Tuesday, October 28, 2014

කොලොම්බියා ෂටල අනතුර


කලබලකාරි කතා විලාසයක්."අපේ යානය අනතුරක.අප කටයුතු කලයුතු වන්නේ කෙසේ ද?",මේ සිදුවන්නේ කුමක්ද? මෙම පණිවිඩ නසා ආයතනයට ලැබෙන්නට පටන් ගත්තේ ඇයි? එදා මෙදා තුල සිදු වු අප කා අතරත් සදා අමරණීය අභයාවකශ අනතුර වන්නේ 2003 වසරේ ඇමරිකානු ෂටල යානවක් වු කොලොම්බියා ෂටලය අනතුරට පත්වීමයි.කොලොම්බියා යානය අනතුරට පත් වන අකරය සහා එම මොහොතේ ගගනගාමින් පෘථිවිය සමග කල පණිවිඩ හුවමරු ඉහත විඩියොවෙන් දැක්වේ. 

STS-01 මෙහෙයුම දියත් කිරිමේ කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය 


කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය අවසන් කණ්ඩායම  Rick Husband ,
William C. McCool, Kalpana Chawla, Laurel Clark සහා Ilan Ramon,David M. Brown පිරිස මෙහෙයුම අතරතුර 
අභ්‍යවකාශ ෂටලය තුල ලබාගත් ඡායාරූපයකි 

ඇමරිකා එක්සත් ජනපදය විසින් 1972 ජුලි මස 26 දින වැඩ අරම්භ කොට 1981 අප්‍රේල් මස 12 වන දින ඇමරිකවේ එඩ්වඩ් ගුවන් හමුදා මධ්‍යස්ථානයේ සිට තම මංගල ගමන වු STS-01 මෙහෙයුම අරම්භ කල මෙම යානය අභයාවකශ මෙහෙයුම් 28 කට සහභාගිවි අභයාවකශයේ දින 300 පැය 17 මිනිත්තු 44 තත්පර 22 ගත කොට ඇත.මෙම යනාව විනශ වන විට ගමන් කල මුලු දුර සැතපුම් 125,204,911 හෙවත් කිලෝමීටර් 201,497,772 විය.මෙම යානය අභයවකශගාමින් 160 දෙනකු අභ්‍යවකාශයට රැගෙන ගොස් ඇත.බරින් කිලෝග්‍රෑම් 3600 වු මෙම යානාව OV-102 නමින් නාසා ආයතනය නම් කොට තිබුනි.කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය STS – 107 නම්  මෙහෙයුමේදී මෙම ඉරණමට මුහුණදුන්නද පසුව දියත් කිරිමට නසා අයතනය STS-118 සහා  STS-121 යන මෙහෙයුම් සැලසුම් කොට තිබුනි.STS – 107 මෙහෙයුමේදී අණ දෙන නිලධාරි ලෙස Rick Husband මහතාත් William C. McCool මහතා ගුවන් නියමුවා ලෙසත් මෙහෙයුම් විශේෂඥ වරුන් ලෙස Kalpana Chawla,Laurel Clark සහා Ilan Ramon යන නිලධාරින් කටයුතු කල අතර දෙවන අණදෙන නිලධාරි ලෙස David M. Brown මහතා කටයුතු කරන ලදි.මොවුන් අභ්‍යවකාශ තරණය පිලිබඳ හසල දැනුමක් ඇති අය විය.

කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය මෙම ඛේදවාචකයට ලක්වුණේ 2003 පෙබරවාරි පළමුවන දින ෂටලය පෘථිවි වායු ගෝලයට ඇතුළු වන මොහොතේදීය. ටෙක්සාස්හි ඉහළ අහසේදී කොටස්වලට වෙන් වූ අතර එහි වූ ගගනගාමීන් සත් දෙනාම මරණයට පත් විය.

Arlington ජාතික සුසාන භූමියේ ඇති කොලොම්බියා 
ස්මරකය
කොළොම්බියා ඛේදවාචකයට හේතුව වූයේ දියත් කිරීමේදී සිදුවූ හානියකි. එහිදී “රයිට් බයිහෙඩ් ෆෝම් රෑම්ප්” නමින් හැඳින්වෙන කුඩා (බ්‍රීෆ් කේසයක විශාලත්වය ගත්) ෆෝම් පරිවාරකයක් අභ්‍යාවකාශ ෂටලයේ බාහිර ටැංකියෙන් (ප්‍රධාන ඉන්ධන ටැංකිය) වායුගතික බල හේතුවෙන් කැඩී වෙන්වීය. එහි සුන්බුන් දකුණු තටුවේ පිටදාරයේ අංක 7 දරණ වැර ගැන්වූ කාබන් - කාබන් පියන මත වැදුණු අතර එය ෂටලයේ තාප පරිවාරක පද්ධතියට හානි කළේය. (TPS) කොළොම්බියා කක්ෂ ගතව සිටියදීම සමහර ඉන්ජිනේරුවන් මෙම හානිය ගැන සැක කළද නාසා කළමණාකරුවෝ භූමිය මතදී පරීක්ෂණ කටයුතු සීමා කළ නිසා ගැටළුව සොයා ගත්තද කළ හැකිව තිබූ දේ අල්පය.


කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය 
නාසා ෂටල ආරක්ෂක රේගුලාසි මගින් බාහිර ටැංකි පෙණ වැගිරීම හා පසුව සිදුවන සුන් බුන් ෂටලයේ ගැටීම ආදිය දියත් කිරීමට පෙර තීරණය කළ යුතු ආරක්ෂක ඵලයක් බව සඳහන් වුවද ඉන්ජිනේරුවන්ගේ අසාර්ථක “පෙරන වැගිරීම් ගැටළුව” අධ්‍යයන නිසා නිරතුරුවම මෙවැනි දියත් කිරීම් සිදුවේ. ෂටල දියත් කිරීම් වැඩි ප්‍රමාණයක මෙවැනි පෙණ වැගිරීම් හා තාප පියන සිරීමකට ලක්වීම් (ආරක්ෂක රේගුලාසි උල්ලංගනය වන ආකාරයට) වාර්තා විය. STS-107 හි ආගමනයේදී මෙම හානි වූ පෙදෙස උණුසුම් වායුවලට තටුවල අන්තර්ගතයට ඇතුළු වීමට හා එහි ආකෘතිය විනාශ කිරීමට ඉඩ ලබා දුණි. මෙය අවසානයේදී ෂටලයේ විනාශයට හේතු විය. ටෙක්සාස්, ලුසියානා, අකන්සාස් ප්‍රාන්තවල සිදුකෙරුණු අති විශාල භූමි පරීක්ෂාවන් මගින් ගගනගාමීන්ගේ ශේෂයන් හා ෂටල සුන්බුන් විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.කොළොම්බියානු හදිසි අනතුරු පරීක්ෂා කිරීමේ මණ්ඩලය (Columbia Accident Investigation Board) විසින් නිකුත් කරන ලද නිර්දේශයන් තාක්ෂණික හා සංවිධානාත්මක යන අංශ දෙකටම බලපෑවේය. අභ්‍යවකා‍ශ ෂටල වැඩසටහන අවුරුදු දෙකකින් පසුබෑමකට ලක්වූ අතර මෙය සැසැඳිය හැක්කේ “චැලෙන්ජර් ඛේදවාචකය” නිසා සිදුවූ ප්‍රමාදය සමග පමණි. මෙයට සමගාමීව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගොඩනැගීම් කටයුතුවලට ද නැවතීමේ තිත තැබුණු අතර එයට STS – 114 තෙක් රුසියානු ෆෙඩරල් අභ්‍යාවකාශ ඒජන්සිය මත, ගගනගාමීන් මාරුකිරීම හා ද්‍රව්‍ය සැපයීම සම්පූර්ණයෙන්ම රඳා පැවතිණි.
කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය ගුවනේ විනාශ වු අකාරය 
කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය ගුවනේ විනාශ වු අකාරය 
Kalpana Chawla කොලොම්බියා යානය තුල ගමන් කරමින් 
කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය අවසන් කණ්ඩායම

No comments:

Post a Comment