Tuesday, December 9, 2014

රූමැටිසියා ප්‍රදාහය

අප වෙසෙන පරිසරයේ නොයෙකුත් විෂබීජ වෙසෙති.එමගින් විවිධ ලෙඩ රෝග මිනිසාට සම්ප්‍රේශණය විය හැක.‍ස්ට්‍රෙප්ටොකොකස් යන නමින් හැඳින්වෙන්නේ එයින් එක් විෂබීජයෙකි.මෙම ස්ට්‍රෙප්ටොකොකස් විෂබීජය උගුරේ ආසාදන ඇති කිරීමට සමත් වෙයි. එවිට කෙළ ගිලීම අපහසු වීම,උගුර වේදනාකාරී වීම,සෙම්ගෙඩි සැදුන විට ඒවා  විශාල වීම,උගුර රතු වී පෙනීම,සෙම්ගෙඩි මතුපිට සුදු- කහ ලප පෙනීම වැනි ලක්ෂණ පෙන්වනු ලබයි .බෙහෙත් ගත්තත් නොගත්තත් මෙම රෝගය සුව වෙයි. උගු‍රේ ආසාදනය සුව වෙන්නේ රෝගියාගේ ශරීරය, එම ස්ට්‍රෙප්ටොකොකස් විෂබීජයට එරෙහි ව ප්‍රතිදේහ නිපදවන බැවිනි.මෙම ප්‍රතිදේහ රුධිරය මගින් ශරීරය පුරා ගමන් කරයි. ප්‍රතිදේහ වල ක්‍රියාව නම් ශරීරයේ ඇති ස්ට්‍රෙප්ටොකොකස් විෂබීජ විනාශ කර දැමීමයි.බොහෝ අය සම්බන්ධයෙන් නම්, ස්ට්‍රෙප්ටොකොකස් ආසාදන පිළිබද කතා පුවත මෙයින් කෙළවර වෙයි.එහෙත් ස්වල්ප දෙනකුගේ රෝග තත්ත්වය දිග් ගැස්සෙයි.එම පිරිස ගේ ශරීරය තුළ ඇති ස්ට්‍රෙප්ටොකොකස් ප්‍රතිදේහ, එම විෂබීජයට එරෙහිව ක්‍රියා කරනවා පමණක් නොව, රෝගිය‍ෙග් හන්දිපත් වලටත්, හෘද ‍කපාට වල ඇති ඇතැම් සංඝටක වලටත් එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගනියි.රූමැටිසියා ප්‍රදාහය (ආමවාතය) යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙම රෝග තත්ත්වයයි.

රූමැටිසියා ප්‍රදාහයේ නොහොත් ආමවාතයේ ලක්ෂණ 

  • මෙය සාමාන්‍යයෙන් වයස අවු: 5-15 ත් අතර දරුවන්ට වැළ‍ඳෙන රෝග තත්ත්වයකි 
  • මුලින්ම  ඇරැ‍ඹෙනුයේ උගුරේ ආසාදනයක් ලෙසිනි. කෙළ ගිලීමට අපහසු වන අයුරින් සෙම්ගෙඩි විශාල වේ. උගුර රතු වී වේදනා සහගත වේ. ‍එයින් සති කිහිපයකට පසු සිරුරේ හන්දි ඉදිමේ. හන්දි ඉදිමෙන විට උගු‍රේ අමාරුව සුව වී සති කීපයක් ඉකුත් ව ඇත. වැළමිට, දණහිස, වළලුකර වැනි හන්දිය, ඉදිමෙනුයේ මේ හන්දි එකවර ඉදිමෙන්නේ නැත. එක් එක් හන්දිය දිනකට, දෙකකට පමණ ඉදිමී ඉබේ ම සංහි‍‍‍‍‍ඳේ
  • අතැම් අයට පමණක් හෘද කපාට වල විකෘතිතා ඇතිවේ.
සෙම්ගෙඩි මතුපිට සුදු- කහ ලප පෙනීම වැනි
 ලක්ෂණ පෙන්විම 



  • ඉහත ‍සඳහන් මේ රෝග ලක්ෂණ ඇත් නම්,
  •  වහාම දරුවාට ඇඳ විවේකය ලබා දිය යුතුය (සෙල්ලම් කිරීම, ඇවිදීම වැනි වෙහෙස වන ක්‍රියාකරකම් වලින් වෙන්කොට තැබියයුතුය .)
  • වෛද්‍ය උපදෙස් ඉක්මණන් ම ලබා ගත යුතුය 
  • රූමැටිසියා (ආමවාතය) යන රෝග නිර්ණය ස්ථිර කරනු ලැබුව හොත් මාසිකව බෙන්සතීන්පෙනිසිලීන් නම් ‍‍ඖෂධය ශරීර ගත කළ යුතුය.
  •  විකල්පයක් වශයෙන් දිනපතා පෙනිසිලින් පෙති ගත හැකිය

  • කොපමණ කාලයක් මෙම නික්ෂේපණය කළ යුතුද යන්න බොහෝ අයට ඇති ගැටලුවකි. හෘදයට බලපෑමක් ඇත්නම් අඩුම ග‍ණනේ මැදිවිය ඉක්මවා යන තුරුත් හෘදයට බලපෑමක් නැත්නම් අවු: 21 ක් පමණ වනතුරුත් එය විද ගත යුතුය.


දතක් උගුල්ලන්නට හෝ සුළු ශල්‍යකර්මයක් කරන්නට හෝ පෙර රූමැටිසියා ප්‍රදාහ රෝගීන් ප්‍රතිජීවක ඖෂධ ගත යුතුය. එබැවින් සෑම විටම තමන් රූමැටිසියා ප්‍රදාහ රෝගියෙකු බව වෛද්‍යවරයාට කීමට මතක තබා ගත යුතුය.රූමැටිසියා ප්‍රදාහ රෝගියකුට දින තුනකට වඩා උණ තිබුණහොත් වහාම වෛද්‍ය උපදෙස් සොයා යා යුතුය.

හන්දී ඉදමීමක් නොමැතිව ඇති වන ආමවාතය

  •  ඇතැම් ආමවාත රෝගීනට හන්දිවල ඉදිමීමක්, වේදනාවක් නොමැතඇතැම් විට දරුවාට අසාමාන්‍ය ‘දැඟැලිල්ලක්’ ඇති වේ. එක තැන නොසිටියි. දිව එළියට දමයි. අත් පා ඔසවා අනවශ්‍ය ඉරියව්වල යෙදෙයි. මෙබදු දරුවන්ට ද ආමවාතය වැළදී ඇත්දැයි පරීක්ෂා කර ගනු ප්‍රයෝජනවත්ය.






No comments:

Post a Comment