Friday, September 23, 2016

කා(ර්)ල් බෙන්ස් - Karl Benz

වර්තමානයේ ලෝකය තුල ප්‍රවහන ක්‍රම විශාල ප්‍රමාණයක් පවතී.මිනිසා එදිනෙදා ජිවිතයේ තමාගේ නොයෙකුත් අවශ්‍යතා සදහා විවිධාකාර ප්‍රවහන ක්‍රම භාවිතා කලද තම පෞද්ගලික අවශ්‍යතා සදහා බහුලව භාවිතා කරන මෝටර්රථය අද ලෝකයේ කා අතරත් ජනප්‍රියමවාහනය වී හමාරය.වාෂ්ප බලයෙන් ක්‍රියත්මක වූ මොටර් රථයේ සිට විදුලිය බදු වේගයෙන් ගමන් කරන සුපිරි මොටර් රථ,පොසිල ඉන්ධන වෙනුවට විදුලි බලයෙන් ක්‍රියාත්මක මෝටර් රථ දක්වා අද වන විට මෙය විකාශනයවී හාමාරය.තමාටම කියා මෝටර් රියක් ලබා ගැනිම අප සැමගේ ආශාවක් වුවද මෙහි නිර්මාණකරු කවුරුන්දැයි සමහරුන් නොදන්නවා වෙන්නට ඇත.
කාර්ල් බෙන්ස් 1869 දී ලබාගත් ජායාරූපයකි
(වයස අවුරුදු 25 දී)
1844 නොවැම්බර් මස 25 වන දින ජර්මනියේ Mühlburg හීදි උපත ලද කාර්ල් බෙන්ස් ප්‍රථම මෝටර් රියේ නිර්මතෘවරයා වෙයි.ඔහු ඉපදෙන විටදි ඔහුගේ මව හා පියා නිත්‍යානුකුලව විවහා වී නොසිටිය බැවින් ඔහුට තම මව වන ජොසපින් ගේ පෙලපත් නාමය සමග කාර්ල් ෆෙඩ්‍රික් මයිකල් වයලන්ට් යන නාමය උපතේදි හිමි විය.පසුව ඔහුගේ මව වන ජොසපින් සහා පියා වන ජොහාන් ජොර්ජ් බෙන්ස් විවහා විය.ඔහුගේ පියා දුම්රිය එන්ජින් රියදුරෙකු වු අතර කාර්ල් ගේ උපතෙන් කෙටි කලකට පසු ඔහුගේ පියා නිව්මෝනියාව වැළදිම නිසා මිය යන ලදි.පසුව ඔහුගේ මව විසින් පියා සිහි වීම පිණිස කාර්ල්ගේ නම පියගේ පෙලපත් නාමය සමග කාර්ල් ෆෙඩ්‍රික් බෙන්ස් ලෙස වෙනස් කරන ලදි.කොතරම් ආර්ථික අපහසුතා මැද වුවත් කාර්ල්ගේ මව ඔහුට ඉහල අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන ලදි.ඔහු පලමුව තමා වාසය කල ප්‍රදේශයේ වු පාසලකට ඇතුලත් වු අතර පසුව ඔහු වයස අවුරුදු 9 පමණ වන විට විද්‍යාව සම්බන්දයෙන් දක්ශයකු විය.පසුව  Ferdinand Redtenbacher යටතේ  Karlsruhe Institute of Technology ආයතනයේ උසස් අධ්‍යාපනය හදාරා 1864 ජූලි 9 වන දින උපාධිය ලබා ගන්නා ලදි.එවිට ඔහුගේ වයස අවුරුදු 19 පමණක් වික්.පසුව ඔහු යාන්ත්‍රික ඉන්ජිනේරුවෙකු ලෙස වසර ගනනාවක් විවිධ ආයතන වල සේවය කල අතර පසුව මැන්හෙයිම් හී ආයතනයක සැලසුම්කරුවෙකු ලෙස සේවය කල අතර 1868 දි එයින් ඉවත් වී පාලම් සාදන ආයතනයක් වන Gebrüder Benckiser Eisenwerke und Maschinenfabriක් හී සේවය කරන ලදි.ආවසාන වශයෙන් ඔහු වියෙනා හි යකඩ කර්මාන්තශාලාවක සේවය කරන ලදි.දිනක් බෙන්ස් පාපැදියක් පදිමින් සිටින විට දැනුනු විඩාව නිසා ඔහුට කදිම සිතුවිල්ලක් පහල විය,ඒ අශ්වයින් හෝ මිනිසුන්ගේ ශක්තිය රහිතව පහසුවෙන් ගමන් බිමන් යා හැකි පරිදි වු වාහනයක් නිපදවිය හැකිනම් යන්නයි.එම සිතුවිල්ලම පසුකාලිනව මොටර්රථය නිපදවිමට මුල් විය
කාර්ල් බෙන්ස්ගේ අත්සන 

1871 දී එවකට වයස අවුරුදු 27 වු බෙන්ස් ඕගස්ට් රිටර් සමග එක්ව Mannheim හී යාන්ත්‍රික කර්මාන්තශාලාවක් ආරම්භ කල අතර එය පසුව Factory for Machines for Sheet-metal Working ලෙස නම වෙනස් කරන ලදි.මෙම කර්මන්තශාලාව ආරම්භ කර පලමු වසරේ එතරම් සාර්ථකත්වයක් නොපෙන්නවු අතර විශාල ගැටලු ප්‍රමාණයක් ඇති විය.එම නිසා කාර්ල්ගේ ව්‍යාපරික හවුල්කරු වු ඕගස්ට් කාර්ල් පිලිබදව තැබු විශ්වාසය පලුදු විය,එම කාලයේ කර්මාන්තශාලාව සතු ඇතැම් යන්ත්‍ර හා උපකරණ ඔවුන්ට අහිම් වුයේ ලබාගත් ණය ගෙවා දැමිමට නොහැකි වු බැවිනි.දිගින්දිගටම පාඩු ලැබිම නිසා ඕගස්ට් තමාට අයත් කර්මාන්තශාලාවේ කොටස් විකුනා දැමිමට තිරණය කල අතර කාර්ල් බෙන්ස් එවකට විවහා විමට සිටි බර්තා රින්ගර් මේ බව දැනගෙන ඇය විසින් ඕගස්ට් විකුනා දැමු කොටස් මිලට ගනු ලැබුනි.පසුව 1872 ජූලි මස 20 දින බර්තා රින්ගර් සමග කාර්ල් බෙන්ස් විවහා විය.ඔවුන්ට එම විවහායෙන් දරුවන් 5 දෙනකු ලැබුනු අතර වැඩිමහල් දරුවා වු ඉයුගන් බෙන්ස් 1873 දි මෙලොව එලිය දුටුවේය.පසුව 1874 රිචඩ් බෙන්ස් ද,1877 ක්ලේරා බෙන්ස් ද,1882 දි තිල්ඩේ බෙන්ස්ද,1890 දි එලන් බෙන්ස් ද උපත ලැබිය.මේ අතරතුර කාර්ල් බෙන්ස් තම ප්‍රථම පෙට්‍රල් එන්ජිම තැනිමේ කටයුතු සිදු කරමින් සිටියේය.එම එන්ජිව 2 Stroke වර්ගයේ එන්ජිමක් වු අතර පලමුව ඔහු එන්ජිම පමණක් නිර්මාණය කරන ලදි.ඔහු ඒ සදහා පේටන් බලපත්‍රය 1879 දි ලබාගත් අතර පසුව ඉන්ධන දහනය කිරිමත බැටරියක් මගින් ආරෝපිත පුලිගුවක්  (Spark Plug),එන්ජිම සිසිල්විමට ජලය මගින් සිසිල් වන සිසිලන පද්දතියක් හෙවත් රේඩියේටරයක් මෙන්ම වේගය පාලයන කිරීමට ගියර් පද්දතියක් සහා තිරිංග පද්දතියක් පසුව එක් කර එය තවදුරටත් දියුණු කරන ලදි.මේ අතරතුර බෙන්ස් සහා බර්තාගේ ආයතනයට මගින් බෙන්ස්ගේ නව එන්ජිම නිපදවිමේ කාර්‍ය සදහා විශාල මුදලක් වැයකර තිබිම නිසා යම් මුල්‍යමය ගැටලු කොහිපයකට මුහුනපා සිටි අතර ඒ සදහා බැංකුවක් මගින් මුදල් ලබා ගැනිම සදහා ඔවුන්ට හැකියවක් නොතිබුන හෙයිනක්ක් 1882 දි ජායාරූප ශිල්පියකු වු එමිල් බ්යුලර් සහා චීස් වෙළෙන්දෙකු වු ඔහුගේ සහෝදරයාගේ උපකාර ලබාගත්හ.ඒ අනුව 1882 දි බර්තා සහා බෙන්ස්ගේ පවුලේ ව්‍යාපාරය ඒකාබද්ද කොටස් සහිත හවුල් ව්‍යාපාරයක් විය.එය Gasmotoren Fabrik Mannheim ලෙස නම් කල අතර බෙන්ස් එහි අධ්‍යක්ෂවරයා විය.නමුත් කල් යාමෙදි නව හවුල්කරුවන් සමග ඇති වු අමනාපකම් සහා ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන කලකිරුණු බෙන්ස් සියලුම තනතුරු වලින් සහා වගකිම් වලින් ඉවත් වු අතර සමාගමේ තමා සතු වු 5% කොටස්ද විකුණා දමන ලදි.මෙම කාලයේ බෙන්ස් කොතරම් සිත්තැවුලෙන් සිටියේද කියතොත් ඔහුගේ නිර්මාණද අතරමග නවතා දමන ලදි.

පසුව ඔහු විසින් 1883 දි ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට අයත් පාපැදි අලුත්වැඩියා කරන ස්ථානයක මිතුරන් දෙදෙනා වු මැක්ස් රෝස් සහා ෆෙඩ්‍රික් විල්හෙම් හා එක්ව කාර්මික යන්ත්‍ර නිපදවන සමාගමක් ආරම්භ කරන ලදි.එය Benz & Company Rheinische Gasmotorenfabrik (Benz & Cie) නමින් ආරම්භ විය.එය කෙටි කාලයක් තුල සාර්ථක ව්‍යාපාරයක් බවට පත්වු අතර සේවකයන් 25 දෙනකු පමණ එහි සේවයේ නිරත විය.පසුව ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසා ඔවුන් ගෑස් එන්ජිමක් නිපදවිම ආරම්භ කරන ලදි.මෙම කර්‍යට යොමු විමත් සමගම එදා පාපැදියේ යන ව්විට බෙන්ස් දුටු මිනිස් බලය රහිත ස්වයංක්‍රිය වාහනයේ සිහිනය සැබැවක් විය.ඔහු පාපැදිවලට යොදා ගන්නා ආකාරයේ ස්පොක් කම්බි සහිත රොද රථයේ ඉදිරි හා පසුපස රෝද සදහා භාවිතා කල අතර four-stroke එන්ජිමක් මගින් පසුපස රෝද සදහා ජවය ලබා දෙන ලදි.පසුපස රෝද මගින් නිපදවු චාලක ශක්තිය දම්වැල් මගින් ඉදිරිපස රෝද වෙත ලබා දෙන ලදි.මෙහිදි බෙන්ස් යොදාගත් එන්ජිම ඔහගේ පලමු 2 stroke එන්ජිමට වඩා දියුනු එකක් විය.මෙහිදි රෙඩියෙටරය හා ඉන්ධන දහන පද්දතිය පලමු එන්ජිමට වඩා උසස් තත්වයේ පැවතිනි.එහි වැඩ 1885 නිම වු අතර එය ලොව ප්‍රථම මෝටර් රථය විය.මෙම මෝටර් රථය රෝද තුනකින් සමන්විත විය.බද කොටස වානේ වලින් සාදා තිබුන අතර ඉදිරිපස රෝදය හැසිරවිමට සුක්කානමක් සහිත විය.මෙහිදි ඉන්ධන ලෙස පෙට්‍රල් හෝ ගැසොලින් භාවිතා කල හැකි වු අතර ඉන්ධන දහනය සදහා බැටරියක් මගින් ආරෝපිත විද්යුත් පුලිගු ක්‍රමයක් භාවිතා විය.මෙහිදි පේටන්ට් බලපත්‍රය ලබා ගැනිම සදහා ඉදිරිපත් කල මොටර් රථයේ එන්ජිම  998cc අශ්වබල 0.8 ක එනම් වොට් 600 ජවයක් සහිත වු අතර උපරිම වේගය පැයට කිලෝමිටර් 16 විය.මෙම රථය සදහා පේටන්ට් බලපත්‍රය 1886 ජනවාරි 29 ලබාගත් අතර එහි ලියාපදිංචි අංකය DRP-37435 විය.1885 නිපදවු මාදිලිය තරමක් දුරට පාලනය අපහසු වු බැවින් ඔහු Motorwagen Model 2 මාදිලිය හදුන්වා දුන් අතර එය 1886 ග්‍රිෂ්ම කාලය ආරම්භයේ පලමු මාර්ග ධාවනය සිදු කරන ලදි.පසුව එය තවදුරටත් දියුනු කර Motorwagen Model 3 මාදිලියද නිපදවන ලදි,එය 1887 Paris Expo ප්‍රදර්ශනයේදිප්‍රදර්ශනය කරන ලදි.
කාර්ල් බෙන්ස් 1885 දි නිපදවු Motorwagen Model 1 ලොව පළමු මෝටර් රථය 

Friedrich von Fischer මහතා 

Motorwagen Model 3 හී සාර්ථකත්වය සමග කාර්ල් බෙන්ස් වානිජ වශයෙන් මෝටර් රථ නිපදවිමට පෙළබිනි ඒ අනුව 1888 දී Benz Patent Motorwagen නමින් නිපදවු මොටර් රථය වෙළදපොළ වෙත නිකුත් කරන ලදි.එය 1600cc අශ්වබල 0.75 ක ජවයකින් යුක්ත එන්ජිමක් සහිත වු අතර උපරිම වේගය පැයට කිලෝමිටර් 13 ක් (පැයට හැතැප්ම 8.1) විය.මෙම රථය ඉතා ජනප්‍රිය වු අතර කෙටි කලකින් ඉහල අලවියක් වාර්තා විය.බෙන්ස් මෝටර් රථය පිලිබද සොයා බැලිමේදි ඉතාම විශේෂ සන්ධිස්ථානයක් ලෙස බර්තා බෙන්ස් තම සැමියා නිපදවු මෝටර් රථය යොදාගෙන Mannheim සිට Pforzheim දක්වා තම මව බැලීමට ගිය ගමන වැදගත් වේ.එහිදි එතෙක් මොටර් රථයට පැවති අඩුපාඩු කිහිපයක් පිලිබදව සොයාගැනිමට හැකි විය.එම ගමනේදි බර්තා බෙන්ස්ට හමුවු මාර්ගාය කදු,බැවුම් සහිත මාර්ගයක් විය.එම ගමන සිදු වුයේ කර්ල් බෙන්ස්වත් නොදැන වන අතර 1888 අගෝස්තු 5 වන දින උදැසන ඉයුගන් හා රිචඩ් බෙන්ස් සමග ඇය කිලෝමිටර 106 ක (සැතපුම් 66) ගමන ආරම්භ කරන ලදි.එහිදි කදු නැගිමේදි යම් අපහසුතාවක් ඇති වු අතර තවත් ගියරයක් අවශ්‍ය බව බර්තාට එමගින් වැටහිනි.එසේම අතරමග වූ බෑවුමක ගමන් කරන විට සිදුවු ලිස්සා යාමක් නිසා තිරිංග හා රෝදය අතරට තිරිංග පලු යෙදිම මගින් එය වලක්වා ගත හැකි බව බර්තාට අවබෝධ වු අතර එහිදි ඇය අතරමැද විදියක සිටි සපත්තු සාදන්නෙකුගෙන් ලබාගත් රලු ලෙදර් පලු තිරිංග හා රෝද අතරට යොදා එය නිවැරදි කරගන්නා ලදි.මෙම ගමන අවසානයේ බර්තා තාමා සොයාගත් අඩුපාඩු සියල්ල තම සැමියාට විදුලි පණිවිඩයක් මගින් ලබා දුන් අතර එමගින් බෙන්ස්ගේ මොටර් රථවල තත්වයද ඉහල ගිය අතර බර්තාගේ ගමනේ පුවත නිසා මොටර් රථයේ  ජනප්‍රියතාව ඉහල යන ලදි.එම නිසා 1889-1893 කාලය තුල මෝටර් රථ විශාල ප්‍රමානයක් අලවි විය.1889 වන විට සේවකයන් 50 පමන සිටි බෙන්ස්ගේ Benz & Cie ආයතනයේ 1893 වන විට සේවකයින් 430 සේවයේ නිරත විය.මොවුන් 1886 සිට 1899 දක්වා මෝටර් රථ 572 අලවි කර තිබුනි.සමාගම විශාල විමත් සමගම එය කොටස් සහිත හවුල් සමාගමක් බවට පත් වු අතර එහි කොටස්කරුවන් විමට විදේශයක සිටි Friedrich von Fischer සහා Julius Ganb පැමිණි අතර Friedrich von Fischer මුදල් අංශයේ ප්‍රධානියා ලෙසද,Julius Ganb අලවි ප්‍රවර්ධන අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන ලදි.බෙන්ස්ගේ තනි පුද්ගල රිය ජනප්‍රිය වීම නිසා Benz & Cie සමාගම බෙන්ස් වෙත යෝජනා කලේ අඩු මුදලකින් වැඩි ඉඩක් සහිත රියක් නිර්මාණය කරන ලෙසයි.ඒ අනුව අශ්වබල 3 ක ජවයක් සහිත එන්ජිමක් ඇතිව පැයට කිලෝමිටර් 18 ක වේගයක් සහිත වික්ටෝරියා රථය නිපදවන ලදි.එය දෙදෙනකුට ගමන් කලහැකි රියක් විය.එය සාර්ථක නිර්මානයක් වු අතර 1893 පමණක් රථ 85 අලවි විය.
Blitzen Benz රේසින් මෝටර් රිය
කර්ල් සහා බර්තා බෙන්ස් 1893 නිපදවු Victoria රථයක නැගි ගමන් කරන ආකාරය

කර්ල් බෙන්ස් නිපදවු Benz Velo රථය යොදාගෙන ලොව පලමු මොටර් රථ ධාවන තරගය 1894 දි පැවැත්වු අතර එමිල් රොජර් එහි ජයග්‍රහකයා විය.ඔහු කිලෝමිටර් 126 පැය 10 මිනිත්තු 1 කින් සමාන්‍ය වේගය පැයට කිලෝමිටර් 12.7 සහිතව නිම කරන ලදි.එසේම බෙන්ස් සොයාගත් බස් එන්ජිම නිසා ලොකයේ මගි ප්‍රවහනයට බස් රථ නිපදවිම ආරම්භ විය.
ලොව ප්‍රථම මෝටර් රථ තරගාවලියට යොදාගත් Benz Velo රථය


බෙන්ස් සමාගම 1909 වකවානුවේ තම
වාහන සදහා භාවිතා කල ලාංඡනය
බෙන්ස්ගේ velo රථය ලන්ඩන් හී ප්‍රදර්ශනය කල අවස්තාවක්
1896 දී කාර්ල් බෙන්ස් විසින් ලොව ප්‍රථම පැතලි එන්ජිම නිර්මාණය කර ඒ සදහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදි.මෙම එන්ජිමේ වැඩි දියුණුකල එන්ජින් වර්තමානයේ අධිවේගි සුපිරි මොටර් රථ වල මෙන්ම අධ්වේගි මෝටර් බයිසිකල් වලද  භාවිතා වේ.1900 පමණ වන විට Daimler Motoren Gesellschaft (DMG) ආයතනයෙන් Benz & Cie සමාගමට ප්‍රබල අභියෝගයක් එල්ල වු අතර ඔවුන්ගේ Mercedes-35hp එන්ජිම වඩා ප්‍රබල එන්ජිමක් විය.1903 දි කාර්ල් බෙන්ස් උපරිම වේගය පැයට කිලෝමිටර් 60 ක උපරිම වේගයක් සහිත මෝටර් රථයක් නිපදවිය.1903 ජනවාරි 24 දින කාර්ල් බෙන්ස් Benz & Cie සමාගමේ මොටර් රථ සැලසුම් අංශයෙන් ඉවත් විය.පසුව ඔහුගේ දරුවන් වු ඉයුගන් සහ රිචඩ් ද සමාගමේ වාගකිම් වලින් ඉවත් විය.නමුත් පසුව රිචඩ් බෙන්ස් සමාගමේ මගි වාහන සැලසුම්කරු ලෙස 1904 දි නැවත සේවයට පැමිණුනි.එම වසරේ (1904) දි Benz & Cie සමාගම වාහන 3480 නිපදවා අලවිකර තිබුනි.කර්ල් බෙන්ස් සහා ඉයුගන් බෙන්ස් Benz & Cie සමාගමෙන් ඉවත් වු පසු පෞද්ගලිකව ආරම්භ කල Benz Söhn සමාගම සමග බෙන්ස් පසුව තම නිෂ්පාදන කටයුතු සිදු කරන ලදි.පසුව බෙන්ස් දිගින් දිගටම නිපැයුම් කල අතර සමාගම් වල ඇති වු විවිධ මූල්‍යමය ගැටලු හා තාක්ෂණික දැනුම සම්බන්ධ ගැටලු නිසා DMG සමාගම සහා බෙන්ස්ගේ සමාගම හා එක්ව 1926 ජුනි මස 28 දින ලොව වර්තමානය වනවිට මෝටර් රථ නිපදවීමේ ප්‍රමුඛයකු වන Mercedes Benz සමාගම ආරම්භ කරන ලදි.1929 අප්‍රේල් 4 දින කාර්ල් බෙන්ස් Ladenburg හි ඔහුගේ නිවසේදි මරණයට පත්වු අතර 1944 මැයි 5 දින බර්තා බෙන්ස් මරණයට පත් විය.පසුව බෙන්ස්ගේ Ladenburg නිවසේ ඔහුගේ පවුලේ සාමාජිකයන් වසර 30 පමණ ජිවත් වු අතර පසුව එම නිවස Gottlieb Daimler and Karl Benz Foundatioක් වෙත ලබා දුනි.මෙලෙස ලොවට සේවයක් කල පුද්ගලයා වෙනුවෙන් ජර්මනියේ ස්මාරකයක් තනා ඇති අතර කාර්ල් බෙන්ස් නොවන්නට අපට මෝටර් රථය තවමත් සිහිනයක් වෙන්නට තිබුනි.

බෙන්ස් වෙනුවෙන් ජර්මනියේ තැනු ස්මාරකය 

බෙන්ස්ගේ නිවස 

No comments:

Post a Comment