Tuesday, October 28, 2014

සුදු පොස්පර්ස්

සුදු පොස්පරස් සාම්පලයක් 
අවි පුහුණුවකදි නිලධාරියකු මිලිමීටර් 81 සුදු පොස්පරස් අවියක්
ගබඩා කරන ආකරය 

ලොව අති භයනකම රසයනික අවියක් ලෙස හැඳින්වෙන පොස්පරස් හි බහුරූපි ආකරයක් වන සුදු පොස්පර්ස් රසායනික අවි ලොව අද වන විට තහනම් අවියක් ලෙස හැදින්වේ.රසයනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සුදු පොස්පරස් මගින් විශාල හනියක් මිනිසුන් හා අනෙකුත් ජිවින්ට ඇතිකල හැකිවේ.සමාන්‍ය පරිසර තත්ත්වයන් යටතේ තැබු විට පහත ප්‍රතික්‍රියාව මගින් H3PO4 හෙවත් පොස්පරික් අම්ලය සෑදිම නිසා මිනිස් සමට හනි කල හැකිවේ.

                                                             P4 + 5 O2 → 2 P2O5

                                                     2 P2O5 + 6 H2O → 4 H3PO4

1996 දකුණු කොරියවේ ඔසන් ගුවන් හමුදා කදවුරේ
අමෙරිකානු අගල් 2.75 සුදු පොස්පරස් මිසයිල
ගබඩා කොට තිබුන අයුරු 
පලමු වරට 1916 පමණ පලමු ලෝක සංග්‍රාමය සමයේ පොස්පරස් සහිත අවි නිපදවිමේ චෝදනාවට පුද්ගලයන්  කිහිපදෙකු ඔස්ට්‍රේලියාවේ දි අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව 1920 දි ඔවුන් නිදහස් කොට ඇත.දෙවන ලෝක සංග්‍රමයේ දි ඇමරිකානු,බ්‍රිතාන්‍යය හා පොදුරාජ්‍ය මණ්ඩලීය හමුදා ජපන් හමුදා වලට එරෙහිව සුදු පොස්පර්ස් බොම්බ,මිසයිල හ ශෙල් වෙඩි යොදගෙන අති බව සඳහන් වේ.1920 ඉරාක විප්ලවයේදි බ්‍රිතන්‍ය හමුදා අල්-හබනියා සහා අල්-අන්බාර් පළත් වල කුර්දි වැසියන්ට එරෙහිව පොස්පර්ස් අවි භාවිතා කොට ඇත1940 දි බ්‍රිතන්‍ය විසින් නිර්මාණය කල Grenade, No. 76 නම් සුදු පොස්පරස් අවිය Albright and Wilson යන පුද්ගලයන් විසින් හදුන්වාදි ඇති අතර එහි වර්ග 2ක් විය.එක් වර්ගයක් රතු හිසක් සහිත අත් බොම්බයක් වැනි අවියක් වු අතර අනෙක කොල පැහැති හිසක් සහිත Northover projector නම් අගල් 2.5 ක විදිනයකින් නිකුත් කරන අවියකි.එය දෙවන ලොක සංග්‍රමයේ දි  භාවිතා කල බව කියවේ.පසුව පොස්පරස් අවි පිලිබඳ සඳහන් වන්නේ ඇමරිකනුවන්ගෙනි.ඔව්න් විසින් 1944 දි සුදු පොස්පර්ස් යොදාගෙන ජර්මානු නාසි හමුදා වෙත දරුනු ප්‍රහර එල්ල කොට ඇත.එහිදි මොටාර් අවි සහා ඇමරිකනු මේරින් සෙබළුන් විසින් මිලිමීටර් 107 සුදු පොස්පරස් මොටාර් අවි යොදගෙන ඇත.ඇමරිකනුවන් ගේ හොඳම ජතික සම්මනය වන Medal of Honor පදක්කම ද සුදු පොස්පරස් අවි ආරක්ෂිතව භාවිතය සදහා පුද්ගලයන් 5 දෙනකුට ලබා දි ඇත.

ඊශ්‍රායලය ගාසාතීරයේදී සුදු පොස්පරස් ප්‍රහරයක් නිකුත් කල අකරය.
පසුකලිනව කොරියනු හා වියෙට්නාම යුද්ධ වලදි ද පොස්පරස් අවි ගැන සඳහන් වේ.පසුව 1988 ඉරන-ඉරාක යුද්ධයේ දී සදාම් හුසේන් විසින් සුදු පොස්පරස් යොදාගෙන ගම්මානයකට පහර දි ඇත. පසුව ඇමරිකනුවන් විසින් 2004 ඉරකය තුලත්,2006 ඉරාක-ලෙබනන් යුද්ධය තුලත් මෙම රසයනික අවි භාවිතා කිරිම සිදු වි ඇත.එසෙම ගාසාතීරයේදී 2009 වසරේදී ඊශ්‍රායලය විසින් සුදු පොස්පරස් අවි ප්‍රහරයක් දියත් කොට ඇත.2009 ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සටන්කමින් ද නෙටෝ හමුදා හා ඇමරිකානු හමුදා අංශ වලට එරෙහිව මෙම අවි යොදාගෙන අති බවට වර්තා වේ.එසෙම ගඩාෆි පලනයට එරෙහිව ලිබියනු යුද්ධය තුල නෙටෝ හමුදා මෙම අවි යොදගත් බවට මාධ්‍ය වර්තා පල වුවත් එවයේ සත්‍ය අසත්‍ය බව තාහවුරු වි නොමැත.

ජෙනරාල් Billy Mitchell ගේ අණින් 1921 USS Alabama නැවට ඉහලින් සුදු පොස්පරස් බොම්බයක් පුපුරවා හැර අත්හදා බැලු ආකාරය
කෙසේ වුවත් රසයන විද්‍යාව අනිසි ලෙස බවිතා කිරිම නිසා මෙවෙනි අවි ලොව තුල නිපදවිම නිසා සිදුවූ ජිවිත හනි නම් සුලුපටු නොවෙයි.එම නිසා අනගත ලොකයේ පැවෙත්ම උදෙසා මේ වන විට එක්සත් ජතින් විසින් මෙම අවි තාහනම් කොට ඇත.
සුදු පොස්පරස් ප්‍රහරයට ලක් වු මිනිසෙක්
(සම දියවිමට ලක්වි ඇත)

No comments:

Post a Comment