Tuesday, October 28, 2014

ස්ටිව් ජොබ්ස්

ලොකය වෙනස් කල ඇපල් ගෙඩි කිහිපයක් ගැන අපි අසා ඇත්තෙමු.ඒ අතරින් අද ලොකය තුල නව තාක්ෂණික මෙවලම් නිපදවීමේ ප්‍රධාන සමගමක් ලෙස ඇමරිකාවේ ඇපල් සමගම ප්‍රසිද්ධය.ලොව දැනට පවතින හොදම Smart Phone අතරින් අදටත් අංක 1 වන Apple Iphone  අතුලු ipod,ipad වැනි ලොව මෙ වනවිට ජනප්‍රියත්වයට පත්ව ඇති ජංගම පරිගණක උපාංගවල නිර්මණ ශිල්පියා වු ස්ටිව් ජොබ්ස් නම් වු ඒ අසමසම මිනිසා පිලිබඳ මෙම ලිපිය මගින් දැක්වේ.

Homestead පසලේ ඉලෙක්ට්‍රොනික විද්‍යා සංගම්යේ
සමජිකයන් හා ජොබ්ස් (රවුම් කල මුහුන ජොබ්ස් වේ)
1955 පෙබරවාරි 24 වන දින ඇමරිකවේ කෙලිෆෝනියා ප්‍රන්තයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර උපත ලද Steve Paul Jobs ගේ දෙමව්පියන් ලෙස සදහන් වන්නේ Abdulfattah "John"නම් පුද්ගලයකු සහා Joanne Carole නම්කාන්තවකි.නමුත් මොවුන් විවහා වි ටික කලකින් වෙන් වි යාම හෙතුවෙන් ස්ටිව් Paul Cපමනක් උසස් කරන ලදි.පසුව ස්ටිව් Cupertino ප්‍රථමික උසස් පසලට හා  Homestead උසස් පසලට ගොස් පසල් අධ්‍යාපනය අවසන කරන ලදි.ස්ටිව් Homestead පසලේ දි  හදුනගත් මිතුරෙකු හා තම අසල්වැසියකු වු Bill Fernandez නම් මිතුරා ඔහුගේ ගමන් මග වෙනස් කිරිමට සමත් වු කලණ මිතුරෙකු විය.ඔහු ඉලෙක්ට්‍රොනික
ක්ශේත්‍රය සම්බන්දව ස්ටිව් මෙන්ම උනන්දුවක් දැක්වූ අයෙකු විය.ඔහු තම මිතුරෙකු වු Steve Wozniak නම් ඔවුන්ටම ගැලපෙන ඉලෙක්ට්‍රොනික ක්ශේත්‍රයට දැඩි ලෙස අසා කල පුද්ගලයකු අදුන්වා දෙන ලදි.ඔහු හා ස්ටිව් බිල් විසින් එ වන විටත් නව පරිගණකයක් නිර්මාණය කරමින් සිටින ලදි.එය "The Cream Soda Computer" නමින් නම්කර තිබුනි.එයට හෙතුව බිල් එහි වැඩ කරන විට Cream Soda පානය කරන නිසා බව ස්ටීව්ට පවසා තිබේ.
Steve Wozniak සහා Steve Jobs
Reinhold Jobs සහා Clara Jobs යුවල ස්ටිව් හදාවඩාගෙන ඇත.ස්ටිව් ජොබ්ස් ඔහුගේ ජිවිත කතාව සහිත කෘතිය තුල සඳහන් කොට ඇත්තේ ද පෝල් සහා ක්ලාරා මාගේ නියම දෙමව්පියන් වන අතර කැරොල් සහා ජෝන් යුවල මා මෙලොවට ගෙන එමට ජිවය සැපයුවා පමණි යනුවෙනි.ස්ටිවෙ ට වසය අවුරුදු 5 වන විට ජොබ්ස් යුවල සැන් ෆ්රැන්සිස්කෝ නුවර මවුන්ටන් විව් ප්‍රදේශයට සංක්‍රමණය වි ඇත.පෝල් ජොබ්ස් එහිදි වඩුවෙකු සහා විදුලි කර්මිකයකු ලෙස සේවය කර ඇති අතර තම නිවසේ ගරජයේ පියගේ අලුත්වැඩියාව සදහා ගෙන ආ උපකරණ හා,පියා සමග වැඩ කිරිමෙන් ලබගත් අත්දැකීම් නිසා ස්ටිව් ගෙ සිත තුල විදුලි උපකරණ ක්ශේත්‍රය පිලිබඳ උනන්දුවක්
ඇතිවිය.ඔහුගේ මව ගිණුම්කරණ නිලධාරිනියක විය.ස්ට්ව් ගේ ඉගෙනුම පිලිබදව ඇය විශාල උනන්දුවක් දැක්විය.ඇය සෑම විටම ඔහු ගැන සොයා බලන ලද අතර ඔහුට සැම ආකරයෙන්ම උපකර කලහ.ස්ටිව් විසින් තම පාසල් ගමන අරම්භ කලේ Mountain View හි Monta Loma කනිශ්ඨ පාසෙලෙනි.ඔහු එහිදි විභාග වලින් ලබාගත් විශිෂ්ට ලකුණු මට්ටම් නිසා පසලේ ශ්‍රේණි දෙකක් උසස් කිරිමට පසෙලේ ගුරුවරු අනුමත කලත් ඔහුගෙ දෙමව්පියන්ගෙ කැමැත්ත මත ඔහු එක ශ්‍රේණියක් පමනක් උසස් කරන ලදි.

ජොබ්ස් 1998 දි  Mac i පරිගණකය සමග 
ජොබ්ස් 1972 දි තම උසස් අධ්‍යාපනික කටයුතු අරම්භ කලේ Portland හි  Reed College ආයතනයෙනි.පෝල් සහා ක්ලාරා තම පුතුගේ උසස් අධ්‍යාපනික කටයුතුවලට තමා සතු සියලු තැම්පතු වියදම් කරන ලදි.ඉගෙනිම් කටයුතුවල නිරත වන සමයේ ඔහු දැඩි දුක් විදි පුද්ගලයකු විය.ඔහුට තම ප්‍රධාන ආහාර වේල් පවා සපයා ගැනිමට අපහසු විය.ඔහු රැය පහන් කලෙ තම මිතුරන්ගේ කාමර වල බිම තම යහන කර ගනිමිනි.1972 දි  Steve Wozniak සහා ජොබ්ස් විසින් නිර්මාණය කල විඩියෝ ක්‍රිඩාවක් ඔව්න් විසින් කැලිෆෝනියාවේ,ලොස් ගැටොස්  හි Atari, Inc අයතනයට ඉදිරිපත් කරන ලදි.එහි විධායක නිලධාරි Nolan Bushnell විසින් තාක්ෂණික ශිල්පියකු ලෙස ඔහුට රැකියව ලබා දෙන ලදි.ඔහු වරක ස්ටිව් යනු අමාරුකාරයකු වුවත් ඉතාමත් වටිනා පුද්ගලයකු බව පවසා ඇත.Wozniak සහා ස්ටිව් විසින් Breakout නම් විඩියෝ ක්‍රිඩවට නිර්මාණය කල පුවරුව නිසා ඔව්න් දෙදෙනාට විශාල පිලිගෙනිමක් ඇති විය.එහිදි ඔවුන් යොදාගත් චිප් ප්‍රමාණය 50 දක්වා අඩු කිරිම නිසා සමගමට විශාල මුදල් ප්‍රමණයක් ඉතිරි කරගත හැකි විය.පසුව Atari, Inc අයතනය තුලදි උපයාගත් මුදල් වලින් ඔව්න් දෙදෙනා 1976 දි ඇපල් සමගම අරම්භ කරන ලදි.1976 දි Ronald Wayne හා ස්ටිව් යුවල එක්ව Apple I පරිගනකය නිර්මාණය කරන ලද්දේ ජොබ්ස් ගේ පියා උපකරණ අලුත්වැඩියා කල ගරජය තුලයි.පසුව Intel සමගමේ සේවය කල  Mike Markkula හා Scott McNealy නම් ඉංජිනේරුවන් දෙදෙනාත් ජොබ්ස් ගෙ ඇපල් සමගම හා එක් විය.ඇපල් සමගමේ ඉදිරියට ගෙන යමට ශක්තිමත් කිරිමේ අරමුණින් ජොබ්ස් National Semiconductor සමගමේ සේවය කල Mike Scott 1978 දි ඇපල් සමගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කලත් ඔහු සුලු කලයක් එහි සෙවය කොට ඉවත්විය.පසුව පෙප්සි කොලා සමගමේ සෙවය කල John Sculley ට ජොබ්ස් අරාධනා කරන ලදි.ඔහු එයට අදිමදි කල විට ජොබ්ස් පැවසුවේ ඔබට අවශ්‍ය ජිවිත කලයේම සීනි කලවම් කල වතුර විකිනිමට ද? නැත්තම් ජිවිත කලයේ එක් වරක් හෝ ලොකය වෙනස් කෙරිමටද යන්නයි.පසුව ඔහු ජොබ්ස් හා  එක් විය.1980 දි ජොබ්ස් Xerox PARC's mouse-driven graphical user interface පරිගනකය පිලිබඳ දැනගැනෙමෙන් පසුව ඔහුද ඇපල් සමාගම මගින්  Apple Lisa පරිගනකය නිර්මාණය කල අතර ඉට වසරකට පසුව Apple
ජොබ්ස් ගේ නිවසේ පිහිටි පුද්ගලික කාර්යාලය
ජොබ්ස් 2007 Apple iPhone ජංගම දුරකතන හදුන්වා දෙමින්
ජොබ්ස් 2010 Apple iPad ජංගම පරිගණකය හදුන්වා දෙමින් 
Macintosh පරිගණකය හදුන්වාදුන්හ.1985 අප්‍රේල් මස 10 සහා 11 දින වල පැවති අධ්‍යක්ෂවරුන්ගෙ රැස්විමෙදි ජොබ්ස් ගේ නැති වැරදි ද පෙන්වා දෙමින් ඔහු අතනොමතික ලෙස සියලු තනතුරු වලින් ඉවත් කරන ලදි.එය ගැන කලකිරුනු ජොබ්ස් සමගමෙන් ඉවත් විය.

පසුව ජොබ්ස් විසින් NeXT inc.  සමගම අරම්භ කලේ ඩොලර් මිලියන 7 අයෝජනය කිරිමෙනි.පසුව Ross Perot නම් කෝටිපති ව්‍යාපරිකයාගේ අනුග්‍රහය ඇතිව ජොබ්ස් කැලිෆෝනියාවේ,සැන් ෆ්රැන්සිස්කෝ නුවර  Louise M. Davies Symphony Hall හි පැවති ප්‍රදර්ශනයේදි NeXT workstations පරිගණකය ප්‍රසිද්ධ කරන ලදි.එහි වෙළදපොල වටිනාකම ඩොලර් 9999 විය.එය ඇපල් Apple Lisa පරිගණකයට වඩා කාර්යක්ෂම හා වේගවත් විය.පසුව ජොබ්ස් විසින් 1990 දි NeXTCube පරිගනකය ද හදුන්වා දෙන ලදි.ජොබ්ස් තම සමගම දිනෙන් දින දිවුණු කරගන්නා ලදි.NeXTCube  පරිගනකය එතෙක් නොපැවති සේවා රශියක් සපයන ලදි.NeXTMail,voice, image, graphics සහා video ශෙයර් කිරිමේ හැකියිව එය සතු විය.ඔව්න් NeXT දෘඪාංග අංශය අරම්භ කොට NeXTCube පරිගනක 50000 පමන අලවි කොට 1994 වන විට ඩොලර් මිලියන 1.03 ක ලාභයක් ලබගෙන තිබුනි.1996 දි නිකුත් කල  NeXT WebObjects වෙබ් අඩවි මෘදුකාංගය ද අති විශිෂ්ට නිර්මනයක් විය.එය ඇපල් සමගමෙ iStore හා iTunes වෙබ් අඩවි වල ප්‍රධාන අත්තිවාරම විය.

1996 දි ඇපල් සමගම ඩොලර් මිලියන 427 කට ජොබ්ස් ගෙ සමගම මිලදි ගත් අතර ජොබ්ස් නැවත තමගේ පැරණි සමගම හ එක් විය.1997 Gil Amelio විධායක ධුරයෙන් ඉවත් විමත් සමග ජොබ්ස් එම  ධුරයට පත් විය පසුව ඔහු විසින් ව්‍යාපෘති රශියක් දියත් කරන ලදි.Newton, Cyberdog,OpenDoc වැනි වෙබ් මෘදුකාංග ආශ්‍රිත ව්‍යාපෘති ඒ අතර විය.පසුව Mac OS X මෙහෙයුම් පද්ධතිය.iMac පරිගනකය වැනි ලොව වෙනස් කල නිපැයුම් රශියක් ජොබ්ස් විසින් ඇපල් සමාගම හරහා ඉදිරිපත් කරන ලදි.2001 වසරෙ ඔහු iPod උපකරනය හදුන්වා දුන් අතර, 2007 වසරේ ජුනි මස 29 දින  දි ලොව කා අතරත් වර්තමානයේ ජනප්‍රියම ජංගම දුරකතනය වන Apple iPhone දුරකතනය ලොවට හඳුන්වනු ලැබිය.එහි Multi-touch තිරයක් සමග ඇපල් සේවාවන් අඩංගු විය.2011 වන තෙක් ජොබ්ස් ඇපල් සමගමේ ප්‍රධානියා ලෙස සෙවය කොට 2011 වසරේ දි සේවයෙන් ඉවත් විය.එ අයහපත් සෞඛ්‍යය තත්ත්වය නිසය.ඔහු 2003 වසරේ සිටම වරින් වර ජොබ්ස් රොගි විය.

2011 වසරේ ඔක්තෝබර් මස 05 වන දින කැලිෆෝනියාවේ Palo Alto හි තම නිවසේ දි වකුගඩු ආශ්‍රිත රෝගයකින් පිඩා විදි
මින් සිටි ස්ටිව් ජොබ්ස් මහතා එදින සවස 3.00 ට පමණ අප අතරින් සදහටම වෙන්ව ගියේය.ඔහු එසේ වෙන්ව ගියද අදටත් ඔහු ලොව වෙනස් කල,අසමසම පුද්ගලයකු ලෙස නොනැසී ජිවත් වෙයි.ලොවටම පුර්වදර්ශ්‍යක් වු මෙම මිනිසගේ ජිවිත කාතාව යොදාගෙන Walter Lasscson විසින් Stive Jobs's Auto Biography ග්‍රන්ථය රචනා කොට ඇත.මෙම ලිපිය සදහා ද මුලාශ්‍රය ලෙස යොදාගත්තේ එම ග්‍රන්ථයයි.
මුලාශ්‍ර ග්‍රන්ථය
Steve Jobs's Auto Biography
-Walter Lasscson-

No comments:

Post a Comment