Tuesday, October 21, 2014

ටයිටැනික් නෞකාව

ටයිටැනික් නික්මයාමට පෙර 1913 අප්‍රේල් 10 වන දින සවුත්ඇම්ප්ටන් නැව් තටාකයේ දී
ටයිටැනික් 1912 අප්‍රේල්  02 දා බෙල්ෆාස්ට් වලින් සමුද්‍ර පෙරහුරුවක් සඳහා නික්මයමින් තිබියදී ගත් ඡායාරූපයක් 
ටයිටැනික් නම ඇසු සැනින් අප කාටත් මතකයට එන්නේ අතිශය ජනප්‍රියත්වයට පත් වු ටයිටැනික් චිත්‍රපටයේ එන සිද්දි සමුහයයි.නමුත් ටයිටැනික් නැව යනු එවකට පැවති උසස් තාක්ශණය යොදාගනිමින් නිර්මාණය කල මගි නැවකි.එය 1908 සැප්තැම්බර් 17 වන දින සැලසුම් සකස් කොට නිර්මාණය කිරිම ආරම්භ කල මෙම නැව එංගලන්තයේ White Star Line නැව් සමගමට අයත් විය.මෙම නැව එංගලන්තයේ Liverpool  නැව්  තටාන්ගනයේ ලියාපදිංචි කරන ලද්දේ RMS Titanic යන නමිනි.1911 මැයි 31 වන දින වැඩ අවසන් කල ටයිටැනික්  හි මංගල ගමන 1913 අප්‍රේල් 10 වන දින යෙදී තිබුනි.නමුත් ඒ මහා යෝධයාට තම මංගල ගමනේ ම අවසන් ගමන් යන්නට වන බව දැන සිටියේ නැත.
දිගින් අඩ් 882 අගල් 9 වු ටයිටැනික් පළළින් අඩි 92 අගල් විය.යට කොටසේ සිට ටයිටැනික් හි උස අඩි 104 විය.එහි මට්ටම් 10 සමන්විත විය 

 කපිතාන් එඩ්වඩ් ජෝන් ස්මිත් (EJ Smith) මහතා
පහත රූපයෙන් දැක්වෙන්නේ ටයිටැනික් නෞකාව භාරව කටයුතුකල ප්‍රධාන කපිතාන් එඩ්වඩ් ජෝන් ස්මිත් (EJ Smith) මහතායි.


බොට්ටු අංගනය 
ජීවිතාරක්ෂක බෝට්ටු රඳවා තිබුණේ මෙහි වූ අතර අනතුර සිදුවූ වේලේ අත්ලන්තික් සාගරය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු දියත් කරනු ලැබුවේ මෙහි සිටය. පාලන ඒකකය සහ සුක්කානම් මැදිරිය, මෙහි ඉදිරි කොටසේ වූහ. ඒ කපිතාන්ගේ සහ නිලධාරින් වාසය කළ කොටසටද ඉදිරියෙනි. පාලන ඒකකය සෑම අතටම විහිදෙන පරිදි මෙම තට්ටුවේ සිට අඩි 8ක් ( මීටර 2.4 ) උසට විහිදී තිබුණි. එම පිහිටීම නැව වරායක නතර කිරීමේදී පාලනය කිරිමට ඉවහල් විය. සුක්කානම් මැදිරිය කෙළින්ම පාලන ඒකකයට පිටුපසට වන්නට ඉහළින් නැගී සිටියේය. ප්‍රථම පන්තියේ වූ ගාම්භීර පියගැටපෙළට පිවිසුම සහ ව්‍යායාම ශාලාව, ඉහළට නැඟුණු ප්‍රථම පන්තියේ විවේකාගාරයෙහි වහලය සමඟ නැව මධ්‍යයෙහි විය. මෙම තට්ටුවේ පිටුපසින් ප්‍රථම පන්තිය සඳහා වූ දුම්පානය කරනා කාමරයෙහි වහලය සහ දෙවන පන්තියට පිවිසුම විය. දැවයෙන් ආවරණය වූ මෙම නැව් තට්ටුව සක්මන් තීරු හතරකට වෙන්කොට තිබුණි. ඒ නිලධාරිනට, ප්‍රථම පන්තියේ මඟීන්ට, ඉන්ජිනේරුවන්ට සහ දෙවන පන්තියේ මඟීන්ට වශයෙනි. ජීවිතාරක්ෂක බෝට්ටු මෙම තට්ටුවේ දෙපසින් සවි කොට තිබුණේ ප්‍රථම පන්තිය සඳහා වු කොටස අතහැරය. ඒ එම කොටසට හොඳින් අවට දර්ශනය කළහැකි වීම සඳහාය. 

A අංගනය
මෙය "සක්මන් තට්ටුව" ලෙසද හැඳින්විය. අඩි 546 ( මීටර 166 ) පුරාවට විහීදී තිබුණ අතර සම්පූර්ණයෙන්ම ප්‍රථම පන්තියේ මඟීන් සඳහා වෙන්කොට තිබුණි. එහි ප්‍රථම පන්තියේ කාමර, විවේකාගාරය, දුම්පානය සඳහා වෙන්වූ ස්ථානය සහ කියවීම් සහ ලිවීම් කාමරද වූහ.

B අංගනය
පාලම් අංගනය යනුවෙන්ද හැඳින්වූ මෙම තට්ටුව ප්‍රධානම බර දරනා තට්ටුව වූ අතර නැව් බඳෙහි ඉහළම කොටස මෙය විය. පුද්ගලික සක්මන් තීරු වලින්ද සමන්විත්වූ ඉතා අලංකාර ප්‍රථම පන්තියේ කාමර හයක් සමඟින් මෙහි තවත් ප්‍රථම පන්තියේ කාමර පන්තියක් වූහ. ප්‍රථම පන්තියේ මඟීන්ට සුපෝකභෝගී භෝජන සැපයූ A La Carte Restaurant සහ Café Parisien යන සුපිරි ආපන ශාලාවන්ද මෙම තට්ටුවේය. දෙවන පන්තියේ දුම්පානය කරණා කාමරය සහ පිවිසුම් ශාලාවද මෙහිම වූහ. විවිධ වර්ගයේ යන්ත්‍ර සූත්‍ර හා නැංගුරම් රදවා තැබූ ස්ථානයද වූයේ මෙම තට්ටුවේම ඉදිරි කොටසෙහිය. මෙම කොටස මඟීන්ට සපුරා තහනම් වූ අතර 1997 දී තිරගත කළ ටයිටැනික් චිත්‍රපටයේ පෙන්වූ ප්‍රසිද්ධ "ඉගිලෙන" දර්ශනය යථාර්ථයක් නොවු දෙයකි. මෙම තට්ටුවෙහි අවර කොටස අඩි 106 ( මීටර 32 ) ක දිගකින් යුක්තවූ " Poop Deck" යනුවෙන් හැඳින්වූ, තෙවන පන්තියේ මඟීන් සක්මන් තීරුවක් ලෙස භාවිතා කළ කොටසට යොමුවී තිබුණි. මෙය, බොහොමයක් වූ තෙවන පන්තියේ මඟීන් සහ කාර්යය මණඩලය නැව ගිලෙන විට අවසානයට සිටගන සිටි ස්ථානය විය. පෙර සඳහන් නැවෙහි ඉදිරි කොටස සහ "Poop Deck" යනුවෙන් හැඳින්වූ කොටස මෙම තට්ටුවෙන් වෙන් කෙරුනේ " වෙල් ඩෙක් " - Well Deck යනුවෙන් හැඳින්වූ තවත් විශේෂිත තට්ටුවකිනි.

C අංගනය
Shelter Deck යනුවෙන්ද හැඳින්වූ මෙම තට්ටුව, නැවේ ඉදිරිපස සිට පසුපස දක්වාම පැතිර තිබූ තට්ටු වලින් ඉහළින්ම වූ තට්ටුව වේ. එය පෙර සඳහන් කළ "වෙල් ඩෙක්" යැයි හැඳින්වූ තට්ටු දෙකකින්ද සමන්විත වූ අතර පිටිපස තට්ටුව තෙවන පන්තියේ මඟීන්ගේ සක්මන් ප්‍රදේශයේ කොටසක් ලෙසද වෙන්වී පැවතුණි. නැවෙහි කාර්යය මණ්ඩලයේ කාමර පිහිටා තිබුණේ මෙම තට්ටුවේ ඉදිරිපසට වන්නටය. තෙවන පන්තියේ පොදු රැස්වීම් ස්ථාන පිටුපසට වන්නට පිහිටා තිබුණි. ඒ අතර මධ්‍යයේ පළමු පන්තියේ කාමර සහ දෙවන පන්තිය සඳහා වූ පුස්තකාලය විය.

D අංගනය
Saloon Deck, මෙය ප්‍රධාන පොදු ශාලා තුනකින් සමන්විත වූ තට්ටුවකි. ඒ ප්‍රථම පන්තියේ පිළිගැනීමේ උත්සව ශාලාව, ප්‍රථම පන්තියේ සහ දෙවන පන්තියේ භෝජන ශාලාවන්ය. මෙම තට්ටුවේ, පළමු, දෙවන සහ තෙවන පන්ති සඳහා කාමර තිබූ අතර විවෘත්ත ප්‍රදේශය තෙවන පන්තියේ මඟීන් සඳහා වෙන්වී පැවතුණි. උදුන් කම්කරුවන් සඳහා ප්‍රදේශයක්ද මෙම තට්ටුවෙහි වෙන්කොට තිබුණි.

E අංගනය
මෙම තට්ටුවේ ප්‍රධාන වශයෙන් සියලුම පන්තිවල මඟීන් සඳහා නේවාසික පහසුකම් වූ අතර යම් යම් කාර්යය මණ්ඩල සඳහා වෙන්වූ ඉඩ පහසුකම්ද වූහ. Scotland Road යනුවෙන් නැවෙහි කාර්යය මණ්ඩලය විසින් හැඳින්වූ, තට්ටුව පුරා විහිදුණු, පටු අන්තර් මාර්ගයක්ද මෙම තට්ටුවෙහි විය.

F අංගනය
මෙය ප්‍රධාන වශයෙන් වෙන් වූයේ තෙවන පන්තියේ මඟීන්ගේ කාමර සඳහාය. තෙවන පන්තියේ භෝජන ශාලාව, පිහිනුම් තටාකය සහ සමහර දෙවන පන්තියේ මඟීන් සඳහා වූ කාමරද මෙහි දක්නට ලැබුණි.

G අංගනය
Lower Deck යනුවෙන්ද හැඳින්වූ මෙය, මඟීන් සඳහා වෙන්වූ අවසාන තට්ටුව වේ. නැවේ පහතින්ම වූ කව්ළු පිහිටා තිබුණේද මෙම තට්ටුවේය. ඒ මුහුදු මට්ටමට මඳක් ඉහළට වන්නටය. සංචාරක තැපැල් කන්තෝරුව සහ ස්කොෂ් ක්‍රීඩා මණ්ඩපයද මෙහි පිහිටා තිබුණි. මෙය ආහාර ගබඩා කිරීමටද භාවිතා කෙරිණි.

Orlup අංගනයසහ Tank Top
මෙම තට්ටු නැවෙහි පහතම මට්ටම වූහ. Orlup තට්ටුව බඩු භාණ්ඩ ගබඩා කිරීම සඳහා භාවිතා කළ අතර, Tank Top යනුවෙන් හැඳින්වූ තට්ටුව බොයිලේරු, එන්ජින්, ටර්බයින් සහ විදුලි ජනක සඳහා වෙන්වී තිබුණි. මෙම තට්ටු, ද්විතව දගර පියගැට පෙළක් මඟින් "D" Deck යනුවෙන් හැඳින්වූ තට්ටුවට සම්බන්ධ වී තිබුණි.

ටයිටැනික් නෞකාව සැලැස්ම
ටයිටැනික් නෞකාව සැලැස්ම

අභ්‍යන්තර පද්දතිය හා තාක්ෂණය
ටයිටැනික් නෞකාව ප්‍රධාන එන්ජින් තුනකින් සමන්විත වූවාය. සිලින්ඩර් හතරේ ත්‍රිත්ව ප්‍රසාරණ වාෂ්ප එන්ජින් දෙකකින් සහ මධ්‍ය ගත වාෂ්ප ටර්බයිනයකින් එය සමන්විත විය. මෙම සෑම එන්ජිමක්ම නැවෙහි අවර පෙත්තක් භ්‍රමණය කිරීමට දායක විය. සිලින්ඩර් හතරේ වාෂ්ප එන්ජින් ද්විත්වය එක්ව ගත් කළ අශ්ව බල 30000 ක පමණ බලයක් නිපදවීමට හැකියාව තිබුණි. අනෙක් ටර්බයින් යන්ත්‍රය අශ්ව බල 16000 ක පමණ බලයකින් දායක විය. White Star සමාගම සිය පෙර නිපදවූ නෞකාවක් වූ SS Laurentic නැවෙහි මෙම වාෂ්ප එන්ජින් එකතුකොට යොදාගෙන සාර්ථක ප්‍රතිඵල නෙලාගන තිබුණි. එය කාර්යක්ෂමතාවය අතින්ද වේගය අතින්ද සාර්ථක විය. එහෙත්, ඔලිම්පික් පන්තියේ විශාල නැව් වලට මෙම සිලින්ඩර් මඟින් ක්‍රියාත්මක වන එන්ජින් පමණක් යොදා ගැනීම සාර්තක නොවූයේ එයින් අපේක්ෂිත වේගය ලබා ගත නොහැකි බැවිනි. ටර්බයින පමණක්ම යොදාගන මෙය සඵල කරගත හැකි වුවද එමඟින් අපහසු දායක දෙදරීමක් ඇතිකරනු ලැබුවේය. සිලින්ඩර් එන්ජින් සමඟ ටර්බයින් යන්ත්‍රයක් එකතුව යොදාගැනීම මගින් ඉන්ධන දහනය අඩු කර ගත හැකිවූ අතර නිපදවෙන බලය වැඩිකරගත හැකිවිය.
අති විශාල මෙම වාෂ්ප එන්ජින් දෙක දිගින් අඩි 63 ( මීටර 19 ) ක් වූ අතර බර ටොන් 720 කි. ඒවායෙහි පතුල් තහඩු පමණක් තවත් ටොන් 195 පමණ බර වූහ. මෙම එන්ජින් දෙක බොයිලේරු 29කින් බලගැන්වූහ. බොයිලේරුවක විෂ්කම්භය අඩි 15 යි අඟල් 9 ක් (මීටර 4.80 ) වූ අතර දිගින් අඩි 20 කි. ( මීටර 6.1 ) බර ටොන් 91.50 ක් විය. ජලය ටොන් 48.50 ක් රඳවා ගැනීමේ හැකියාව මෙම බොයිලේරුවකට විය.
මෙම බොයිලේරු වලට අවැසි බලය සපයා ගනු ලැබුයේ, ගල් අඟුරු දහනය කර ගැනීමෙනි. ඒ සඳහා අවැසි ගල් අඟුරු ටොන් 6611 ගබඩා කර ගැනීමේ පහසුකම් ඉන්ධන ගබඩාවේ වූහ. එයට අමතරව තවත් ටොන් 1092 ක් වෙනම ගබඩා කිරීමේ පහසුකම්ද විය. මෙම ගල් අඟුරු දහනය කළ උදුන් වලට දිනකට ටොන් 600 ක් පමණ ගල් අඟුරු අවැසි වූ අතර ඒ සියල්ල මිනිස් බලයෙන්ම සැපයුවේය. ඒ සඳහා උදුන් සේවකයන් 176 දෙදෙනෙක් දිවා රෑ නොබලා සිය සේවය සැපයූහ. ටොන් 100 ක පමණ අළු මුහුදට මුදා හරීම මඟින් දිනකට ඉවත් කළේය. මෙම උදුන් සේවකයන්ගේ රාජකාරිය නිර්දය, අපිරිසිදු හා අවදානම් සහගත දෙයක් විය. ඔවුන් සාපේකෂව ඉහළ වැටුපකට හිමිකම් කීවද, ඔවුන් අතර සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ අගයක විය.
බොයිලේරු මඟින් නිකුත් කරන වාෂ්ප මඟින් එන්ජින් සහ ටර්බයිනය බල ගැන්වීමෙන් පසු, එම වාෂ්ප ශ්‍රීතක ( Condenser ) හරහා ගමන් කරවා ජලය බවට පත් කොට නැවත භාවිතයට ගැනුණි. සෑම එන්ජිමක්ම තල බමනයන් කැරකවූ දික් දණඩකට සම්බන්ධවී තිබුණි. ටයිටැනික් හී තල බමනයන් තුනක් වූ අතර දෙපසින් වූ තල බමනයන් දෙක ප්‍රමාණයෙන් විශාල වූහ. විෂ්කම්භය අඩි 23.50 කි ( මීටර 7.20 ). මධ්‍යයෙහි වූ තල බමනය ප්‍රමාණයෙන් කුඩා වූ අතර එහි විෂ්කම්භය අඩි 17 ක් ( මීටර 5.2 ) පමණක් විය. එය අනෙක් තලබමන දෙක මෙන් නොව නැවැත්විය හැකි වුවද ප්‍රතිවිරුද්ධ දිශාවට කැරකැවිය නොහැකිය.

ටයිටනික් හී විදුලි බල උත්පාදක පද්ධතිය, සාමාන්‍ය නඟරයක විදුලි බල උත්පාදකයකට වඩා බලයක් ජනනය කිරීමෙහි සමත් විය. කිලෝ වොට් 400 ජනන යන්ත්‍ර හතරක් මෙම කාර්යය ඉටු කළ අතර අතිරේකව කිලෝ වොට් 30 ක ජනන යන්ත්‍ර දෙකක් හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා වූහ. මෙම අතිරේක ජනන යන්ත්‍ර නැවෙහි පිටිපසට වන්නට වූ බැවින් නැව ගිලෙන මොහොත දක්වාම එම යන්ත්‍ර ක්‍රියාත්මක වන්නට ඇතැයි සැලකේ.

අතිත පසුබිම 

අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර නිපදවූ ටයිටැනික් නෞකාව, වයිට් ස්ටාර් සමාගම සතුවූ ඔලිම්පික් ශ්‍රේණියේ නෞකා තුනෙන් දෙවෙනි නෞකාව විය. අනෙක් නෞකා දෙක වූයේ RMS Olympic සහ RMS Britannic ය.( මුලින්ම නම් කෙරුණේ Gigantic ලෙසය ). මෙය සමාගම සතුවූ නෞකා 29 කින් විශාලම නෞකා ත්‍රිත්වය වූහ. මෙම නැවු ත්‍රිත්වයෙහි මූලාරම්භය 1907 මැදදී වයිට් ස්ටාර් සමාගමේ සභාපති වූ J. Bruce Ismay හා වයිට් ස්ටාර් සමාගමේ මව් සමාගම වූ International Mercantile Marine Co. සමාගම පාලනය කළ අමෙරිකානු මූල්‍ය සම්පාදකයෙකු වූ J. Pierpont Morgan හා ඇතිවූ සාකච්ඡාවක ප්‍රතිඵලයකි. එකල වයිට් ස්ටාර් සමාගම, සිය ප්‍රධානම ප්‍රතිවාදී තරඟ කරුවකු වූ, ඒ වන විට ලොව වේගවත්ම මඟී නෞකාවන් ලෙස සැලකූ Lusitania හා Mauretania යන නෞකාවන් දියත් කොට තිබූ Cunard සමාගම ඉදිරියේ හා ජර්මානු නැව් සමාගම් වූ Hamburg America හා Norddeutscher Lloyd ඉදිරියේ අභියෝගයට ලක්වෙමින් සිටියහ. එම තරඟයට මුහුණදීම සඳහා White Star සමාගමේ සභාපති වූ J. Bruce Ismay විසින් යෝජනා කළ වේගවත් බව වෙනුවට විශාලත්වය සහ අධි සුඛෝපභෝගීත්වය සහිත නැව් පන්තියක ප්‍රතිඵලය මෙම නෞකා ත්‍රිත්වය වේ.

නැව ඉදිකරන ලද්දේ 1867 තරම් ඈත කාලයක සිට වයිට් ස්ටාර් සමාගම හා සුහදව කටයුතු කළ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හී Harland and Wolff සමාගම වේ. Harland and Wolff සමාගම නැව් සැලසුම් කිරීම පිළිබඳව විශේෂඥ සේවයක් White Star Line සමාගම වෙත සැපයුවේය. සමාගම් දෙක එක්ව නැවක් සැලසුම් කෙරීමේදී පිරිවය සාධකය කෙරෙහි අඩුම සැලකිල්ලක් දැක්වූ අතර Harland and Wolff සමාගමට අවැසි කටයුතු සඳහා මුදල් වැයකිරීමේ නිදහස තිබූ අතර පසුව සියයට පහක ලාභාංශ තීරුවක් එකතු කිරීමටද එකඟතාවයක් විය. ඔලිම්පික් පංතියේ නැව් තැනීමේදී, ප්‍රථම නැව් දෙක සඳහා බ්‍රිතාන්‍යය පවුම් මිලියන තුනක් වියදම් වූ බවට ගණන් බලා ඇත.

Harland and Wolff සමාගම ඔලිම්පික් පංතියේ නෞකා සැලසුම් කිරීමේදී සිය ප්‍රමුඛම සැලසුම කරුවන් ඒ සඳහා යෙදවූහ. Harland and Wolff හා White Star Line යන සමාගම් ද්විත්වයේම අධ්‍යක්ෂක වරයෙකු වූ Lord Pirrie, Harland and Wolff හී සැලසුම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂක Thomas Andrews, ඔහුගේ සහයක ලෙස සහ සැලසුම් ගණනය කිරීම් සහ නැවේ ස්ථායීතාවය ( Stability & trim ) සම්බන්ධයෙන් කටයුතු කළ Edward Wilding සහ නැව් තටාකාංගණයේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන සැලසුම් කරු වූ Alexander Carlisle ගේ මූලිකත්වයෙන් එය අධීක්ෂණය වූහ. කාර්යක්ෂම ජීවිතාරක්ෂක බෝට්ටු දියත් කිරීමේ ක්‍රමවේදයක් සැලසීම Alexander Carlisle ගේ කාර්යයක් විය.


1908 ජූලි 29 වන දින Harland and Wolff සමාගම සිය සැලසුම White Star Line හී සභාපති J. Bruce Ismay සහ අනෙකුත් විධායක ශ්‍රේණියේ නිලධාරීනට පිළිගැන්වීය. Ismay වෙතින් සැලැස්ම අනුමත් වීමෙන් පසුව එකඟතා ගිවිසුම අත්සන් කළ අතර එයින් දින දෙකකට පසුව ඉඳිකිරීම් ඇරබීමට එකඟ වූහ. මෙම මොහොතේදී මුලින්ම ඉඳිකළ නැවට නමක් නොවූ අතර එය Harland and Wolff හී 400 වන ඉඳිකිරීම වූ බැවින් " අංක 400 " විය. එයට පසුව ඉදිකළ ටයිටැනික් නෞකාව " අංක 401 " විය.

අනෙකුත් තාක්ෂණික පහසුකම් 

ටයිටැනික් හී අරිත්‍රය ( Rudder ) ඉතා විශාල එකකි. එහි උස අඩි 78 යි අඟල් 8 ක් ( මීටර 23.98 ) වූ අතර දිග අඩි 15 යි අඟල් 3 ( මීටර 4.65 ) කි. බර ටොන් 100 ක් විය. එහි විශාලත්වය නිසාම එය හැසිරවීමට සුක්කානම් එන්ජින් දෙකක් යොදවා තිබුණි. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ මෙම ඇන්ජින් ද්විත්වයෙන් සෑම විටම එකක් ක්‍රියාකාරි වූ අතර අනෙක අමතර ඇන්ජිමක් ලෙස සූදානම්ව පැවතුණි. මෙම ඇන්ජින් තද දුන්නක් හරහා සවිකෙරුණු විශාල අල්ලුවක් මඟින් අරිත්‍රය හා සම්බන්ධව පැවතුණි. ඒ රළු මුහුදු තත්ත්වයන් යටතේදී හා ක්ෂණික හැරවීම් වලදී එන්ජිම වෙත එන කම්පනයෙන් ඒවා ඈත් කොට තැබීම උදෙසාය. හදිසියකදී මෙම අල්ලු නැවෙහි නැංගුරම් හසුරුවන යාන්ත්‍රණය හා කඹ මගින් සම්බන්ධ කොට හැසිරවීමේ හැකියාවද පැවතුණි.

නැවෙහි ජල සැපයුම උදෙසා එයටම ආවේණික ජල සැපයුම් පද්ධතියක් විය. නැව පුරා පැතුරුණු නල, කරාම සහ කපාට වලින් මෙම පද්ධතිය සමන්විත විය. සාමාන්‍යයෙන් නැවට අවශ්‍යය ජලය වරායන්හීදී ලබාගන්නා අතර හදිසියකදී මුහුදු ජලය පිරිපහදු කොට ලබාගැනීමේ පහසුකමද විය. එහෙත් මෙම පිරිපහදු පද්ධතිය එතරම් කාර්යක්ෂම එකක් නොව්නේ නිතරම එය ලුණු තැන්පත් වීම මඟින් අවහිරවූ බැවිනි. තවද, අවරණය වූ නළ මඟින් නැව පුරා උණුසුම් වායුව බෙදාහැරීමේ ක්‍රමවේදයක්ද වූ අතර ප්‍රථම පන්තියේ කාමර සඳහා විදුලි තාපකද සවිකොට තිබුණි.

ටයිටැනික් නැව, කිලෝ වොට් 1.5 ක බලගතු, රැහැන් රහිත ටෙලිග්‍රාෆ් යන්ත්‍ර දෙකකින්ද සමන්විත වූවාය. එයින් එකක් පණිවිඩ ලබා ගැනීම සඳහාත්, අනෙක පණිවිඩ නිකුත් කිරීම් සඳහාත් භාවිත කෙරිණ. නැවේ කුඹගස් අතර, දුම් නල වලට අඩි 50 ක් පමණ ඉහළින් සමාන්තරව ඇදුණු කම්බි යුගල 2ක් මගින් ඒ සඳහා අවැසි සංඥා සම්ප්‍රේෂණය කෙරිණ. මෙම යන්ත්‍ර එවකට ලොව පැවති බලගතුම ටෙලිග්‍රාෆ් යන්ත්‍ර වූ අතර සැතපුම් 1000 කට පමණ දුරකට පණිවිඩ නිකුත් කිරීමේ හැකියාව ඒවා සතු වූහ. ඒවා, නැවේ එදිනෙදා මෙහෙයුම් කටයුතු වලට වඩා මූලික වශයෙන් මඟීන් සඳහා භාවිත කෙරිණි. කෙසේ වෙතත්, කාලගුණ තොරතුරු ලබාගැනීම, හිම පර පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීම වැනි කාර්යයන්ද ඔවුනට පැවරී තිබුණි. මෙහි අයිතිය සහ නඩත්තුව මාර්කෝනී සමාගම සතු වූ අතර එය 24 පැයේම ක්‍රියාත්මක කිරීමට ඇවැසි මිනිස් බලයද මාර්කෝනී සමාගමෙන්ම සපයා තිබුණි.

ගමන් කල මගින් සදහා සපයා තිබුන පහසුකම්
මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.

මඟීනට නැවෙහි වූ දුරකථන පද්ධතිය, පුස්තකාල සහ විශාල කොන්ඩා සැකසුම් ශාලාව භාවිතා කිරීමේ පහසුකම්ද සපයා තිබුනි. ප්‍රථම පන්තිය සඳහා පිහිනුම් තටාකය, ව්‍යායාම ශාලාව, ස්කොෂ් ක්‍රීඩා මණ්ඩපය සහ "ටර්කිශ් බාත්" යැයි හැඳින්වූ විශේෂිත ස්නාන පහසුකම්ද විය. ප්‍රථම පන්තියේ පොදු ස්ථාන අලකෘත දැවයෙන් නිර්මාණය වී තිබූ අතර මිලාධික ගෘහභාන්ඩයන්ගෙන්ද සමන්විත විය. ප්‍රථම පන්තිය එසේවන විට තෙවන පන්තියේ කාමර පයින් ලීයෙන් හැඩවී, තේක්ක ලී බඩු වලින් සැරසී තිබුණි. හිරු එළියෙන් ඒකාලෝක වූ බරාඳයේ තිබුණු Café Parisien ආපන ශාලාව, ප්‍රථම පන්තියේ මඟීන්ට සුපිරි ප්‍රංශ ආහාර වල රස විඳීම සඳහාම වෙන්වී තිබුණි.

තෙවන පන්තියේ මඟීනට, පළමු පන්තියේ තරම් සැප පහසුකම් නොවීය. එහෙත් එකල අනෙකුත් මඟී නෞකාවල තෙවන පන්තීන් හා සසඳා බලන විට ඔවුන් බෙහෙවින්ම ඉදිරියෙන් පසුවූහ. ඔවුනට දෙදෙනෙකුගේ සිට දස දෙනෙකු දක්වා පරාසයක් ඇතුලත විහිදුණු ඇඳන් සහිත කාමර වූහ. තවද " G Deck " හී තනි පුද්ගලයන් 164 දෙනෙකුට වෙන්වූ නිදන මැදිරිද වූහ. කෙසේ වෙතත් ඔවුනට වූ සේදීමේ සහ නෑමේ පහසුකම් ප්‍රථම හා දෙවන පන්තීන් හා සසඳන විට අල්ප වූහ. සමස්ත තෙවන පන්තිය සඳහාම වූයේ නාන කාමර දෙකක් පමණී. එකක් ගැහැණු අය සඳහා වූ අතර අනෙක පිරිමින් සඳහා වෙන්වී තිබුණි. ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.

විවේකීව කාලය ගත කිරීමට අවැසි පහසුකම් පන්ති තුනටම ලබාදී තිබුණි. පුස්තකාල, දුම්පානය කරන ස්ථාන, ව්‍යායාමශාලා වැනි දෑ වලින් මෙම පහසුකම් සමන්විත වී තිබුණි. විවෘත්ත තට්ටුව මත සක්මන් කිරීම හෝ අලස සුවය විදීමද සාමන්‍යය කරුණක් විය. මෙසේ කෙරෙන සමාජගතවීම වලදී, සිය තරුණ දියණියට සුදුසු ධනවත් තරුණයකු සොයා ගැනීමට වලිකන මවුවරුන්ද නැතුවාම නොවේ. නැවෙහි මඟීන්ගේ නාමලේඛණය ප්‍රසිද්ධ කොට තිබීම ඔවුනගේ කාර්යයට මහඟු පිටිවහලකි.

ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූ උත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත. 1997 දී තිරගතවූ ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයේදී මෙම පියගැටපෙල කඩාවදින ජල පහරින් පාදමේ සිට ගැලවී යන ලෙස ප්‍රතිනිර්මාණය වී තිබුණද ඇත්තටම සම්පූර්ණ පඩිපෙළම එකවර ඉහළ සිට ගැලවී ගොස් ඇති බවට සැලකේ.

ඉදිකිරිම 


ටයිටැනික් සහ ඇගේ සොයුරියන්ගේ දැවැන්ත බව Harland and Wolff සමාගමට විශාල ඉන්ජිනේරූමය අභියෝගයක් විය. ඒ වන විට ලොව කිසිම නැව් තටාකාංගනයක මෙතරම් විශාල වූ නැවක් තැනීමට අතගසා නොතිබුණි. මෙම නැව් ත්‍රිත්වය තැනුවේ, බෙල්ෆාස්ට් වරායේ, වර්තමානයේ Titanic Quarter නමින් හඳුන්වන කොටසේය. Harland and Wolff සමාගමට පැවති ළිස්සුම් මං තුනක් කඩා බිඳ දමා අලුතෙන් අති විශාල ළිස්සුම් මං දෙකක් නිර්මාණය කිරීමට සිදු වූයේද මෙම දැවන්ත නෞකා හැසිරවීම පහසු කරනු පිණිසය.

මෙම නැව් තැනීමට පහසුකම් සැපයීම පිණිස, Sir William Arrol & Co., සමාගම මඟින් නිපදවූ අති විශාල ගැන්ට්‍රි දොඹකරක්ද යොදාගන්නා ලදී. එම දොඹකරයේ උස අඩි 228 කි ( මීටර 69 කි ), පළල අඩි 270 කි ( මීටර 82 කි ), දිග අඩි 840 කි ( මීටර 260 කි ). බර ටොන් 6000 කට ඉක්මවූවේය. එයට සහය පිණිස තවත් ජංගම දොඹකර ගණනාවක් සහ ජර්මනියෙන් ගෙන්වූ ටොන් 200 ක් එසවිය හැකි පාවෙන දොඹකරයක්ද විය.

ටයිටැනික් සහ ඔලිම්පික් නෞකා තැනීම බොහෝදුරට සමගාමිවම වගේ සිදු විය. ඔලිම්පික් නෞකාව තැනීම 1908 දෙසැම්බර් 16 ඇරඹුණ අතර ටයිටැනික් නැව 1909 මාර්තු 31 ඇරඹුණි. නැව් දෙකම මාස 26කට ආසන්නකාලයක් ගත් අතර බොහෝ දුරට එකම තැනීම් ක්‍රියා පටිපාටියක් අනුගමනය කෙරිණි. නැවේ ව්‍යවහය සැකසී තිබුණේ පත්ල ප්‍රධාන නාරටිය ලෙස ක්‍රියා කරන විට බඳෙහි සැකිල්ල පාර්ශුකාව ලෙස ක්‍රියාකරන පරිදිය. නැවෙහි පාදමේ ද්විත්ව පතුල් සහිත අඩි 5 යි අඟල් 3 නේ ( මී 1.6 ක් ) සැකිලි 300 ක් විය. ඒවා B Deck දක්වා පැතිරී තිබුණු අතර නැවෙහි බාහිර ආවරණය කළ යකඩ තහඩු වලින් වැසී තිබුණි.

නැව තැනීම සඳහා 2000 ක් පමණ වානේ තහඩු යොදාගන තිබුණ අතර බොහොමයක් තහඩු වල දිග අඩි 30ක් ( මීටර 9.1 ක් ) සහ පළල අඩි 6 කි. ( මීටර 1.8 කි ). බර ටොන් 2.5 සිට 3 දක්වා විය. තහඩු වල ඝනකම අඟල් 1 කේ සිට 1.5 දක්වා පරාසයක විහිදුණි. මෙම තහඩු සවිකිරීම සඳහා වානේ පෑස්සුම් සහ මිලියන තුනකට වැඩි ඇණ යොදාගන තිබුණි. එම ඇණ වල බර පමණක් ටොන් 1200 ක් වූ බවට ගණන් බලා ඇත. ඒවා හයිඩ්‍රොලික් යන්ත්‍ර මඟින් සහ අත් මිටි වලින් සවි කරනු ලැබීය.


නැව ගොඩනැංවීමේ සහ සකස් කිරීමේ අවසාන අදියර අතරතුර. මෙහි දී නැව් අවරයෙන් අරඹා නැව් බඳෙහි අවසාන තීන්ත තට්ටුව ආලේප කිරීම සිදු කරමින් 
දියත් කිරීමට පෙර ටයිටැනික් රදවා තිබු ආකාරය 
නැව ගොඩනැංවීමේ සහ සකස් කිරීමේ අවසාන අදියර අතරතුර. මෙහි දී නැව් අවරයෙන් අරඹා නැව් බඳෙහි අවසාන තීන්ත තට්ටුව ආලේප කිරීම සිදු කරයි.
නැවෙහි අභ්‍යන්තරය කොටස් 15කටත්, උප කොටස් 16කටත් බෙදා තිබුණි. හදිසියකදී සිරස් අතට වැසෙන ජල පරිරෝධක ද්වාර එකොළහක් විය. නැවෙහි විවෘත්ත තට්ටු පයින් සහ තේක්ක දැවයෙන් ආවරණය වූ අතර, සිවිලිම කිරල දැවයෙන් නිර්මාණය වී තිබුණි. නැවෙහි උපරිව්‍යවහය ( Superstructure ) තට්ටු දෙකක් පුරා පැතිරුණු අතර, සියලුම නිලධාරින්ගේ කාමර, ව්‍යායාම් ශාලාව, පොදු කාමර ආදි ස්ථාන එහි වූහ. සියලු තට්ටු වලට ඉහළින් දුම් නල හතරක් නැගී සිටි අතර සත්‍යය වශයෙන්ම එවායින් ක්‍රියාත්මක වූයේ තුනක් පමණී. අනෙක අලංකාරය උදෙසා වූ ව්‍යාජ දුම් නලයක් පමණී. එකක් අඩි 155 ක් ( මීටර 47 ක් ) වූ කුඹ ගස් දෙකක්ද වූහ. ඒවා නැවට බඩු පටවන දොඹකර වළට ආධාරක වශයෙන්ද උපයෝගී කරගන්නා ලදී. තවද, ටෙලිග්‍රාෆ් සංඥා ග්‍රහණය සඳහා භාවිතා කළ කම්බිද මෙම කුඹ ගස් දෙක අතර ඇද තිබුණි.

නැව ගොඩනැංවීම දුෂ්කර සහ අනතුරුදායක කටයුත්තක් විය. 15000 ක් පමණ සේවක පිරිසක් නැව ඉදිකිරීමට සේවය සැපයූ අතර, අනුගමනය කළ ආරක්ෂක විධිවිධාන බෙහෙවින්ම ප්‍රාථමික තත්ත්වයේ විය. බොහොමයක්ම කාර්යයන් අනතුරුදායක වු අතර එම කාර්යයන් ඉෂ්ට කෙරුණේ නිසි ආරක්ෂක උපාංග නොමැතිවය. එම හේතුව නිසාම නැව ඉදිකරන අතරතුර අනතුරු 246 ක් සිදු වූ අතර එයින් 28 ක් බරපතල තත්ත්වයේ විය. නැව ඉදිකරන අතර තුර සය දෙනෙකු මිය ගිය අතර දියත් කිරීමට ආසන්නයේදී තවත් කෙනෙකු මිය ගියේ හිසට ලීයක් වැටීමෙනි.

1911 මැයි 31 වනදා 12:15, Lord William Pirrie, J. Pierpoint Morgan and J. Bruce Ismay යන අයගේ සහභාගිත්වයෙන් සහ තවත් නරබන්නන් ලක්ෂයක් පමණ ඉදිරියේදී ටයිටැනික් නැව ප්‍රථම වරට දියත් කෙරුනා. ටොන් 22 ක සබන් සහ සත්ත්ව තෙල් ලිස්සුම් මං වළ ආලේප කෙරුනේ නැව පහසුවෙන් ලගන් නදිය වෙත ගැනීම සඳහාය. White Star Line සමාගමේ සම්ප්‍රදායට යමින් නැව, කලින් නම් කළේවත්, බෞතීස්ම කළේවත් නොමැත. මෙසේ නැව් තටාකාංගනයෙන් පිටතට ගත් නැව, එන්ජින්, දුම් කවුලු, උපරි ව්‍යව්හය සහ අභන්තර හැඩ ගැන්වීම් සඳහා වෙනත් ජෙටියක් වෙත රැගෙන යන ලදී. එම කාර්යයන් සඳහා තවත් වසරකට ආසන්න කාලයක් වැයවුනි.


ටයිටැනික් සහ ඇගේ සොයුරිය වූ ඔලිම්පික් එකම සැළසුමේ නෞකා වුවද, ටයිටැනික් හී සුලු සුලු වෙනස්කම් විය. එයින් ප්‍රධානතම වූයේ, A Deck හී ඉදිරි කොටසේ සක්මන් තීරුවේ වූ කවුළු වලට සවි කෙරුනු වානේ තිරයයි. මෙය අවසාන මොහොතේ Bruce Ismay ගේ පුද්ගලික ඉල්ලීමක් මත සිදු කෙරින. මෙම වෙනස්කම් ටයිටැනික් නෞකාවේ බර වැඩිවීමට බලපෑ අතර එවකට සයුරේ සැරිසැරූ විශාලම නෞකාව වීමේ භාග්‍යයද ඇයට හිමි කර දුනි. නැව සම්පූර්ණ කිරීම, මෙම වෙනස්කම් නිසා හා ඔලිම්පික් නැව 1911 දී මුහුණ දුන් අනතුරෙන් පසුව අලුත්වැඩියා කටයුතු සිදු කිරීම උදෙසා කළ වැඩ නැවැත්වීම් නිසාද බලාපොරුත්තු වූවාට වඩා කල්ගත විය. සමහරවිට නැව සම්පූර්ණ කිරීමේ කටයුතු නිසි පරිධි අවසන් වූවානම්, ඇය අයිස් පරය හමුවීමේ අවාසනාවට මුහුණ නොදෙන්ටත් ඉඩ තිබුනි.


No comments:

Post a Comment