Wednesday, October 29, 2014

හබල් දුරේක්ෂය

හබල් දුරේක්ෂය

හබල් දුරේක්ෂය කියු සැනින් තාරකා විද්‍යාව පිලිබදව උනන්දුවක් දක්වන අප කගෙත් මනස තුලට පැමිණෙන්නේ විශ්වය දෙස තම යෝධ ඇස යොමා සිටින ඇමරිකනු නසා අයතනය විසින් මෙහෙයවන ප්‍රසිද්ධ හබල් දුරේක්ෂය පිලිබඳවයි.1990 දිගුකලින මෙහෙයුමක් ලෙස දියත් කල හබල් දුරේක්ෂය මෙහෙයුම වර්තමානය දක්වාම ක්‍රියාත්මක වෙමින් පවති.ඇමරිකානු නාසා අයතනය,යුරෝපීය අභ්‍යවකාශ එජන්සිය හා නාසා අයත්නයෙ අභ්‍යවකාශ දුරේක්ෂය පරීක්ෂා අයතනය ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස හබල් මෙහෙයුම ඩියත් කොට ඇත.1990-037B යන චන්ද්‍රිකා නාමයෙන් හබල් දුරේක්ෂය හඳුන්වන අතර ඉතා දියුණු මට්ටමෙ උපකරණ රශියක් මෙහි අඩන්ගු වෙයි.1990 අප්‍රේල් මස 24 වන දින දහවල් 12.33 ට ඇමරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඩිස්කවරි ෂටලය මගින්  හබල් දුරේක්ෂය අභ්‍යවකාශයට මුදාහරින ලදි.හබල් දුරේක්ෂයේ ඇස්තමේන්තු ගත මෙහෙයුම් කාලය වසර 24 මාස 6 දින 4 ක කාලයකි.බොහෝ විට 2023/2031 කාලය දක්වාම මෙම දුරේක්ෂය ක්‍රියත්මක වනු ඇතයි බලපොරොතු වෙයි.බරින් කිලෝග්‍රෑම් 11,110 වන මෙය දිගින් මිටර් 13.2 වෙයි.හබල් දුරේක්ෂය පෘතුවියේ පහල කක්ෂය තුල කක්ෂගත කොට ඇත.මිනිත්තු 96-97 භ්‍රමණ කලයක් සහා 7,500 m/s ගම්‍යතාවක් සහා ගුරුත්වයට එරෙහිව 8.169 m/s2 ත්වරණයක් සහිතව හබල් දුරේක්ෂය ගමන් කරමින් පවති.Ritchey–Chrétien reflector නම් දුරේක්ෂය මෙහි ප්‍රධාන දුරේක්ෂය වෙයි.හබල් දුරේක්ෂය කෙටි අධෝරක්ත,පාරජම්බුල සහා දෘෂ්‍ය ආලෝක තරංග වෙත ඉතාමත් සංවේදී වේ.මෙහි විශ්කම්බය මිටර් 2.4 වන,නභිය දුර මිටර් 57.6 සහා වර්ග මිටර් 4.8 ක පරසයක් අවරණය කල හැකි කචයක් පවති.NICMOS නම් අධෝරක්ත කැමරව,ACS ප්‍රකශ කැමරව,WFC3 පුලුල් පරාස ප්‍රකාශ කැමරව,COS පාරජම්බුල කැමරව,STIS ප්‍රකාශ කැමරාව සහා FGS සංවේදක මෙහි අනෙකුත් උපකරණයන් වයි.

                        හබල් දුරේක්ෂය ලබගත් හා එය සම්බන්ධ ඡායාරූප පෙළක් පහත දැක්වේ.

IC 559 චක්‍රාවටය හබල් දුරේක්ෂයේ සටහන් වු අයුරු 

NGC 4206 චක්‍රාවටය හබල් දුරේක්ෂයේ සටහන් වු අයුරු 


                   

Kuiper Belt object (KBO) නම් සුර්‍යාට සැතපුම් බිලියන 4 දුරින් පිහිටි තාරකව NGC 4206 හබල් දුරේක්ෂයේ සටහන් වු අයුරු 

NGC 6872 චක්‍රාවටය හබල් දුරේක්ෂයේ සටහන් වු අයුරු

NGC 4526 වලය  හබල් දුරේක්ෂයේ සටහන් වු අයුරු 


බ්‍රහස්පතී ගේ යෝධ ඇස නැමති ප්‍රදේශය හබල් දුරේක්ෂයේ සටහන් වු අයුරු 



 හබල් දුරේක්ෂය පිලිබඳ වර්තාමය විඩියොවක් ඉහත වේ.

No comments:

Post a Comment