබීජයට එරෙහිව ක්‍රියා කරනවා පමණක් නොව, රෝගිය‍ෙග් හන්දිපත් වලටත්, හෘද ‍කපාට වල ඇති ඇතැම් සංඝටක වලටත් එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගනියි.රූමැටිසියා ප්‍රදාහය (ආමවාතය) යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙම රෝග තත්ත්වයයි.

රූමැටිසියා ප්‍රදාහයේ නොහොත් ආමවාතයේ ලක්ෂණ 

  • මෙය සාමාන්‍යයෙන් වයස අවු: 5-15 ත් අතර දරුවන්ට වැළ‍ඳෙන රෝග තත්ත්වයකි 
  • මුලින්ම  ඇරැ‍ඹෙනුයේ උගුරේ ආසාදනයක් ලෙසිනි. කෙළ ගිලීමට අපහසු වන අයුරින් සෙම්ගෙඩි විශාල වේ. උගුර රතු වී වේදනා සහගත වේ. ‍එයින් සති කිහිපයකට පසු සිරුරේ හන්දි ඉදිමේ. හන්දි ඉදිමෙන විට උගු‍රේ අමාරුව සුව වී සති කීපයක් ඉකුත් ව ඇත. වැළමිට, දණහිස, වළලුකර වැනි හන්දිය, ඉදිමෙනුයේ මේ හන්දි එකවර ඉදිමෙන්නේ නැත. එක් එක් හන්දිය දිනකට, දෙකකට පමණ ඉදිමී ඉබේ ම සංහි‍‍‍‍‍ඳේ
  • අතැම් අයට පමණක් හෘද කපාට වල විකෘතිතා ඇතිවේ.
සෙම්ගෙඩි මතුපිට සුදු- කහ ලප පෙනීම වැනි
 ලක්ෂණ පෙන්විම 



  • ඉහත ‍සඳහන් මේ රෝග ලක්ෂණ ඇත් නම්,
  •  වහාම දරුවාට ඇඳ විවේකය ලබා දිය යුතුය (සෙල්ලම් කිරීම, ඇවිදීම වැනි වෙහෙස වන ක්‍රියාකරකම් වලින් වෙන්කොට තැබියයුතුය .)
  • වෛද්‍ය උපදෙස් ඉක්මණන් ම ලබා ගත යුතුය 
  • රූමැටිසියා (ආමවාතය) යන රෝග නිර්ණය ස්ථිර කරනු ලැබුව හොත් මාසිකව බෙන්සතීන්පෙනිසිලීන් නම් ‍‍ඖෂධය ශරීර ගත කළ යුතුය.
  •  විකල්පයක් වශයෙන් දිනපතා පෙනිසිලින් පෙති ගත හැකිය

  • කොපමණ කාලයක් මෙම නික්ෂේපණය කළ යුතුද යන්න බොහෝ අයට ඇති ගැටලුවකි. හෘදයට බලපෑමක් ඇත්නම් අඩුම ග‍ණනේ මැදිවිය ඉක්මවා යන තුරුත් හෘදයට බලපෑමක් නැත්නම් අවු: 21 ක් පමණ වනතුරුත් එය විද ගත යුතුය.


දතක් උගුල්ලන්නට හෝ සුළු ශල්‍යකර්මයක් කරන්නට හෝ පෙර රූමැටිසියා ප්‍රදාහ රෝගීන් ප්‍රතිජීවක ඖෂධ ගත යුතුය. එබැවින් සෑම විටම තමන් රූමැටිසියා ප්‍රදාහ රෝගියෙකු බව වෛද්‍යවරයාට කීමට මතක තබා ගත යුතුය.රූමැටිසියා ප්‍රදාහ රෝගියකුට දින තුනකට වඩා උණ තිබුණහොත් වහාම වෛද්‍ය උපදෙස් සොයා යා යුතුය.

හන්දී ඉදමීමක් නොමැතිව ඇති වන ආමවාතය

  •  ඇතැම් ආමවාත රෝගීනට හන්දිවල ඉදිමීමක්, වේදනාවක් නොමැතඇතැම් විට දරුවාට අසාමාන්‍ය ‘දැඟැලිල්ලක්’ ඇති වේ. එක තැන නොසිටියි. දිව එළියට දමයි. අත් පා ඔසවා අනවශ්‍ය ඉරියව්වල යෙදෙයි. මෙබදු දරුවන්ට ද ආමවාතය වැළදී ඇත්දැයි පරීක්ෂා කර ගනු ප්‍රයෝජනවත්ය.






Monday, December 8, 2014

දෙවන ලෝක සංග්‍රාමය


ලොව ඇති වු දරුනුතම විනශ අතරින් දෙවන ලෝක සංග්‍රාමය අමතක කල නොහැක.1939 සැප්තැම්බර 1 සිට 1945 සැප්තැම්බර 2 දක්වා පැවති එහිදි සිදු වු  මිත්‍ර පාර්ශවයේ 16,000,000 ට වැඩි හමුදා මරණ ද අක්ෂ පාර්ශවයේ 8,000,000 ට වැඩි මරණ ද සිදු විය.එසෙම සිවිල් වැසියන් බොහොමයක් ද මරනයට පත් වියමිත්‍ර පාර්ශවීය රටවල් ලෙස සෝවියට් සංගමය (1941-45),එක්සත් ජනපද (1941-45),එක්සත් රාජධානිය, චීන සමූහාණ්ඩුව (1937-45) ප්‍රංශය,පෝලන්තය,කැනඩාව,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය,දකුණු අප්‍රිකාව,බෙල්ජියම (1940-45),නෙදර්ලන්තය (1940-45),ග්‍රීසිය (1940-45),නෝර්වේ (1940-45) එක් වු අතර ජර්නිය,ජපානය (ය1937-45),ඉතාලිය (1940-43),රුමේනියාව (1941-44),හන්ගේරියාව (1940-45),ෆින්ලන්තය (1941-44),බල්ගේරියාව (1941-44),ඉරාකය (1941),තායිලන්තය (1941-45) අක්ෂ පාර්ශවය ලෙස යුද්ධයට එක් ව්ය.

බ්‍රිතාන්‍යයේ අගමැති වින්ස්ටන් චර්චිල්


පළමුවන ලෝක යුද්ධයෙන් පසු පරාජයට පත් වූ ජර්මනිය වර්සේල්ස් ගිවිසුමට අත්සන් තැබීය. මේ හේතුව නිසා ජර්මනියට නව භූමි ප‍්‍රමාණයෙන් 13%ක්, එනම්, ඕස්ටි‍්‍රයාව, චෙකොස්ලෝවැකියාව, පෝලන්තය හා ඩැන්සිග් යන රටවල් අහිමි වූ අතර, ජර්මන් හමුදාවේ භට පිරිස 100,000ක් දක්වා සීමා කිරීමට සිදු විය. එසේම ගිවිසුම මගින් අනිවාර්ය හමුදා සේවය, ආයුධ නිෂ්පාදනය, ආයුධ ආනයනය සහ අපනයනය කිරීම තහනම් කරන ලද අතර, ජර්මනියට විශාල වන්දි නියම කරන ලදී.

හිට්ලර් ජනතව අමතමින් 

රුසියාවේ සිවිල් යුද්ධය විසින් ජෝශප් ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් සෝවියට් සංගමය නිර්මාණය කරන ලදී. ඉතාලියේ ‘නව රෝම අධිරාජ්‍යයක්’ගොඩ නැංවීමේ පොරොන්දුව මත බෙනිටෝ මුසෝලිනි නම් ෆැසිස්ට් පාලකයා බලය අත්පත් කර ගත්තේය. චීනයේ පාලක කුමන්ටැන්ග් පක්ෂය 1920 දශකයේ මැද භාගයේ දී විප්ලවකාරී හමුදා නායකයන්ට එරෙහිව එක්සත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ නමුත්, ඉක්මනින්ම එය මුල් කාලීන කොමියුනිස්ට් මිත‍්‍ර පක්ෂවලට එරෙහි සිවිල් යුද්ධයකට පැටළුණි. 1931 දී චීනය කෙරෙහි දැඩි බලපෑමක් කළ, අතිශය මිලිටරි බලය සහිත ජපානය ආසියාව පාලනය කිරීමේ පළමු පියවර තැබීය. ඔවුහු මුක්ඩන් සිදුවීම ආයුධයක් කර ගනිමින් මැන්චූරියාව ආක‍්‍රමණය කළහ. එම ජාතීන් දෙපළ 1933 ටැන්ගු සටන් විරාමය තෙක්ම කුඩා ගැටුම් රාශියක නිරතව සිටියහ.

නසි නායක හිට්ලර් සහා පැසිස්ට් නායක මුසලොනි

1933 ජනවාරි මාසයේ දී ජාතිවාදී සමාජවාදීයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ නායකයා බවට පත් විය. ඔහු සීඝ‍්‍ර සන්නද්ධ ව්‍යාපාරයක් ඇරඹීය. මෙය කලින් යුද්ධවලදී පරාජයට පත් වූ ප‍්‍රංශය හා එක්සත් රාජධානිය බියට පත් කළ අතර, තම දේශ සීමාවලට තර්ජනයක් එල්ල වනු ඇතැයි ඉතාලිය බිය විය. නව මිත‍්‍ර පාක්ෂිකත්වය තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රංශය ඉතාලියට, ඉතියෝපියාව නිදහස් කොට දුන්නේය. 1935 මුල් භාගයේ දී සාර්ලන්තය නෛතිකව ජර්මනිය හා එක්වීමත්, හිට්ලර් වර්සෙල්ස් ගිවිසුම ප‍්‍රතික්ෂේප කරමින් සිය හමුදාවන්ට බලෙන් බඳවා ගැනීම සහ සන්නද්ධ වීම ඇරඹීමත් සමග තත්ත්වය තවත් බරපතල වන්නට විය. ජර්මනිය ද ඇතුලත් කර ගැනීමේ අපේක්ෂාවෙන් එක්සත් රාජධානිය, ප‍්‍රංශය හා ඉතාලිය එක්ව ස්ටෙ‍්‍රසා පෙරමුණ ඇති කර ගත්හ. නැගෙනහිර යුරෝපයේ විශාල ප‍්‍රදේශයක් අත්පත් කර ගැනීමට ජර්මනියට තිබූ ඉලක්කය හඳුනාගත් සෝවියට් සංගමය, ප‍්‍රංශය සමග අන්‍යොන්‍ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹුණි.

ප‍්‍රංශ - සෝවියට් ගිවිසුම බලාත්මක වීම සඳහා ජාතීන්ගේ සංගමය මගින් අනුමත විය යුතු වූ අතර, 1935 ජුනි මස දී එක්සත් රාජධානිය සිය මුලින් තිබූ සීමා ලිහිල් කරමින් ජර්මනිය සමග ‘ස්වාධීන නාවික එකඟතාවකට’ එළඹුණි. එක්සත් ජනපදය මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් අගෝස්තු මස දී මධ්‍යස්ථභාවයේ පනත සම්මත කළේය. ඔක්තෝම්බර් මාසයේ දී ඉතාලිය ඉතියෝපියාව ආක‍්‍රමණය කළ අතර, එයට සහයෝගය දුන් එකම රාජ්‍යය ජර්මනිය පමණි. ඉන්පසුව ඉතාලිය, ඔස්ටි‍්‍රයාව සිය පරිවාර රාජ්‍යයන් කර ගැනීම සඳහා ජර්මනියට තිබූ අපේක්ෂාව කෙරෙහි විරෝධය දැක්වීම නවතා දැමීය.

1936 මාර්තු මාසයේදී වර්සෙල්ස් හා ලොකාර්නෝ ගිවිසුම් සෘජුව උල්ලංඝනය කරමින් හිට්ලර් යළිත් රයින්ලන්තය සන්නද්ධ කළේය. අනෙකුත් යුරෝපා බලවතුන්ගෙන් මීට ලැබුණේ අවම ප‍්‍රතිචාරයකි. සෝවියට් සංගමය සහයෝගය දුන් ස්පාඤ්ඤ ජනරජයට එරෙහිව ෆැසිස්ට් ජනරාල්වරයකු වූ ෆ‍්‍රැන්සිස්කෝ ෆ‍්‍රැන්කෝ ජූලි මස දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආරම්භ කළ විට, හිට්ලර් හා මුසලෝනී ඊට සහයෝගය දැක්වූහ. දෙපාර්ශවයම නව අවි ආයුධ හා සටන් ක‍්‍රම අත්හදා බැලීමට මෙම යුද්ධය පාවිච්චි කළහ.


යුදෙව් සිරකරුවන් පිරිසක්.මොවුන්ට ආහාර නොමැතිව දුර්වල වි සිටි

නැඟී ආ ආතතීන් සමග බලතල ස්ථාපනය කිරීම සඳහා විවිධ උත්සාහයන් දරන ලදී. ඔක්තෝම්බර් මස දී ජර්මනිය හා ඉතාලිය එක්ව රෝම - බර්ලින් අක්ෂය පිහිටුවා ගත් අතර ඉන් මසකට පසුව කොමියුනිස්ට්වාදය විශේෂයෙන්ම සෝවියට් සංගමය* තර්ජනයක් ලෙස දුටු ජර්මනිය සහ ජපානය එක්ව ‘කොමියුනිස්ට්වාදයට එරෙහි එකඟත්වයට’ අත්සන් තැබීය. ඉන්පසු වසරේදී එයට ඉතාලිය ද සම්බන්ධ විය. චීනයේ කුමමින්ටැන්ග් හා අනෙකුත් කොමියුනිස්ට් බලමුළු සටන් විරාමයකට එකඟව, ජපානයට එරෙහි එක්සත් පෙරමුණක් ගොඩනංවා ගැනීමට සැලසුම් කළහ.

යුද්ධය ආරම්භ විම 

දෙවන ලෝක මහා සංග‍්‍රාමය ආරම්භ වූයේ 1939 සැප්තැම්බර් 01 දින ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තය ආක‍්‍රමණය කිරීමෙනි. සැප්තැම්බර් 03 දින වන විට බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය ද යුද ප‍්‍රකාශ කෙළේ ය. ජර්මනිය හා එක් ව සිටි ඉතාලිය හා ජපානය මුල දී සංග‍්‍රාමයට එකතු නො වූ නමුත්, පසු ව ඔවුහු ද ඊ එක් වූ හ; බි‍්‍රතාන්‍ය ප‍්‍රංශ හමුදා සමඟ එක් ව ජර්මන් හමුදාවන්ට මුහුණ දුන් ලුවී මවුන්ට් බැට්න් සාමි ජපානය චීන මුහුදේ හා ඉන්දියන් සාගරයේ යාත‍්‍රා කළ යුද නැව් කීපයකට බෝම්බ හෙළා විනාශකොට ලංකාවේ ති‍්‍රකුණාමලය සහ කොළඹ වරායට ද බෝම්බ හෙළී ය. මේ බෝම්බ හෙළීම සියැසින් දුටු පිරිස් අදත් ජීවතුන් අතර ඇත. ජපනුන් කළ වැරැද්ද නම් ඇමරිකානු එක්සත් ජනපදයටත් බෝම්බ හෙළීම ය.

ධන බලයෙන්, පිරිස් බලයෙන් හා යුද බලයෙන් ද පරිපූර්ණ ව සිටි ඇමරිකානු එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යයට ද අවශ්‍ය අහස් යානා, නැව් සහ යුද අවි සපයා දී මේ සංග‍්‍රාමයට එක සේ මුහුණ දුන්නේ ය.

මේ වන විට බි‍්‍රතාන්‍ය අගමැති ව සිටි වින්ස්ටන් චර්චිල් මේ යුදය ජයග‍්‍රහණය කරා මෙහෙයවනු මිස, අතර මඟ සාමදානයකට නොයන ලෙස මතවාදයක් රටපුරා ගොඩනැංවී ය. බි‍්‍රතාන්‍ය රටවැසි සියලුදෙන එකහෙළා ඒ මතයට සහාය දැක්වූ හ. ඉංගී‍්‍රසින් කිසි ම විටෙක ජර්මන්වරුන්ට යටත් නොවිය යුතු ය යන මතයෙහි මුළු රට ම විය.

1944 වන විට බුරුමයේ රැඳී සිටි ජපන් හමුදාවෝ ඉන්දියාව ද ආක‍්‍රමණය කිරීම ඇරැඹී ය. බි‍්‍රතාන්‍ය හා ඉන්දීය හමුදාවන් එක් ව බුරුම රට ජපන් ආක‍්‍රමණයෙන් ගලවා ගැනීමට සමත් විය. මේ සංග‍්‍රාමය බි‍්‍රතාන්‍යයට ජයගැනීමට හැකි වූ තීරණාත්මක සාධකය වූයේ අග්නිදිග ආසියාවේ යුද මෙහෙයුම් බළඇණි මූලස්ථානය SEAC ශ්‍රීලංකාවේ දුම්බර බිමෙහි පිහිටුවීමට ගත් තීරණය යි.

එදා බි‍්‍රතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන් චර්චිල් විසින් 1941 ඔක්තෝබර් 27 වන දා නැඟෙනහිර ආසියා බලකායේ ප‍්‍රධාන අණදෙන නිලධාරී වශයෙන් ලුවී මවුන්ට් බැට්න් නාවික හමුදා ජෙනරාල්වරයා පත් කරන ලදී

මරා දැමු යුදෙව්වන් ගේ හිස් ගොඩගසා ඇති ආකාරය 


මවුන්ට් බැට්න් යනු ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර උපන්, මුල දී බැට්න්බර්ග් නමින් හැඳින් වූ වික්ටෝරියා මහ රැජින ගේ මුණුබුරකු මෙන් ම පස්වන ජෝර්ජ් රජු ගේ දෙවැනි ඥාති සොහොයුරු රාජකීයයෙකි.

යුදය ජයගත් පසු 1947 දී ඔහු එවකට සිටි බි‍්‍රතාන්‍ය අගමැති ක්ලෙම්න්ට් ඇට්ලී විසින් ඉන්දියාවේ වයිස්රෝයිවරයා වශයෙන් පත්කරන ලදී. අද පවතින පකිස්තානය වශයෙන් ඉන්දියාව දෙකඩ කිරීම ද ඔහු ගේ අධීක්ෂණය යටතේ 1947 අගෝස්තු මස 14, 15 දිනවල සිදුවුණු

ලුවී මවුන්ට් බැට්න් සාමි යුවළ ගාන්ධිතුමා සමඟ පකිස්තානය බෙදා වෙන් කිරීමේ දී බෙදා වෙන්කර පාලනය කිරීමේ සූක්ෂ්ම න්‍යායයේ ප‍්‍රතිඵලයකි. විශ‍්‍රාමික ජීවිතයක් ගතකරන අවස්ථාවක 1979 අගෝස්තු 27 දින අයර්ලන්ත ගරිල්ලා හමුදාව විසින් ස්ලීගෝ මුහුදු වෙරලෙහි දී ඔහු මරා දැමිණි. එදා SEAC නමින් හැඳින්වූ දුම්බර පිහිටි ආසියාවේ මේ යුද මූලස්ථානය භාර ව සිටියේ ලුවී මවුන්ට් බැට්න් යුද සෙනෙවියා ය.

ජපන් හමුදා ජයග්‍රහණය සමරමින් 

ඔහු මෙකී මූලස්ථානයේ සිට ජයග‍්‍රහණය දක්වා ම යුද මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙළේ ය. ජපානයේ අදත් හිරෝෂිමා හා නාගසාකිවල පරමාණු බෝම්බයෙන් දැවී ඇළුවුණු මිනී ඇටකටු නෂ්ටාවශේෂ දැකගත හැකි යජර්මනිය සිය යුරෝපා සාමාජික රටවල් හා පින්ලන්තය සමග එක්ව 1941 ජුනි මස අග දී සෝවියට් සංගමය ආක‍්‍රමණය කළේය. විශාල තුවාලකරුවන් සංඛ්‍යාවක් සහිත ව දෙසැම්බර් මස වන විට ඔවුහු මොස්කව් නගරයට සමීපව සිටි අතර, යටත් කර ගැනීමට ඉතිරිව තිබුණේ ලෙනින්ග‍්‍රෑඞ් හා සේවාස්ටෝපල් යන නගර පමණි. ශීත සමය තුළ ඔවුහු සිය ප‍්‍රහාරය මඳකට නතර කළ අතර, සේවියට් සංගමය ජපානයේ මන්චුකු ඕ අසල සිටි අමතර භට පිරිස් කැඳවා ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය.

මෙම ප‍්‍රහාරයෙන් පසුව එක්සත් රාජධානිය යළි සන්ධානගත වන්නට විය. ජූලි මසදී එක්සත් රාජධානිය හා සෝවියට් සංගමය එක්ව ‘ජර්මනියට එරෙහි හමුදා සහයෝගීතාව’ පිහිටුවා ගත් අතර, ඉන් ටික කලකට පසුව, පර්සියානු සැපයුම් මාර්ගය හා ඉරාන තෙල් නිධි ආරක්ෂා කර ගැනිම සඳහා ඉරානය ආක‍්‍රමණය කළහ.

අගෝස්තු මාසයේ දී එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය එක්ව පශ්චාත් යුද ලෝකය තුළ ජනතාවට සිය පාලන ක‍්‍රමය තෝරා ගැනීමට ඇති අයිතිය පිළිබඳව සඳහන් කරමින් ‘අත්ලන්තික ප‍්‍රඥප්තිය’ නිකුත් කළහ. නොවැම්බර් මස දී ජර්මනිය හා ඉතාලියට එරෙහිව පොදු රාජ්‍ය රටවල්වල හමුදාව කාන්තාරය තුළ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ.

මේ අතර ආසියාව තුළ ජපානය යුද්ධයට සූදානම් වෙමින් පැවතුණි. අධිරාජ්‍ය ජනරාල් මූලස්ථානය සැලසුම් කලේ ගිනිකොණ ආසියාවේ සම්පත් භාවිත කරමින් ආරක්ෂක සටනකට සූදානම් වීම සඳහා සිය භුමි ප‍්‍රමාණය මධ්‍යම පැසිපික් කලාපය තුළ පුළුල් කර ගැනීමට ය. එමගින් එක්සත් ජනපද පැසිපික් බලමුළු මුලින්ම බල රහිත කරමින් සිය භූමිය ආරක්ෂා කර ගැනීමට ද ඔවුන්ට අවශ්‍ය විය. මේ සඳහා ජපානය 1941 දී දකුණු ඉන්දු- චීනය තුළ හමුදා බලය ලබා ගත්තේය. මේ නිසා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුලූ අනෙකුත් බටහිර ආණ්ඩු තමා සතු සියලූ ජපන් දේපළ සන්තකයට ගන්නා ලදී. දෙසැම්බර් 7 වන දින ජපානය බි‍්‍රතාන්‍ය, ලන්දේසි හා ඇමරිකානු භූමි වෙත ප‍්‍රහාර එල්ල කළ අතර, එම විටම ගිනිකොණ දිග ආසියානු හා මධ්‍යම පැසිපික් ප‍්‍රති ප‍්‍රහාර සහ පර්ල් හාර්බර් හි ඇමරිකානු නාවික මූලස්ථානයට එල්ල කළ ප‍්‍රහාරයද දියත් කළේය.

ශ්‍රීලංකාවේ පිහිටවු මුලස්ථාන

අග්නිදිග ආසියාවේ යුද ආඥා මූලස්ථානය -SEAC

ප්‍රංශ හමුදාව යුධ පෙරමුණේ 

එදා ආසියාවේ මූලස්ථානයට යෝග්‍ය ප‍්‍රදේශ සොයමින් බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානයන් ආසියාකරය පීරමින් ඒ සඳහා සුදුසු ආරක්ෂක බිමක් සොයමින් සිටියෝ ය. පසු කලෙක ලංකාවේ ප‍්‍රථම මහාමාර්ග කොමසාරිස් වශයෙන් පත් වූ තෝමස් ස්කිනර් නම් ඉංජිනේරුවරයා මේ මූලස්ථානයට සුදුසු ප‍්‍රදේශයක් සොයා ගැනීමේ ප‍්‍රධාන ම භූමිකාව රඟපෑවේ ය.හෙතෙම හමුදාවේ මේජර්වරයෙක් ද විය. තමාට සිංහල භාෂාව ඉගෙනීමට ආශාවක් ඇති වූ බැවින්, ඔහු ඒ පිළිබඳ ව එවකට මහනුවර ඒජන්ත ව සිටි ඊ.ජේ. ඩයිසන් ගේ සහාය පැතී ය.
 මහනුවර සුදු ඒජන්ත ඩයිසන් ඒ සඳහා නිර්දේශ කළ ගුරුවරයා වූයේ එදා විද්‍යාර්ථ විද්‍යාලයේ සේවා කළ මහනුවර ප‍්‍රදේශයේ එවකට ප‍්‍රථම පන්තියේ සිංහල ගුරු සහතිකය මෙන් ම ඉංගී‍්‍රසි ගුරු සහතිකය ද ලබා සිටි එක ම ගුරුවරයා වූ ඇම්.බී.ඩබ්ලිව්. මැදිවක මහතා ය.මැදිවක මහතා පසු ව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ඇමැතිවරයකු හා සෙනෙට් මන්තී‍්‍රවරයකු වශයෙන් ද ප‍්‍රදේශයට විශාල සේවාවක් සිදු කෙළේ ය. මේ වන විට ස්කිනර් ඉංජිනේරුවරයා මහනුවර දිසාපතිවරයා හා මැදිවක මහතා කුලුපග මිතුරන් බවට පත් ව සිටියෝ ය. යුදයේ උච්චතම අවස්ථාව වන විට බි‍්‍රතාන්‍ය හමුදා මූලස්ථානය පිහිටුවා තිබුණේ නවදිල්ලියේ ය.

නවදිල්ලියෙන් මූලස්ථානය ඉවත්කර ගැනීමේ අවශ්‍යතාව ඉංගී‍්‍රසින්ට තදබල ලෙස දැනෙන්නට විය. ඉංගී‍්‍රසින්ට විශ්වාසවන්ත ව ලෝක සංග‍්‍රාමය වැනි දැවැන්ත මෙහෙයුමක දී අතිශයින් රහසිගත භාවය ආරක්ෂා කිරීමට හැකි සිංහලේ නායකයකු ගේ අවශ්‍යතාව ඔවුනට පෙනී ගියේ ය.

එපමණක් නො ව අදහස් සන්නිවේදනය කරගැනීමේ භාෂා නෛපුණ්‍යය මෙහි දී අවශ්‍ය ම අංගයක් විය. නිරායාසයෙන් ම ඉංගී‍්‍රසින් ගේ මතකයට යොමු වූයේ මැදිවක නාමය භ. ඉංගී‍්‍රසි කිරිටය පමණක් නො ව යටත් විජිත අධිරාජ්‍යයේ ම පැවැත්මේ තීරණාත්මක හෝරාව දැන් එළැඹ තිබේ.

කුණ්ඩසාලේ මූලස්ථානය

ඉංගී‍්‍රසින් ගේ යුද හමුදා මූලස්ථානය ආසියාවේ රටක ස්ථානගත කිරීමේ අදහස ආණ්ඩුකාරයා හරහා මහනුවර දිසාපති මඟින් මැදිවක මහතාට දැනුම් දෙනු ලැබිණි. සිංහලේ අන්තිම රජු වූ නරේන්ද්‍රසිංහ රජතුමා ගේ කුණ්ඩසාලේ නුවර අසල පිහිටි භූමිය මේ යුද හමුදා මූලස්ථානය සඳහා සුදුසු ම ස්ථානය ලෙස බි‍්‍රතාන්‍ය හමුදා නිලධාරීන්ට පෙන්වන ලද අතර, ඒ සඳහා ඔවුන් කැටුව, ක්ෂේත‍්‍ර පරීක්ෂණයන් ද සිදුකැරිණි. තැන්නේකුඹුර පාලමෙහි සිට රජවැල්ල දක්වා වූ භූමි ප‍්‍රමාණය මේ සඳහා යොදාගන්නා ලදි.

යුදෙව් දරුවන් පිරිසක් වධකාගරය තුල 

මේ ප‍්‍රදේශයෙහි පිහිටි ඉංගී‍්‍රසි කොම්පැනිවලට මෙන් ම ස්වදේශිකයන්ට අයිති සියලු ම ඉඩම් යුද නීතිය යටතේ හමුදාව වෙත පවරා ගැනිණි. මේ ප‍්‍රදේශය තුළ පදිංචිවීමට අවසර තිබුණේ හමුදාවේ පිරිස්වලට පමණි. අවශ්‍ය සියලු ම ගොඩනැඟිලි, හමුදා නිවාස, සිනමා ශාලා හා වෙනත් පොදු පහසුකම් ශීඝ‍්‍රයෙන් ඉදිවිය. මහවැලි ගඟින් මෙගොඩ අද පොල්ගොල්ලේ විවෘත විශ්වවිද්‍යාලයය පිහිටි ඉඩමෙහි රාජකීය ගුවන් හමුදා මූලස්ථානය ඉදිවිය.යුද හමුදා මූලස්ථාන ගොඩනැඟිලි ඉදිවූයේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජමාලිගා භූමියෙහි ය. හමුදාවේ පොදු සමාජ ශාලාව General Mess පිහිටුවා තිබුණේ කුණ්ඩසාල වත්තේ ප‍්‍රධාන බංගලාවේ ය. අද ඒ භූමිය අයත් වන්නේ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට ය. ගැහැනු පිරිමි දෙපක්ෂයට ම කෘෂිකර්ම අභ්‍යාස විද්‍යාලයක් ද අද එහි පිහිටුවා ඇත. මෙහි පිරිමි සිසුන් සඳහා වූ නේවාසිකාගාරයෙහි එදා සිතියම් හා මුදල් ආදිය මුද්‍රණය කළ මුද්‍රණ යන්ත‍්‍ර පිහිටුවා තිබිණි.කුණ්ඩසාලේ පිහිටි ආසියාවේ අණදෙන මූලස්ථානයට අතිරේක ව දකුණේ කටුකුරුන්ද, බූස්ස, වීරවිල, රත්මලාන ආදි ස්ථානවල මෙන් ම සීගිරිය, මින්නේරිය, හිඟුරක්ගොඩ, ති‍්‍රකුණාමලය ආදී ස්ථානයන්හි ද එක් එක් බළකායන්ට අයත් වූ කඳවුරු පිහිටුවා තිබිණි.එදා යුද පිටියෙහි වූවෝ ඉංගී‍්‍රසි, ඇමෙරිකන්, ගුරුකා, කාපිරි, කළුඅපි‍්‍රකා, ඉන්දීය ආදි විවිධ රටවල යුද ගුවන් හා නාවික හමුදාවෝ ය. ශ්‍රීලංකාවේ අප ඉබ්බන් දමා කටවල් වසා දැමූ සොල්දාදුවන් කොටසක් ද පාර තොටවල පාගමන් සංදර්ශනවල යෙදී සිටීම එදා අප දුටු සුලබ දසුන් ය. යුදයේ අතුරු ඵලයක් වූ කාබේරි දරුවන් මෙන් ම සුදු දරුවන් ද අපේ කාන්තාවන් වෙත දායාද කර තිබෙනු එදා අපට දක්නට හැකි විය.මේ වන විට දරුණු සටන් පැවැතියේ ඉන්දියාවේ උතුරු නැඟෙනහිරි ප‍්‍රදේශ, ජපානයේ කොහිමා දූපත, බුරුමය, මලයාසියාව, සිංගප්පූරුව එදා අරක්කන් දේශය නමින් හැඳින්වූ චිතගොන් සහ අද ඉන්දුනීසියාව නමින් දක්නා දූපත්වල ය. ඉන්දියාව හා ලංකාව මේ වන විට බි‍්‍රතාන්‍යයට අයත් ව තිබූ අතර බුරුමය, මැලේසියාව, සිංගප්පූරුව හා අද ඉන්දුනීසියාව නමින් දක්නා දූපත් රටවල් ජපානයට අයත් විය. ජපානය මේ සටන්වල ජයග‍්‍රාහී ස්ථාවරයක සිටියේ ය.

කුණ්ඩසාලේ හමුදා මූලස්ථානය අසල භූමියෙහි සංඥා බළකා මූලස්ථානය ද පිහිටුවා තිබුණේ ය. ඒ මූලස්ථානයට දිවා රෑ නොකඩවා දිනකට සංඥා දෙදහසක් පමණ ලැබීමට හා නිකුත් කිරීමට සිදු ව තිබිණි. සාමාන්‍ය සියලු ම මෙහෙයුම් භාර ව තිබුණේ ලංකා ඉන්ෆන්ටි‍්‍ර හමුදාවට ය. (CLI). එය දැනට හාරගම වත්ත නමින් දක්නා ප‍්‍රදේශයෙහි ස්ථාන ගතකර තිබිණි. මුලින් සඳහන් කළ පොල්ගොල්ල ගුවන් හමුදා මූලස්ථානයෙන් මින්නේරිය, සීගිරිය හා පලාලේ ගුවන් හමුදා කඳවුරු පාලනය විය.යුදය පැවැති අවස්ථාවෙහි සිවිල් සම්බන්ධීකරණ කටයුතු ප‍්‍රධානයා ලෙස ඇම්.බී.ඩබ්ලිව්. මැදිවක මහතා පත්කරනු ලැබ හමුදා කඳවුර තුළ නිවාසයක රැඳී සිටීමට අවසරලත් එක ම සිවිල් පුරවැසියා හා සිංහලයා වූයේ ද මැදිවක මහතා ය. දෙවන ලෝක සංග‍්‍රාමය ජයගත් පසු කුණ්ඩසාලේ පිහිටි යුද හමුදා කඳවුරෙහි ඉන්දුනීසියාවෙන් අල්ලාගත් ලන්දේසි අනාථයන් රඳවා තබන ලදී.යුදය මෙහෙයවූ විලියම් ස්ලීම් පසු ව ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කැරිණි. හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලිය ලත් මහා බි‍්‍රතාන්‍යයට මේ සංග‍්‍රාමයෙහි ජයග‍්‍රහණය අත්කර දුන්නේ දුම්බර ජය භූමිය යි. එය එසේ නො වූ වද අප රට ජර්මනියේ හෝ ඉතාලියේ යටත් විජිතයක් වනු නිසැක ය.

මිත‍්‍ර හා සතුරු පාර්ශවයන් විසින් සිදු කරන ලද මහා පරිමාණයේ බෝම්බ ලක්ෂ ගණන් සිවිල් ජනතාවගේ ජීවිත අහිමි කළේය. ජර්මන් නගරවල, විශේෂයෙන්ම ඩි‍්‍රස්මන් හි සිදු වූ ඇන්ග්ලෝ ඇමරිකානු බෝම්බ ප‍්‍රහාරවලින් සිවිල් ජීවිත 600,000ක් විනාශ වී ඇතැයි ගණන් බලා ඇත. 1940 සැප්තැම්බර් මස සිට 1940 මැයි මස දක්වා බි‍්‍රතාන්‍යයට එල්ල කරන ලද ජර්මන් ප‍්‍රහාර මාලාව තුළ ලන්ඩන් නගරයට බෝම්බ හෙළන ලදී. එක් අවස්ථාවකදී එක දිගට රාත‍්‍රී 57ක් නගරයට බෝම්බ හෙළා ඇත. න්‍යෂ්ටික ආයුධ භාවිත කළ ප‍්‍රථම හා එකම අවස්ථාව මෙයයි. එක්සත් ජනපදය විසින් හිරෝෂිමා වෙත ද, ඉන් දින 3කට පසුව නාගසාකි වෙත ද න්‍යාෂ්ටික බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලදී. මෙමගින් සිදු වූ මරණ සංඛ්‍යාව 200,000ක් යයි ගණන් බලා ඇත.

ජිව විද්‍යාත්මක අවි භාවිතය 


ඇමරිකානු ගුවන් හමුදා ගුවන් නියමුවන් 

ඇමරිකනු යුධ නැවක්

ඇමරිකනු යුධටැංකි

ජපානය විසින් භාවිත කරන ලද රසායනික වායු තහනම් කරමින් 1938 මැයි 14 වන දින ජාතීන්ගේ සංගමය ගෙන ආ යෝජනාව හා අනෙකුත් ගිවිසුම් තිබියදී ද, අධිරාජ්‍යවාදී ජපන් හමුදාව රසායනික අවි නිරන්තරයෙන්ම භාවිත කළහ. කෙසේ වුවත්, පළිගැනීමට ඉඩ ඇති හෙයින් ඔවුන් බටහිර රටවල්වලට එරෙහිව මේවා භාවිත නොකළ අතර, අධිරාජ්‍යවාදී ප‍්‍රචාරණය තුළ ‘යටත්භාවය’ සාධාරණීකරණය කළ අනෙකුත් ආසියානු රටවලට එරෙහිව පමණක් භාවිත කරන ලදී. යොෂියති යොෂිමි සහ සෙයියා මත්සුනො යන ඉතිහාසඥයින්ට අනුව, මෙම රසායනික අවි භාවිත කිරීමට නම් හිරොහිතො අධිරාජ්‍යයා විසින්ම විශේෂ නියෝගයක් නිකුත් කළ යුතු විය. නිදසුනක් ලෙස, 1938 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සිදු වූ වුෂාන් ආක‍්‍රමණයේ දී 375 වතාවක් විෂ වායු භාවිත කිරීමට ඔහු අවසර දී තිබේ.1936 දී අධිරාජ්‍ය නියෝගයකින් ක්වැන්ටුන්ග් හමුදාවට එක් කරන ලද අප‍්‍රසිද්ධ 731 ඒකකය :ඹබසඑ 731* වැනි, ජපාන හමුදාවේ විවිධ ඒකක මගින් මිනිසුන් යොදාගනිමින් ජීව විද්‍යාත්මක අවි අත්හදා බලා ඇත. මේවා ප‍්‍රධාන වශයෙන් චීනයට එරෙහිව ද, 1939 නොමොන් හැන් සිදුවීමේ දී මොන්ගෝලියානු හා සෝවියට් සෙබළුන්ට එරෙහිව ද භාවිත කොට තිබේ. 2004 ඕස්ටේ‍්‍රලියානු ජාතික ලේඛනාගාරයේ දී සොයා ගන්නා ලද යොෂිමි හා යුකි මනාකාගේ ලියකියවිලිවලට අනුව, 1944 නොවැම්බර් මස දී තායිපත්වල ඕස්ටේ‍්‍රලියානු හා ලන්දේසි සිරකරුවන් අතර සයනයිඞ් වායුව අත්හදා බලා තිබේ.

යුද්ධය අවසානය 

රජ තුන්කට්ටුව හෙවත් ඇමරිකානු ජනාධිපති නික්සන්,රුසියවේ ජොසප් ස්ටාලින් සහා බ්‍රිතාන්‍යයේ අගමැති වින්ස්ටන් චර්චිල්

මුසලොනි හා ඔහුගේ බිරිඳ සමග තවත් අනුප්‍රාප්තිකයකු
ඉතාලියේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරියේ
 එල්ලා මිනිසුන් විසින් ගල් මුගුරු වලින් පහර දි මරා දමා
තිබුන ආකාරය 

ඇමරිකනු භටයකු විසින් ජයග්‍රහණය
සැමරිමට යුවතියකට හාදුවක්
දෙන අයුරු
1944 දෙසැම්බර් 16 දින ජර්මන් හමුදා ආර්ඩන්ස් හි දී බටහිර මිත්‍ර හමුදාවන්ට ප්‍රතිප්‍රහාර ඵල්ල කළේය. මිත්‍ර හමුදාවන්ට ඵම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සති හයක් ගත විය. සෝවියට්වරු හංගේරියාව හරහා පැමිණ පහර දුන්හ. ඵ් අතරේ දී ජර්මනිය, ග්‍රීසිය සහ යුගොස්ලෝවියාව අතහැර දැමුවේය. ඉතාලියේ දී මිත්‍ර හමුදා ජර්මන් හමුදාවල අරක්ෂක වැට ඉදිරියේ දුර්මුඛව සිටියේය.1945 ජනවාරි මැද භාගයේ දී සෝවියට්වරු පෝලන්තයට පහර දුන්හ. ඔවුහු විස්ටුලා නදියෙන් ජර්මනියේ ඔඩර් නදියට ගොස් ඵතැනින් නැගෙනහිර පර්සියාව ද ඉක්මවමින් ඉදිරියට ගියහ. පෙබරවාරි 4 දින ඵක්සත් ජනපදය,බ්‍රිතාන්‍ය සහ සෝවියට් නායකයන් යෝල්ටාවේ දී මුණ ගැසුනාහ. ඔවුහු යුද්ධයෙන් පසු ජර්මනිය අත්කර ගැනීම ගැන ද ජර්මනියට ඵරෙහිව සෝවියට් සංගමය යුධ වදින්නේ කවදා ද යනුවෙන් ද ඵකඟතාවයකට පැමිණුනාහ.පෙබරවාරියේ දී බටහිර මිත්‍ර හමුදා ජර්මනියට ඇතුළු වී රයින් නදිය වෙතට ළඟා වූහ. මේ අතර සෝවියට්වරු පොමරේනියාව සහ සිලේසියාව ආක්‍රමණය කළහ. මාර්තුවේ දී බටහිර මිත්‍ර හමුදා රයින් නදිය තරණය කොට රූර් පෙදෙසින් උතුරින් හා දකුණින් ජර්මන් හමුදා කොටුවන සේ වට කළහ. මේ අතර සෝවියට් හමුදා වියානා දක්වා ඉදිරියට පැමිණියහ. අප්‍රේල් මුලදී බටහිර මිත්‍ර හමුදා අවසාන වශයෙන් ඉතාලියෙන් ඉදිරියට ගොස් බටහිර ජර්මනිය ජයග්‍රහණය කළේය. මේ අතර අප්‍රේල් අගභාගයේ සෝවියට් හමුදා බර්ලිනයට පහර දී අල්ලා ගත්හ. අප්‍රෙල් 26 දින බටහිර හමුදා සහ සෝවියට් හමුදා ජර්මනියේ දී ඵකට ඵකතු වූහ.අප්‍රෙල් 12 දින ඵක්සත් ජනපදයේ ජනාධිපති රුස්වෙල්ට් මිය ගියේය. ඔහුගෙන් පසු හැරී ටෲමන් ජනාධිපති පදවියට පත් විය. ඉතාලි පාක්ෂිකයින් විසින් අප්‍රේල් 28 දින මුසෝලිනි මරා දමනු ලැබීය. දෙදිනකට පසු හිට්ලර් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගත්තේය. ජර්මානු හමුදා ඉතාලියේ දී අප්‍රේල් 29 දින යටත් වූ අතර මැයි 7 වෙනිදා ජර්මනිය යටත් විය.පැසිපික් කලාපයේ දී 1944 අවසානයේ දී පමණ ‘ලෙයිටෙ’හි බාධක ඉවත් කරමින් ඇමෙරිකන් හමුදා ඉදිරියට ගියේය. ඔව්හු 1945 ජනවාරි ලූසෝන් වෙතද මාර්තුවේදී මින්දනාඕ වෙතද ගොඩ බැස්සාහ. බ්‍රිතාන්‍ය සහ චීන හමුදා ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාළය තුළ උතුරු බුරුමයෙන් ජපානය පලවා හැරියේය. අනතුරුව මාර්තු 3 වැනිදා වන විට බ්‍රිතාන්‍යය රැන්ගුන් දක්වා ඉදිරියට සීඝ්‍රයෙන් ගියේය.

බ්‍රිතාන්‍යයේ වැසියන් ජයග්‍රහණය සමරමින් 

ජයග්‍රහණය සමරන ඇමරිකනුවෝ 

ඇමෙරිකන් හමුදාවන්ද ජපානය දෙසට ගියේ මාර්තු වන විට ‘ඉවො ජිමා’ සහ ජුනි වන විට ‘ඔකිනාවා’ ග්‍රහණය කර ගනිමිනි. ඇමෙරිකන් යුධ ගුවන් යානා ජපන් නගර වලට බෝම්බ ප්‍රහාර ඵල්ල කොට ඵ්වා විනාශ කළහ. ඇමෙරිකන් සබ්මැරීන් හමුදාව විසින් ජපානයේ ආනයන කටයුතු නවතා දැමුවේය. ඵහෙත් ජපන් නායකයින් දිගටම සටන් කළ යුතු යැයි තීරණය කළේ මිත්‍ර හමුදාවන් පරාජය කොට අනතුරුව සාම කථා පැවැත්වීමේ අදහසිනි.ජුලි 11 දින මිත්‍ර රටවල්වල නායකයෝ ජර්මනියේ පෝට්ස්ඩෑම්හි දී හමූවූහ. ඔවුහු කලින් ජර්මනිය සම්බන්ධයෙන් තිබූ ගිවිසුමක් නැවත ස්ථිර කරමින් කොන්දේසි විරහිතව යටත්වන ලෙස ජපානයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ “ජපානයට ඉක්මන් විකල්පයක් සහ සම්පූර්ණ විනාශයක් අවශ්‍යයි” යනුවෙන්ද ප්‍රකාශ කරමිනි. මෙම සාකච්ඡා අතර වාරයේ බ්‍රිතාන්‍යය ඵහි මැතිවරණයක් පැවැත් වූ අතර ඵයින් චර්චිල් වෙනුවට ක්ලෙමන්ට් ඇට්ලි අගමැතිවරයා වශයෙන් තේරී පත් විය.ජපානය පෝස්ට්ඩෑම් කොන්දේසි ප්‍රතික්ෂේප කළේය.ඇමරිකානු එක්සත් ජනපදය අගෝස්තු 6 හිරෝෂිමාවට ද අගෝස්තු 9 නාගසාකි නගරයට ද බෝම්බ දැමූහ. අගෝස්තු 8 වැනිදා සෝවියට් දේශය මැන්චූරියාව ආක්‍රමණය කළේ යෝල්ටාවේ දී ඵකඟ වූ පරිද්දෙනි. යුද්ධය නිමා කරමින් 1945 අගෝස්තු 15 දින ජපානය යටත්විය

1945 සිට 1951 දක්වා ජර්මන් හා ජපාන නිලධාරීහූ යුද අපරාධ පිළිබඳ ව චෝදනා ලැබූහ. එම චෝදනා වූයේ සාමයට එරෙහි අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සටන්වලට මුල පිරීම හා වෙනත් ඒවාය. බොහෝ ජර්මානු නිලධාරීන් නියුරන්බර්ග් යුද අධිකරණය තුළ ද, ජපන් නිලධාරීන් ටෝකියෝ යුද අපරාධ අධිකරණය සහ ආසියා පැසිපික් කලාපයේ අනෙකුත් යුද අපරාධ අධිකරණවලදී ද විනිශ්චයට බඳුන් කෙරිණි. අනෙකුත් බොහෝ පහළ නිලධාරීන් නියුරන්බර්ග් විනිශ්චය සභාවට පසුව ඇති කළ විනිශ්චය සභා, ඩචවු අධිකරණය :ෘ්ජය්ම* සහ කබරොව්ස්ක් යුද අපරාධ අධිකරණය වැනි කුඩා අධිකරණ තුළ විනිශ්චයට ලක් කෙරිණි. ජාත්‍යන්තර නීතිය ඒකාබද්ධ උල්ලංඝනය කිරීම (විශේෂයෙන්ම 1939 පෝලන්තය විසින් සෝවියට් සංගමය ආක‍්‍රමණය කිරීම) හෝ ඒකාබද්ධ යුද අපරාධ සිදු කිරීම (සතුරු රටවලට බෝම්බ හෙළිම හෝ නැගෙනහිර යුරෝපය තුළ සෝවියට් කෲර ක‍්‍රියා) සම්බන්ධව සැලකිය යුතු විනිශ්චයන් සිදු නොවීය.

ලොක යුද්ධය සම්බන්ද සාහිත්‍ය කෘති 

දෙවන ලෝක යුද්‍ධයෙහි නිමාව සිට දළ වශයෙන් 1960 දශකයෙහි අගබාගය හා 1970 දශ‍කයේ මුල් භාගය වන කාලය තුල ඇමෙරිකානු ඉතිහාසයේ ඉතාමත්ම ජනප්‍රිය කෘතින්ගේ එලිදැක්වීම සිදුවිය. අවසන් යථාර්තවාදි නුතන අදහස් දරන්නන් සහ හණමිටි සමාජය අප්‍රිය කළ කරුණු ප්‍රේමාන්විතයින් මේ කාලය තුල පෙරමුණ ගත් අතර, ඔවුන්ගේ කාර්යයට දෙවන ලෝක යුද්ධයට ඇරමරිකාව හවුල් කිරිමට විත්ත්කරුවන් වුවන්ගේ බලපෑම ද නොමැද විය.

ජේ.ඩී සැලින්ගර් හේ Nine Stories හා The Catcher හා the Rye වැනි කෘතින් ගේ සිට ශිල්පාය ප්ළාත්ගේ The Bell Jor වැනි කෘතින් දක්වා වු නිර්මාණ, ඇමරිකානු එක්සත් ජනපදයේ උමතුව ජාතියේ සාහිත්‍යමය ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට හවුල්විය. වෙනත් රටවලින් ඇමරිකානු එක්සත් ජනපදයට පදිංචියට පැමිණි එලදිමිර් නෝබෝකොන් වැනි කතුවරැන් Lolita වැනි කෘතින් මගින් මෙම මාතෘකාව ඉදිරියට ගෙන ගිය අතර, එම කාලය තුලදිම ඉහත දැක්වු තරුණ ප්‍රේමාන්විතයින් ඔවුන්ගේ Lost පුර්වජයන්ගෙන් සංවිධානාත්මක පියවරක් ඉවතට තැබීය.

නිව්යෝර්ක් නුවර හා කොලොම්බියා සරසවිය ආශ්‍රිතව ගොඩනැගී යම් කාලයකට පසු සැන් ‍ෆ්‍රෙන්සිස්කෝ නුවර නිල වශයෙන් පිහිටවනු ලැබු බුද්ධිමතුන්ගේ කව මගින් බිහිවු Beat Generation හි කවි හා ප්‍රබන්ධ කරලියට පැමිණියහ. Beat යන පදය 'ජෑස්' සංගීතයේ ප්‍රතිවරැද්ධ සංස්කෘතික රිද්මයටත්, යුද්ධයෙන් පසුවත් පැවති වෙනස්වීම් වලට ඇති අකමැත්ත කෙරෙහි වු කැරලිකාර ස්වභාවයත්, මත්ද්‍රව්‍ය, මත්පැන් දර්ශනවාසය හා සෙන් බෞද්ධාගම ප්‍රමුඛ ආගම් වලින් ලැබුනු නව ආත්මීය අත්දැකීමුත් සහ සියල්ලම හැදින්විමට සාමුහිකව භාවිත කරන ලදී. ඇලන් ජින්ස්බර්ග් විසින් ඔහුගේ Howl නම් කවිය මගින් මෙම යාන්ත්‍රණයට අවශ්‍ය තාලය සපයන ලදි. මාගේ පරම්පරාවේ සුවිශේෂම බුද්ධිමතුන් උමතුව මගින් විනාශ වනු මම දුටිමි... ලෙස ආරම්භ වු මෙම කවිය වෝල්ට් විට්මෑන්ගේ කෘතින්ට සමානකමක් දැක්විය. මේ කාලය තුලදීම ඇලන් ජින්ස්බර්ගේ මිත්‍රයෙකු වු ජැක් කොරොවුවැක් (1922-1969) ගේ ජනප්‍රියම නවකථාව වන The Road මගින් Beats ලෙස හැදින්වුවන්ගේ විනෝදකාමී, බාහිර බලපෑම් රහිත, ස්ථර පදිංචියක් පවා නැති ජීවින විග්‍රහ කරන ලදි. දෙවන ලෝක යුද්ධයට පසු සමය යුද්ධ නවකථා සම්බන්ධව නම් ඇමරිකානු එක්සත් ජනපදය තුල විශාල සංගීත්‍යමය පිබිදිමක් ඇති වු සමයක් විය. නෝමන් මේලර් ගේ The Naked and the dead (1948) ජෝසප් හෙලර්ගගේ Catch -22 (1961) සහ කර්ථ වොන්නෙගට් ජුනියර්ගේ Slaughter House- Five (1969) වැනි කෘතින් මේ කාලය තුලදී ඉතාමත් ජනප්‍රිය වු කෘතින් අතුරින් කිහිපයකි. බාබරා ගාර්කන් විසින් රචිත Mac Bird කෘතිය යුද්ධයෙන් නිරර්ථක භාවය විදහාපාන තවත් කෘතියක් විය.සංසන්දනාත්මකව බැලු කල, ජෝන් අප්බයික් ඇමෙරිකානු ජීවිතයේ ගැමි ජීවිතය අලංකාරව විස්තර කිරිමක් ලෙස සැලකිය හැකි කෘතින් නිහඩ එහෙත් පෙරලිකාර රචනා ශෛලියකින් ඉදිරිපත් කලේය. ඇමෙරිකානු මධ්‍යම පන්තියෙහි කුඩා තොරතුරු පවා චරිතයට නැගීම නිසා 1960 දි රචිත Robbit Run නමැති කෘතිය නවමු අත්දැකිමක් විය. මෙම නවකථාව වර්ථමාන කාලය එහි කථා විස්තරයට යොදාගත් පළමු නවකතා කිහිපය අතරින් එකක් ලෙස ද සැලකේ.