Tuesday, October 21, 2014

ඇල්බට් අයින්ස්ටයින්

මෙම අත්සන දුටු විටම ඔබට මෙය කගේ අත්සනක් ද යන්න සිතගත නොහැකි වනු ඇත.මෙය වෙන කගෙවත් නොව විද්‍යා ලොකයේ අප කගෙත් විරයකු වන,ශ්‍රේෂ්ඨතමයකු වන ඇල්බට් අයින්ස්ටයින් මහතාගේ අත්සනයි.ලොව උඩු යටිකුරු කල අති විශිෂ්ටතම සොයගැනිම් රැසක උරුමකරුවෙකු වන මොහු අදටත් අද්විතිය ස්ථානයක රැඩි සිටි.

මෙම අපුරු මිනිසා පැමිණියේ රොසමල් මවතක නම් නොවේ.1879 ජර්මනියේ වටෙන්ග්බ්ර්ග් හි උපත ලද මොහු කුඩා කල බුද්ධි මටමින් අඩු දරුවෙකු ලෙස පහතට දමන ලද පුද්ගලයෙකි.මොහු නැගෙනහිර යුරෝපියානු යුදෙව් සම්භවයක් සහිත පුද්ගලයකු විය.
වයස අවුරුදු 3 දි අයින්ස්ටයින් 
 ඔහුගේ මව Pauline Einstein විය.ඔහුගෙ පියා වු Hermann Einstein ඉංජිනේරු වරයකු හා වෙළෙන්ද්කු විය.ඔහු අල්ම් හි උපත ලැබුවත් පසුව මියුනිච් වෙත සිය පවුල සමග සංක්‍රමණය විය.ඒ ඔහුගේ මාමා කෙනෙකුගේ විදුලි උපකරණ කම්හලක පියට සේවය කිරිමට ලැබුනු බැවිනි.පසුව අයින්ස්ටන් අවුරුදු 5 දි මියුනිච් හි කතොලික ප්‍රාථමික පසලට ඇතුලත් විය.පසුව අවුරුදු 8 දි ඔහු Luitpold Gymnasium පසලට ඇතුලත් විය.මොහුට කුඩා කල කතා කිරිම සම්බන්දව ගැටලුවක් පැවතියද ඔහුගේ උත්සායෙන්ම ඔහු එම ගැටලුව නිරකරනය කරගන්නා ලදි.ඔහුගේ පියගේ රැකියව වසර කිහිපයකින් අහිමි වුවේ දියුණු මටම්මෙ විදුලි උපකරණ වෙළෙඳපොළට පැමිණීම නිසය.පසුව ඔවුන් 1895 දි ඉතාලියට සංක්‍රමණ විය.එ විට අයිස්ටයින්ට වයස අවුරුදු 16 වු අතර ඔහු සම වයසෙ ළමුන්ට වඩා මෙ වන විට දක්ෂතා පෙන්වමින් තිබුනි.පසුව භෞතික  විද්‍යා පිලිබදව පුලුල් ලෙස හෙදැරු මොහු විශල සොයගැනිම් රැසක් ඉදිරිපත් කරන ලදි.


වයස අවුරුදු 25 දි අයින්ස්ටයින් 
The 1927 පැවති ලොව හොඳම භෞතික  විද්‍යාඥයන් 10 දෙනා සහභාගි වු  widha Solvay Conference
හි ගන්නා ලද ඡායාරූපයකි 
(ඇල්බට් අයින්ස්ටයින් මැද වාඩි වි සිටි)
ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් මහතා ඔහුගේ
ඇල්බට් අයින්ස්ටයින්  සහා රවින්ද්‍රනාත් තාගොර් මහතා 
සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍ නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් තග්‍යායෙන් පිදුම් ලැබීය.යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහුගේ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍වේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍ විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍වේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.

අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වෛද්‍යවරයා‍ට පවසා ඇත්තේ "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජිවත් වෙලා ඵලක් නෑ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙනුයි. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි ‍මරණයට පත්විය.රටවල් ගනනවක ම පුරවැසිභව මොහුට හිමි වු අතර 1940 සිට ඇමරිකා එක්සත් ජනපදය තුල වසය කෙරිනි.

ඇල්බට්‍ අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්‍” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිවුටන්, චාල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.




No comments:

Post a Comment