Wednesday, October 29, 2014

ප්‍රථම සද ගමන (ඇපලෝ 11 මෙහෙයුම)


ඇපලෝ 11 මෙහෙයුම් ලාංඡනය

සද යනු අප නිවහන වන පෘථිවියේ උප ග්‍රහයා වේ.සුර්‍යයාගෙන් පැම්ණෙන අලෝකර පරවර්තනය වි සුදු පැහෙයෙන් රත්‍රි අහසේ බබළන චන්ද්‍රයා සාහිත්‍ය කරුවන්ගේ නිරන්තර අවධානය දිනගත් මාතෘකාවක් විය.නමුත් මා මෙහි පැවසිමට යන්නේ සාහිත්‍ය ගැන නම් නොවෙයි.ඇමරිකාවේ නාසා අයතනය දියත් කල ඇපලෝ මෙහෙයුම් සමුහයේ මෙහෙයුමක් වු  ඇපලෝ 11 මෙහෙයුම සඳ මත මිනිසුන් ගොඩ බැස්වූ ප්‍රථම මෙහෙයුම විය. එය ඇපලෝ මෙහෙයුමෙහි පස් වන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන වූ අතර තෙවන මිනිසුන් සහිත සඳ ගමන විය. 1969 ජුලි 16 නිකුත් කරන ලද මෙහි අණ දෙන නීල් ආම්ස්ට්‍රෝන්, අණ දෙන මොඩියුලයේ නියමු මයිකල් කොලින්ස් හා චන්ද්‍ර මොඩියුලයේ නියමු එඩ්වින් ඕල්ඩ්‍රින් ඇතුළත් විය. ජූලි 20 වනදා ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූ අතර කොලින්ස් ඉහලින් කක්ෂගත විය.

ඊගල් චන්ද්‍ර යානය (LM: 1969-059C)


ඊගල් චන්ද්‍ර යානය (LM: 1969-059C)



 Saturn 5 (SA-506) රොකට්ටුව 

ඇපලෝ යනය ප්‍රධාන කොටස් 3 කින් සමන්විත විය කිලෝවක් 5560 බර අණදෙන යනාව වු කොලොම්බියා (CM-107) යානය,කිලෝග්‍රෑම් 23243 බර SM-107 සේවා ඒකකය සහා කිලෝග්‍රෑම් 15095 බර ඊගල් (LM-5) චන්ද්‍ර යානය එයට අයත් විමෙම ගමෙනේ දි චන්ද්‍ර යානය සඳහා භාවිතා කල සංකේත නාමය වුයේ LM: 1969-059C වන අතර,සේවා මොඩියුලය CSM: 1969-059A සාංකේත නාමයෙන් හැදින්වින.මෙහි චන්ද්‍ර යානය Grumman Aircraft Engineering Corporation ඇමරිකානු ආයතනය විසින් නිර්මාණය කල අතර Rockwell International අයතනය සේවා මොඩියුලය නිර්මාණය කරන ලදි.දින 8 පැය 3 මිනිත්තු 18 තත්පර 33 පුරා දිවෙන මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වු ඇපලෝ 11 මෙහෙයුම 1969 ජුලි මස 16 දින අරම්භ කෙරිනි.ඇමරිකවේ කෙනඩි අභයාවකාශ මධ්‍යස්ථානයේ සිට Saturn 5 (SA-506) රොකට්ටුව මගින් නීල් ආම්ස්ට්‍රෝන්,මයිකල් කොලින්ස් සහා එඩ්වින් ඕල්ඩ්‍රින් යන ගගනගාමින් රැගෙන සද බලා පෘතුවියෙන් පිටත්විය.


විශාල වශයෙන් ජනතාව ගුවන් ගත කිර්‍ර්ම නැරඹීම සදහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවට මහාමර්ග වල සහ වෙරළවල් වල රැස්වී සිටි අතර මිලියන ගනන් ජනතාව රූපවාහිනිය හරහා සම්බන්ද වී සිටියහ. ඇමරිකානු ජනධිපති රිචඩ් නික්සන්, ධවල ම්න්දිරයේ ඕවල් ඔෆිස් හි සිට රූපවාහිනිය ඔස්සේ මෙහෙයුම නැරඹීය. 

Saturn 5 (SA-506) රොකට්ටුවපෘතුවියෙන් පිටත් විම 

1969 ජුලි 16 දින පෙ: ව: 9:32:00 ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ, අංක 39 ගුවන්ගත කිර්‍රමෙ සංකීර්ණයේ,අංක 39 ඇ ගුවන්ගතකිරීමේ පීඨිකාවෙන් ඇපලෝ 11 අභ්‍යවකාශ කරන ලදී.මේ සදහා සැටර්න් V (S-IVB) නැමති රොකට්ටුවක් උපයොගී කර ගන්නා ලදී..විනාඩි 12 පසු යානය කක්ෂ ගත වෙයි[1].කක්ෂීය චලිත 1.5 පසු ,S-IVB හි තුන්වන අදියරේ එන්ජිම මගින් ඇපලෝ 11 යානය සද වෙත යන ගමන් පථයකට යොමුකරන ල්දී.විනඩි 30 පසු, අණදීමේ ඒකකය හා සේවා ඒකකය S-IVB ගෙන් වෙන්වී චන්ද්‍ර යානය සමග සද වෙත යන ගමන් පථයට පිවිසෙයි. S-IVB හි තුනවන අදියරේ විදිනය, සදත් පසුකරගෙන ගොස් හිරුවටා යන කක්ෂ්යට පිවිසෙයි.

ආම්ස්ට්‍රොන් ගෙ පලමු පියවර මගින් සද මතුපිට වු සලකුණ අද වන තුරුම සද මතුපිට පවතින්නේ සද මටුපිට සුලං ප්‍රවහ නොමැති බැවිනි.පසුව මොවුන් සද මටුපිට පාශාණ සහා පස් සම්පල පෘතුවිය වෙත ගෙන ඒමට එකතු කරන ලදි.


ජූලි 19 වනදා ඇපලෝ 11 චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර චන්ද්‍ර කක්ෂයට ඇතුල් වීම සඳහා එහි සේවා ප්‍රචාලක එංජිම ක්‍රියාත්මක කරන ලදී. එය විසින් පසු කරන ලද කක්ෂ 30 තුළ දී කාර්ය මණ්ඩලය විසින් සැබයින් (Sabine) D ආවාටයට 20km පමණ නිරිත දෙසින් වූ දක්ෂිණ නිසල සයුරේ ඔවුන්ගේ ගොඩබෑම් ස්ථානය නිරීක්ෂණය කරන ලදී. මෙම ගොඩබැස්වීම් ස්ථානය තෝරා ගන්නා ලද්දේ ස්වයංක්‍රීය රේන්ජර් 8 හා සර්වේයර් 5 ලෑන්ඩර හා චන්ද්‍ර කක්ෂ සිතියම්ගත කිරීමේ අභ්‍යාවකාශ යානයමඟින් මෙම ප්‍රදේශය සාපේක්ෂව පැතලි හා සුමට ලෙස වර්ගීකරණය කර තිබූ බැවිනි.

කෙනඩි අභයාවකාශ මධ්‍යස්ථානය අවට සද ගමන නැරබිමට ජනතාව රැස්ව සිටි ආකරය 



ඇපලෝ මෙහෙයුමේ සහයක  කණ්ඩයම ලෙස චාලී ඩියුක් (කැප්සියුල සන්නිවේදක),රොනල්ඩ් එවන්ස් (කැප්සියුල සන්නිවේදක),ඔවෙන් කේ ගැරත් (කැප්සියුල සන්නිවේදක),ඩොන් එල් ලින්ඩ්, (කැප්සියුල සන්නිවේදක),කෙන් මැටින්ග්ලි (කැප්සියුල සන්නිවේදක),බෲස් මැක්කැන්ඩ්ල්ස් 11(කැප්සියුල සන්නිවේදක),හැරිස්න් ශ්ම්දිට්(කැප්සියුල සන්නිවේදක) ලෙස ක්‍රියත්මකකිරිමට සහය විය එසෙම Cliff Charlesworth කොල කණ්ඩායමේ ගුවන්ගත කිරීම සහ EVA කටයුතු සම්බන්ද ප්‍රධානියා ලෙස කටයුතුවල නිරත විය.Gene Kranz සුදු කණ්ඩායමේ ප්‍රධානියා ලෙස චන්ද්‍රයා වෙත ගොඩබැසීමේ කටයුතු මෙහෙයවිය.Glynn Lunney කලු කණ්ඩායමට නායකත්වය දෙමින් චන්ද්‍රයා වෙතින් නික්ම පෘතුවිය වෙත පැමිනිම අධික්ෂණය කරන ලදි.

ඇමරිකවේ නාසා ආයතනයේ Charles Duke,James Lovell සහා Fred Haise


ඇමරිකවේ නාසා ආයතනයේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය

ජූලි 19 වනදා ඇපලෝ 11 චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර චන්ද්‍ර කක්ෂයට ඇතුල් වීම සඳහා එහි සේවා ප්‍රචාලක එංජිම ක්‍රියාත්මක කරන ලදී. එය විසින් පසු කරන ලද කක්ෂ 30 තුළ දී කාර්ය මණ්ඩලය විසින් සැබයින් (Sabine) D ආවාටයට 20km පමණ නිරිත දෙසින් වූ දක්ෂිණ නිසල සයුරේ ඔවුන්ගේ ගොඩබෑම් ස්ථානය නිරීක්ෂණය කරන ලදී. මෙම ගොඩබැස්වීම් ස්ථානය තෝරා ගන්නා ලද්දේ ස්වයංක්‍රීය රේන්ජර් 8 හා සර්වේයර් 5 ලෑන්ඩර හා චන්ද්‍ර කක්ෂ සිතියම්ගත කිරීමේ අභ්‍යාවකාශ යානය මඟින් මෙම ප්‍රදේශය සාපේක්ෂව පැතලි හා සුමට ලෙස වර්ගීකරණය කර තිබූ බැවිනි. එමනිසා එය විශාල ගොඩබැස්වීමේ බාධක හෝ අතිරේක රථ වාහන ක්‍රියාකාරකම්වලට බාධක ඇති කිරීමට එතරම් නැඹුරුතාවක් නොදක්වයි.

1969 ජූලි 20 වනදා ඊගල් ලූනා මොඩියුලය කොළොම්බියා අණ දීමේ මොඩියුලයෙන් වෙන්වි සද වෙත ගමන් කිරිම 


1969 ජූලි 20 වනදා ඊගල් ලූනා මොඩියුලය කොළොම්බියා අණ දීමේ මොඩියුලයෙන් වෙන්විය. කොළොම්බියාහි තනිව සිටි කොලින්ස් විසින් ඊගල් එය පසු කර යනවාත් සමඟ යානයට හානි වී නොමැති බව සැක හැර දැන ගැනීම සඳහා පරීක්ෂා කරන ලදී. ආම්ස්ට්‍රෝන් හා ඕල්ඩ්‍රින් ඊගල්ගේ ගොඩබැස්සවීමේ එන්ජිම සඳ මතට ගොඩ බෑම සඳහා යොදා ගන්නා ලදී.

‍ගොඩබෑම් පටන් ගන්නවාත් සමඟම ආම්ස්ට්‍රෝන් විසින් අපි දුරට යනවා යැයි වාර්තා කරන ලදී. ඊගල් එහි සැලසුම් කරන ලද ගොඩ බෑමේ ප්‍රක්ෂේපිතයට වඩා තත්පර 4ක් එපිටින් වූ අතර ඒ නිසා අදාල ප්‍රදේශයෙන් සැතපුම් ගණනක් බටහිරින් සඳ මත පතිත වනු ඇත. LM මඟ පෙන්වීම් පරිගණකය LM ගොඩබැස්වීම මඟ පෙන්වීමත් සමඟ වැඩ සටහන් දැනුම් දීම් කිහිපයක් වාර්තා කරන ලදී. එමනිසා ගොඩ බෑම සිදු වන අතරතුර කාර්ය මණ්ඩලයේ අවධානය ද බාහිර වටපිටාවෙන් ඉවතට යොමු කිරීමට හේතු විය. ටෙක්සාස් හූස්ටන්හි වූ නාසාහි මෙහෙයුම් පාලක මධ්‍යස්ථානය තුළ වූ පරිගණක ඉංජිනේරු ජැක් ගාමන් මඟ පෙන්වීමේ නිළධාරී ස්ටීව් බේල්ස්ටර් ප්‍රකාශ කර සිටියේ දැනුම් සිදු වුව ද ගොඩ බැස්වීම අඛණ්ඩව සිදු කිරීම ආරක්ෂා සහගත බවයි. ආම්ට්‍රෝන් ඔහුගේ අවධානය වටපිටාව දර්ශනය කර ගැනීම සඳහා යොමු කළ විට ඔහුට තේරුම් ගියේ පරිගණකය විසින් ඔවුන්ට මඟ පෙන්වනු ලබන්නේ පාෂාණ විසිරී ඇති විශාල ආවාටයක් දෙසට බවයි. ඉන්පසු ආම්‍ස්ට්‍රෝන් විසින් පාලනය ඔහුගේ අතට ගන්නා ලද අතර ඕල්ඩ්‍රින් මඟින් රේඩා‍රයේ පරිගණකයේ දත්ත ලබා ගනිමින් ජුලි 20 වන දා ප.ව 8.17 ට තත්පර 30ක ඉන්ධන ද ඉතිරි කර ගනිමින් මොඩියුලය ගොඩබැස්වුම් ස්ථානයට ගෙන යන ලදී.

වැඩ සටහන් දැනුම් දීම වූයේ පරිගණකයෙහි සකස් කිරීමේ කාර්යය සම්පුර්ණ කර නොමැති බව ඇඟවීමටය. මෙම හේතුව පසුව පුහුණුවීම් දෝශවලට ඈඳන ලදී. පරිගණකය ගොඩබෑම අතරතුර දී ඉවත දමන ලද LM රේඩාරයේ අතිරේක දත්ත සකස් කිරීම සඳහා සැලසුම් කර ඇති කාලයට වඩා වැඩි කාලයක් ගත කර ඇත. ඇපලෝ 11 අනෙකුත් මෙහෙයුම්වලට වඩා අඩු ඉන්ධන සහිතව ගොඩ බෑම සිදු කළ නමුත් එය ඉන්ධන අඩු අනතුරු ඇඟවීමකට මුහුණ දෙන ලදී. පසුව සොයා ගන්නා ලද්දේ මෙය සිදු වූයේ චන්ද්‍ර ගුරුත්වාකර්ෂණය නිසා බවයි. අනාගත මෙහෙයුම්වලදී ටැංකි සඳහා අමතර ආරක්ෂණ යොදා ගන්නා ලදී.

බස් ඕල්ඩ්‍රින් විසින් සඳ මතුපිට දී LM මඟින් ප්‍රථම වචන කිහිපය කතා කරන ලදී. ගොඩ බැස්වීම් පුරාවට LM මෙහෙයවීමේ නිරතව සිටි ආම්ස්ට්‍රෝන්හට ගොඩ බැස්වීමේ දත්ත ලබා දුන්නේ ද ඕල්ඩ්‍රින් විසිනි. ඊගල් ගොඩබැසීමත් සමඟම ඕල්ඩ්‍රින් විසින් “contact light ! ok, engine stop. ACA – out of detent” ප්‍රකාශ කරන ලද අතර ආම්ට්‍රෝන් විසින් “out of detent” යයි ප්‍රකාශ කර අතර නැවත ඕල්ඩ්‍රින් විසින් “Mode control – both auto. Descent engine command override off. Engine arm – off. 413 is in”

ඉන්පසු ආම්ට්‍රෝන් ජනප්‍රිය වචන කිහිපයක් වූ “Houston, tranquility base here. The eagle has landed.” යැයි ප්‍රකාශ කරන ලදී. මෙය පාලක මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය යන්තමින් කලබලයට පත් කරන ලදී. එයට හේතු වූයේ ආම්ස්ට්‍රෝන් විසින් tranquility base යන නම නිර්මාණය කර තිබුණේ ගොඩ බැස්වීමත් සමඟමය.

ගොඩබැස්වීමෙන් පසු EVA සඳහා සකස් කිරීම් ආරම්භ වීමට පෙර ඕල්ඩ්‍රින් විසින් මෙය විකාශනය කරන ලදී. This is the LM pilot. I'd like to take this opportunity to ask every person listening in, whoever and wherever they may be, to pause for a moment and contemplate the events of the past few hours and to give thanks in his or her own way.(මේ LM නියමුවාය. මවිසින් මෙම අවස්ථාව ගනු ලබන්නේ අසා සිටින සියලු අයට මොහොතකට නැවතී ගත වූ පැය කිහිපයෙහි අවස්ථා සිහි කර ඔහුගේ හෝ ඇයගේ අනන්‍ය ආකාරයකින් ස්තුති කිරීම සිදු කරන්නට යැයි සියලු දෙනාගෙන් ඉල්ලීමටය.) ඉන්පසු ඔහු සන්නිවේදනය පෞද්ගලිකව සිදු කරන ලදී. මේ වන විට ද නාසා මැඩලයින් මුරේ ඕ හෙයාර් නම් වූ අදේවවාදියෙක් විසින් ගෙන එන ලද ‍ඔවුන්ගේ ගගන ගාමීන් අභ්‍යාවකාශය තුළ දී ආගමික කටයුතුවලින් වැළකී සිටි බව දක්වන නඩුවක් සමඟ සටන් කරමින් පැවතුණි. ඕල්ඩ්‍රින් සෘජුවම මෙය සඳහන් කරමින් වැළකී සිටීමට තෝරා ගන්නා ලදී. ඔහු එම සැලසුම නිෂ්ශබ්දව පවත්වා ගත් අතර (එය ඔහුගේ බිරිඳට පවා නොපැවසීය) වසර කිහිපයක් යනතුරු මහජනයාට ප්‍රකාශයට පත් කළේ ද නැත.

පැය 2.39ට ආම්ස්ට්‍රොන් විසින් සද යානයේ දොර විවෘත කොට ඉනිමග ඉවතට දාමා පිටට පැමිනියේ ඇමරිකනු ධජයද රැගෙනයි.2.51 වන විට ඔහු ඉවතට පැමිනිම අරම්භ කරන ලද අතර යනයේ කැමරා මේ වන විට ක්‍රියත්මක වෙමින් පැවතින.මෙම ඉතිහාසගත මොහොත ලොව පුරා ජනතාව මිලියන 600 සජිවිව නැරබිමට එක් වි සිටියේය.2.56 පසු වි තත්පර 15 ගත වු විට ආම්ස්ට්‍රොන් සද මත පා තැබිය.සද මත පා තැබු මොහොතේ ආම්ස්ට්‍රොන් විසින් ප්‍රකශ කලෙ  "That's one small step for man, one giant leap for mankind" (මෙය මිනිසෙකුගේ එක් පියවරක් වුවත්,මෙය මිනිස් සංහතිය තැබු  යෝධ පියවරක්") යනුවෙනි.පසුව සද මතට එඩ්වින් ඕල්ඩ්‍රින් ද පය තැබු අතර ඔව්න් එහි සමරු ඵලකයක් සහා ඇමරිකානු ධජය ස්ථාපිත කරන ලදි.ආම්ස්ට්‍රොන් ගෙ පලමු පියවර මගින් සද මතුපිට වු සලකුණ අද වන තුරුම සද මතුපිට පවතින්නේ සද මටුපිට සුලං ප්‍රවහ නොමැති බැවිනි.පසුව මොවුන් සද මටුපිට පාශාණ සහා පස් සම්පල පෘතුවිය වෙත ගෙන ඒමට එකතු කරන ලදි.

That's one small step for man, one giant leap for mankind" (මෙය මිනිසෙකුගේ එක් පියවරක් වුවත්,මෙය මිනිස් සංහතිය තැබු  යෝධ පියවරක්")

එඩ්වින් ඕල්ඩ්‍රින් සද මතුපිට 


එඩ්වින් ඕල්ඩ්‍රින් සද මතුපිට 


දින 8කට පසුව මොව්න් සද මතුපිටින් නික්ම ඒමට සුදානම් විය.ඕල්ඩ්‍රින් පළමුව ඊගල් (Eagle) වෙතට ඇතුළු වෙන ලදී. යම් අපහසුතාවයක් සහිතව ගඟනගාමීන් විසින් ෂටලය හා 22 kg ට වඩා වැඩි සඳ මතුපිට වස්තු අඩංගු සාම්පල පෙට්ටි 2 Lunar Equipment Conveyor ලෙස හැඳින්වූ පැතලි රැහැන් කප්පි අපකරණයක් යොදා ගෙන යානය තුළට ඔසවා තබන ලදී. ආම්ස්ට්‍රෝන් විසින් ඕල්ඩ්‍රින්ට ඔහුගේ ඇඳුමේ පොකට්ටුවෙහි වූ ස්මාරක ද්‍රව්‍ය බෑගයක් පිළිබඳව මතක් කළ අතර ඕල්ඩ්‍රින් බෑගය පහළට දමන ලදී. ඉන් පසුව ආම්ස්ට්‍රෝන් ඉනිමගෙහි තෙවන පඩියට පැන LM තුළට නඟින ලදී. LM හි ජීව ආධාරකයට මාරු වීමෙන් පසු ගවේෂකයින් දෙදෙනා විසින් චන්ද්‍ර කක්ෂයට නැවත යාමේ අදියර සැහැල්ලු කිරීම පිණිස ඔවුන්ගේ PLSS පසුපස බෑග, චන්ද්‍ර සපත්තු, එක් හැස්ල්බ්ලැඩ් කැමරාවක් හා අනෙකුත් උපකරණ ඉවතට විසි කරන ලදී. ඉන්පසු ඔවුන් LM නැවත පීඩනයට පත් කර නිදා ගැනීම සඳහා සූදානම් වූහ.කැබිනය තුළ ඇවිදීමේ දී වැරදීමකින් ඕල්ඩ්‍රින් විසින් සඳෙන් නිකුත් වීම සඳහා වූ ප්‍රධාන එංජිමට බලය සැපයූ circuit breaker කඩන ලදී. ඔවුන් සිතුවේ ඔවුන්ට එංජිම පණ ගැන්වීමට නොහැකිව සඳ මතම සිටීමට සිදු වන බවයි. නමුත් වාසනාවට මෙන් ස්විචය ක්‍රියාත්මක කර ගැනීමට පෑන් තුඩක් ප්‍රමාණවත් විය. මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවූයේ නම් නික්මීමේ එන්ජිම පණ ගැන්වීම සඳහා චන්ද්‍ර මොඩියුල පරිපථය නැවත සකස් කිරීම කළ හැකිව තිබුණි.පැය 7ක පමණ විවේකයකින් පසු පූස්ටන් විසින්, ආපසු පැමිණීමට ඔවුන් සූදානම් කිරීම සඳහා ඔවුන්ව අවදි කරවන ලදී. පැය 2 ½ කට පසු එනම් 17:54 UTC ට ඔවුන් 21.5 kg බර චන්ද්‍ර සාම්පල ද රැගෙන ඊගල්ගේ (Eagle's) නිකුත් වීමේ අදියරින් චන්ද්‍ර කක්ෂයේ වූ කොළොම්බියාහි (Columbia) සිටි CMP මයිකල් කොලින්ස් සමඟ නැවත සම්බන්ධ වීමට චන්ද්‍රයා මතුපිටින් නික්මෙන ලදී.
 

 තවද ඔවුන් විසින් ඇමරිකානු ධජයක් ඇපලෝ 1 මෙහෙයුම් ලාංඡනයක් හා පෘථිවියෙහි චිත්‍ර 2ක් (බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලවල) සහිත පලකයක් (LM ගොඩ බෑම් අදියරේ ඉනිමගෙහි සවි කර තිබූ)ශිලා ලේඛණයක් හා ගඟනගාමීන්ගේ හා රිචඩ් නික්සන්ගේ අත්සන් එහි තබා පැමිණියහ. එම ශිලා ලේඛණයෙහි ලියා තිබුණේ “Here men from the planet earth first set foot upon the moon, July 1969 A.D. We came in peace for all mankind”

ඇපලෝ 11 හි චන්ද්‍ර මොඩියුලයේ ඉනිමගෙහි වූ ඓතිහාසික පලකයක් තවමත් සඳ මත දක්නට ඇත.
පැය 2 ½කට වඩා වැඩි කාලයක් සඳ මත සිටීමෙන් පසු ඔවුන් විසින් චන්ද්‍ර ලේසර පරාසගත කිරීමේ පරීක්ෂණ සඳහා යොදා ගන්නා රෙට්‍රො පරාවර්තක උපකරණ වැනි විද්‍යාත්මක උපකරණ සඳ මත දමා පැමිණ ඇත. තවද ඔවුන් විසින් ඇමරිකානු ධජයක් ඇපලෝ 1 මෙහෙයුම් ලාංඡනයක් හා පෘථිවියෙහි චිත්‍ර 2ක් (බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලවල) සහිත පලකයක් (LM ගොඩ බෑම් අදියරේ ඉනිමගෙහි සවි කර තිබූ), ශිලා ලේඛණයක් හා ගඟනගාමීන්ගේ හා රිචඩ් නික්සන්ගේ අත්සන් එහි තබා පැමිණියහ. එම ශිලා ලේඛණයෙහි ලියා තිබුණේ “Here men from the planet earth first set foot upon the moon, July 1969 A.D. We came in peace for all mankind” තවද ඔවුන් විසින් සාමයෙහි සාම්ප්‍රදායික සංකේතයක් ලෙස රත්‍රන් ඔලිව් අතු අනුරූ අඩංගු ස්මාරක බෑගයක් හා සිලිකන් පණිවිඩ තැටියක් එහි දමා ආහ. එම තැටියෙහි අඩංගු වූයේ එයිසන් හොවර්, කෙනඩි, ජොන්සන් හා නික්සන් ජනාධිපතිවරුන්ගේ හා ලොව වටා රටවල් 73ක නායකයන්ගේ හොඳ හිත පණිවිඩය. මෙම තැටියෙහි US කොංග්‍රසයේ නායකත්ව ලැයිස්තුවක්, නාසා සඳහා වගකිව යුතු කොමිටි 4 හා සෙනටයේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවක් හා නාසාහි අතීත හා වර්තමාන උස් කළමණාකාරීත්වයේ නම් ලැස්තුවක් ද ඇතුළත් විය. නාසා පුවත් නිකුත් කිරීම අංක 69-83F (1969 ජූලි 13) (ඕල්ඩ්‍රින් විසින් 1989 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කළ Men from earth කෘතියෙහි කියා සිටින්නේ සඳ මත තබා ආ ද්‍රව්‍ය අතරට අජටාකාශගාමීන් වන ව්ලැඩිමීර් කොමරව් හා යූරි ගගාරින් අනුස්මරණය කිරීමේ සෝවියට් පදක්කම්ද ඇතුළත් වූ බවයි.සඳෙන් නැවත නිකුත් වීමේ දී ගන්නා ලද සේයා පටවලින් තහවුරු වූයේ, ගොඩ බෑම් අදියරේ සිට අඩි 25ක් පමණ දුරින් සිටුවා තිබූ ඇමරිකානු ධජය නිකුත් කිරීම් අදියරේ දී එන්ජිමෙන් පිටවන වාත ධාරාව නිසා ඉතා දරුණු ලෙස ලෙළදුන් බවයි. ගොඩබෑම් ප්‍රදේශය කැමරා දර්ශන පථයෙන් ඉවත් වන විට ධජය බිම වැටීමට ආසන්නව තිබිණි. එය බිම වැටුණේ ද නැද්ද යන්න නොදන්නා කරුණකි. (කෙසේ නමුත් බස් ඕල්ඩ්‍රින්ට අනුව චන්ද්‍ර නිකුත් වීම් අතරතුර දී “නිකුත් කිරීම් අදියර ඇරඹුණි."මම පරිගණක ගැන අවධානය යොමු කරන අතර නීල් උන්නතාංශ අනාවරකය අධ්‍යයනය කරමින් සිටියේය. නමුත් මම ධජය බිම වැටීම පෙනෙන තෙක් බලා ගෙන සිටියෙමි”) ඉන්පසුව සිදු කරන ලද ඇපලෝ මෙහෙයුම් සාමාන්‍යයෙන් ඇමරිකානු ධජ සිටවනු ලැබුවේ LM හි සිට 100m ක් වත් දුරිනි. එසේ කරනු ලැබුවේ නිකුත් කිරීමේ එංජිමෙන් පිටවන වායු කදම්බයෙන් ධජය ඉවතට විසිවීම වැළැක්වීමටය.

කොළොම්බියා සමඟ සම්බන්ධ වීමෙන් පසු ඊගල් LM 1969 ජූලි 21 වැනිදා 23:41UTට චන්ද්‍ර කක්ෂයට අවක්ෂේපනය කරන ලදී. ඇපලෝ 12 ගමනට මදකට පෙරද කළ නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ ඊගල් තවමත් චන්ද්‍රයා වටා කක්ෂගත වී පවතින බවයි. පසුව නාසා විසින් වාර්තා කරනු ලැබුවේ ඊගල්ගේ කක්ෂය විකෘති වී එය චන්ද්‍ර මතුපිටෙහි නොදන්නා ස්ථානයක් මත පතිත වී ඇති බවයි.

චන්ද්‍ර යානය පැසිෆික් සගරයට වැටි තිබුන ආකාරය 


ජූලි 23 වැනිදා ගඟනගාමීන් තිදෙනා විසින් පොළව මත පතිත වීමට පෙර රූපවාහිනී විකාශනයක් සිදු කරන ලදී. එහිදී කොලින්ස් කියා සිටියේ “ අපව කක්ෂගත කළ සැටර්න් V රොකට්ටුව අතිශයින්ම කැපවූ යන්ත්‍රයකි. එහි සෑම කොටසක්ම නියමාකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියා කරන ලදී. "මෙම උපකරණය නිවැරදිව ක්‍රියා කරනු ඇති බවට විශ්වාසයක් සැම විටම අප තුළ පැවතුණි. එය එසේ කළ හැකිව තිබුණේ මිනිසුන් විශාල පිරිසකගේ ලේ දහඩිය හා කදුළු හරහාය. ඔබ විසින් දකින්නේ අප තිදෙනා පමණි. නමුත් තිරයෙන් පිටුපස වෙනත් අය දස දහස් ගණනක් සිටී. ඒ සියලු දෙනාටම මට පැවසීමට ඇත්තේ ඔබට බොහොමත්ම ස්තුතියි යනුවෙනි.” ඕල්ඩ්‍රින් ප්‍රකාශ කර සිටියේ “මෙය මිනිසුන් තිදෙනෙකුගේ සඳ කරා වූ මෙහෙයුමකට වඩා වැඩි දෙයකි. රජයක හා කර්මාන්ත කණ්ඩායමක උත්සාහයකට වඩා වැඩි දෙයකි. එක් ජාතියක උත්සාහයටත් වඩා වැඩි දෙයකි. අපිට හැඟෙන්නේ මෙය සියලු මනුෂ්‍ය වර්ගයාගේ නොදන්නා දෙය ගවේෂණයට පවතින තෘප්ත කළ නොහැකි කුතුහලයේ සංකේතයක් බවය. "පෞද්ගලිකව පසුගිය දින කිහිපයේ අවස්ථා පිළිබඳ හැරී බැලීමේ දී දේව ස්ත්‍රෝත්‍රයෙහි වූ වදන් පෙළක් මගේ මතකයට නැඟේ. ‘When I consider the heavens, the work of Thy fingers, the moon and the stars, which Thou hast ordained; what is man that Thou art mindful of him?’” ආම්ට්‍රෝන් අවසාන කරනු ලැබුවේ, “එම ගුවන් ගමනේ වගකීම ප්‍රථමව ඉතිහාසය සමඟ ඈඳී ඇති අතර මෙම උත්සාහය සාර්ථක කරගත් විද්‍යාවේ දැවැන්තයන්ට ද ඈඳී ඇත. ඉන්පසු එය හිමි වන්නේ ඔවුන්ගේ අභිලාෂය හා කැමැත්ත පෙන්වමින් මෙයට දායකත්වය සැපයූ ඇමරිකානු ජනතාවටය. ඉන්පසු එම අභිලාෂය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් පරිපාලකයන් 4දෙනාට හා ඔවුන්ගේ කොංග්‍රසවලට මෙම වගකීම හිමි වන අතර ඉන්පසු අපගේ අභ්‍යාවකාශ යානය, සැටර්න් රොකට්ටුව, කොළොම්බියා, ඊගල් හා කුඩා EMU, සඳ මතුපිටදී අපගේ කුඩා අභ්‍යවකාශ යානා වූ අභ්‍යාවකාශ ඇඳුම් සහ පසු ඇසුරුම් නිපදවූ ඒජන්සි හා කර්මාන්ත කණ්ඩායම්වලටද එය හිමි වේ. තවද අප අභ්‍යවකාශ යානය නිපද වූ, එය ගොඩ නැඟීම, සැලසුම් කිරීම , පරීක්ෂා කිරීම හා ඔවුන්ගේ සියලු හැකියා සහ එම යානයට යෙදවූ සියලු ඇමරිකානුවන්ට විශේෂ ස්තුතියක් පළ කර සිටිමු. එම මිනිසුන්ට හා මෙම රාත්‍රියෙහි අප අසා සිටින හා නරඹන සියලු දෙනාට අපි විශේෂ ස්තුතිය පළ කර සිටිමු. දෙවි පිහිටයි. සුභ රාත්‍රියක්, ඇපලෝ 11 සිට” ජූලි 24 වනදා ගඟනගාමීන් නැවත පැමිණි අතර ඔවුන් වහාම නිරෝධායන තුළ තබන ලදී. 

ගඟනගාමීන් නිරෝධායන පහසුකම්වලින් යුත් කුටියක් සේ තනන ලද ට්‍රේරලයක තබන ලදී. ජනාධිපති රිචඩ් නික්සන් විසින් ගඟනගාමීන් පෞද්ගලිකවම පෘථිවියට පිළිගන්නා ලදී


ඔවුන් පතිත වූ ලක්ෂ්‍යය වූයේ 130 19’ N , 1690 9’ W ය. වේක් දූපත්වල සිට 2660km බටහිරින් හෝ ජොන්ස්ටන් ඇටොල්හි සිට 380km දකුණෙන් හා ගලවා ගැනීම් යාත්‍රාවෙන් (USS Hornet) 24km එපිටින්ය. මුහුදට පතිත වීමෙන් දළ වශයෙන් පැයකට පමණ පසු හෙලිකොප්ටරයක් මඟින් ගොඩට ගන්නා ලද 

1969 ජූලි 24 වනදා ගඟනගාමීන් නැවත පැමිණිම 


ගඟනගාමීන් නිරෝධායන පහසුකම්වලින් යුත් කුටියක් සේ තනන ලද ට්‍රේරලයක තබන ලදී. ජනාධිපති රිචඩ් නික්සන් විසින් ගඟනගාමීන් පෞද්ගලිකවම පෘථිවියට පිළිගන්නා ලදී.පෘථිවියට පැමිණීමෙන් පසු නිරෝධායනය තුළ වූ ඇපලෝ 11 කාර්ය මණ්ඩලය රිචඩ් නික්සන් මුණ ගැසීම.ගඟනගාමීන් ඔවුන් සඳ මත ගොඩබෑමෙන් පසු නිරෝධායන තුළ තබනු ලැබුවේ සඳ මත සොයා නොගන්නා ලද රෝගකාරක බීජ පැවතිය හැකි අතර ඒවාට සඳ මත ඇවිදීම අතරතුර ගඟනගාමීන් අනාවරණය වී ඇතැයි යන බිය නිසාය. කෙසේ නමුත් මාස තුනක පමණ රඳවා තබා ගැනීමකට පසු (පළමුව ඔවුන්ගේ ට්‍රේරලය තුළ හා පසුව ලින්ඩන් බී. ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Lunar receiving විද්‍යාගාරයේ) ඔවුන්ට කිසිදු සෞඛ්‍යමය ප්‍රශ්නයක් නොමැති බව තහවුරු කරන ලදී. 1969 අගෝස්තු 13 වැනිදා ගඟනගාමීන් නිරෝධායනයෙන් පිටව ඇමරිකානු මහජනයා ගේ ප්‍රසංශා කිරීම් සඳහා ගියහ. එම දිනයේ දීම නිව්යෝර්ක්, චිකාගෝ හා ලොස්ඇන්ජලීස්හි ඔවුන්ට ගෞරව කිරීම පිණිස පෙළපාලි පැවැත්විණි. සති කිහිපයකට පසු මෙක්සිකෝව විසින් මෙක්සිකෝ සිටි හිදී වූ ඔවුන්ට ගෞරව දැක්වීමේ පෙළපාලියක් සඳහා ඔවුන්ට ආරාධනා ලැබුණි.

1969 අගෝස්තු 13 වැනිදා ගඟනගාමීන් නිරෝධායනයෙන් පිටව ඇමරිකානු මහජනයා ගේ ප්‍රසංශා කිරීම් සඳහා ගියහ. එම දිනයේ දීම නිව්යෝර්ක්චිකාගෝ හා ලොස්ඇන්ජලීස්හි ඔවුන්ට ගෞරව කිරීම පිණිස පෙළපාලි පැවැත්විණි


ලොස් ඇන්ජලීස්හි එම සන්ධ්‍යාවේ දී ඇපලෝ 11 සැමරීම සඳහා රාජකාරීමය තත්ත්වයේ රාත්‍රී භෝජනයක් පැවතුණි. එයට කොංග්‍රසයේ සාමාජිකයන්, ආණ්ඩුකාරයන් 44 ක්, ප්‍රධාන විනිශ්චකාර තුමා හා ජාති 83ක නියෝජිතයන් පැමිණුනි. ජනාධිපති රිචඩ් නික්සන් හා උප ජනාධිපති ස්පයිරෝ ටී. ඇග්නිව් එක් එක් ගඟනගාමියාට නිදහස සඳහා වූ ජනාධිපති පදක්කම් ලබා දෙමින් ගෞරව දැක්වීය. මෙම සැමරීම දින 25 ක අතිශය දැවැන්ත සංචාරයක ඇරඹුම විය. එහිදී ගඟනගාමීන් රටවල් 25කට පමණ ගෙන එන ලද අතර එයට එක්සත් රාජධානියේ දෙවන එලිසබත් රැජින වැනි ප්‍රධාන නායකයන්ගේ හමු වීම් ද ඇතුළත් විය. බොහොමයක් ජාතීන් ඇපලෝ 11 සමරු මුද්දර හෝ කාසි නිකුත් කිරීමෙන් ප්‍රථම මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමට ගෞරව දැක්වූහ.සෙන්ට් ලුවිස්හි පැවති 27 වැනි ලෝක විද්‍යාත්මක ප්‍රබන්ධ සම්මේලනයේ දී “(t) he Best moon landing ever” සඳහා ගඟනගාමීන් තිදෙනාට සුවිශේෂ හියුගෝ (Hugo) සම්මාන පිරිනමන ලදී.1969 සැප්තැම්බර් 16 වැනිදා ගඟනගාමීන් තිදෙනා කැපිටොල් හි පැවති කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක කතා කරන ලදී. ඔවුන් සඳ මතුපිටට රැගෙන ගිය US ධජ 2 එහිදී ඔවුන්ට ප්‍රදානය කරන ලදී.අණ දීම් මොඩියුලය වොෂින්ටන් DC හි ජාතික ආකාශ හා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එය ජෙෆර්සන් ඩ්‍රයිව් ඇතුළුවීමට ඉදිරියෙන් ප්‍රධාන ප්‍රදර්ශන ශාලාවෙහි තබා ඇති අතර Spirit of St. Louis, bellX-1, North American X-15 , Mercury capsule friendship 7 හා ජෙමිනි 4 වැනි අනෙකුත් ප්‍රමුඛ ගඟන යානා සමඟ ශාලාවෙහි ඇත. නිරෝධායන ට්‍රේරලය වර්ජිනියාහි වොෂින්ටන් ඩලස් අන්තර්ජාතික ගුවන්තොටුපල ආසන්නයේ වූ ස්මිත් සෝනියන්ගේ උද්වර් - හේසි මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනයට තබා ඇත.

බොහොමයක් ජාතීන් ඇපලෝ 11 සමරු මුද්දර හෝ කාසි නිකුත් කිරීමෙන් ප්‍රථම මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමට ගෞරව දැක්වූහ


ආම්ස්ට්‍රොන් සද මත පා තැබු ආකාරය ඊගල් යානයේ පිටත කැමරා වල සටහන්ව තිබු ආකාරය ඉහත විඩියොවෙන් දැක්වේ.(දකුණුපස කැමරවේ දර්ශන)/(එකල තක්ෂණයට අනුව එතරම් දියුනු කැමරා නොතිබු නිසා දර්ශන එතරම් පැහැදිලි නොවන බව ද,හඩ ද එතරම් පැහැදිලි නොවන බව ද කරුණාවෙන් සලකන්න)




No comments:

Post a Comment